IMG-LOGO

2025 මැයි මස 14 වන බදාදා


අගමැතිනියගේ අණින් කැපුණු සෙනෙට් මන්ත්‍රී මණ්ඩලය

 

1940 දශකයේ මුල් කාලයේ සිට එවකට මෙහි පැවැති දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් බොහොමයක් මෙරටට නිදහස ඉල්ලා එංගලන්ත ආණ්ඩුව වෙත දැඩි ලෙස බලපෑම් කර තිබුණහ. ඒ අනුව එංගලන්ත ආණ්ඩුවට ඒ පිළිබඳව නොසලකා සිටීමට නොහැකි වූයේ අපේ අසල්වැසි රට වන ඉන්දියාවට ඩොමිනියන් තත්ත්වය ප්‍රදානය කිරීමට ඒ වනවිටත් එංගලන්තය තීරණය කර තිබූ බැවිනි. ඒ හැර ඉකුත් දෙවැනි ලෝක සංග්‍රාමයේ දී මිත්‍ර පාක්ෂික හමුදාවන්ට ශ්‍රී ලංකාවේ ස්වදේශීය නායකයන්ගෙන් ලැබුණු සහයෝගය එංගලන්ත ආණ්ඩුවේ පැසසුමට ලක් වී තිබුණේය. එහි ඊළඟ ප්‍රතිඵලය වූයේ ඒ පිළිබඳව සොයා බැලීම සඳහා සෝල්බරි සාමිවාරයේ ප්‍රධානත්වයෙන් යුත් කොමිසමක් මෙරටට එවීමට එංගලන්ත ආණ්ඩුව තීරණය කිරීමයි.


සෝල්බරි කොමිසම රටේ බොහෝ පළාත්වල සංචාරය කරමින් සහ සාක්‍ෂි විභාග කරමින් ඒ සඳහා අවශ්‍ය තොරතුරු රැස් කළේය. ඒ අනුව ඔවුන් විසින් සැකසූ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා යෝජනාවලිය 1945 වසරේ ජූලි මාසයේ දී ප්‍රකාශයට පත් කරන ලද්දේ එංගලන්ත ආණ්ඩුවේ ද පූර්ව අනුමැතියට යටත්වය.


එංගලන්තයේ පවතින වෙස්ට් මිනිස්ටර් සම්ප්‍රදායට අනුව සැකසුණු නව යෝජනාවලිය යටතේ අභිනව පාර්ලිමේන්තුවක් සෝල්බරි කොමිසම විසින් මෙරටට හඳුන්වා දී තිබූ අතර ඊට අමතරව සෙනෙට් මන්ත්‍රී මණ්ඩලයක් ඊට ඇතුළත් විය.


ඊට පෙර 1931 දී පත්වූ ඩොනමෝර් කොමිසම මගින් පිහිටුවා තිබූ රාජ්‍ය මන්ත්‍රණ සභා ක්‍රමය එමගින් අවලංගු කෙරිණි. අනතුරුව අභිනවයෙන් හඳුන්වා දෙන ලද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනීම සඳහා වූ මහ මැතිවරණය 1947 ජූලි මස 23 සිට අගෝස්තු 20දා දක්වා වූ දින 19ක් පුරා පැවැත්විණි. එවර ඡන්දය පවත්වන ලද්දේ 1931 දී ඩොනමෝර් කොමිසම මගින් හඳුන්වා දෙන ලද සර්වජන ඡන්ද ක්‍රමයට අනුවය. එහිදී ඡන්ද කොට්ඨාස 89ක් සඳහා මන්ත්‍රීවරුන් 95 දෙනෙක් තෝරා ගැනිණි. එසේ වූයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු සහ තිදෙනෙකු බැගින් තෝරා ගැනුණු බහුඡන්ද කොට්ඨාස 5ක් ඊට ඇතුළත් වූ බැවිනි.


එවර පැවැති මහ මැතිවරණයෙන් මන්ත්‍රි ධුර 42ක් ලබාගත් එජාපය ආණ්ඩු බලය දිනා ගෙන තිබුණේය. එහිදී මෙරට ජනතාව අතරින් වැඩි දෙනෙකුට තරමක ප්‍රශ්නයක් වූයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට අමතරව මහජන ඡන්දයෙන් තෝරා නොගැනෙන සෙනෙට් මන්ත්‍රී මණ්ඩලයක් පිහිටුවිය යුතුයැයි සෝල්බරි සාමිවරයා යෝජනා කර තිබීමයි.
හැබෑටම ඡන්දයෙන් පත්කර නොගැනෙන සෙනෙට් මන්ත්‍රී මණ්ඩලයක් මොනවට ද පත්කෙරුවේ...?යි ඇසූ වැඩි දෙනෙකුගේ පිළිගැනීම වූයේ එය අනවශ්‍ය ලෙස රජයේ මුදල් කාබාසිනියා කෙරෙන සුදු අලියකු ලෙසිනි. එහෙත් සෝල්බරි කොමිසම එවැන්නක් නිර්දේශ කර තිබුණේ එංගලන්තයේ සාමි මන්ත්‍රී මණ්ඩලයට අනුරූපවය.
“මේ රටේ ජනතාව දැන් ස්වයං පාලනයක එළිපත්ත මතයි ඉන්නේ. ඒත් ඔවුන්ට දේශපාලන අත්දැකීම් අඩුයි. ඒ නිසා නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට තේරී පත්වන මන්ත්‍රීවරුන් ඇතුළු කැබිනට් මණ්ඩලය හදිසි දේශපාලන තීන්දු තීරණ ගැනීමේ ප්‍රවණතාව වැඩියි. අන්න ඒ තත්ත්වය යම්තාක් දුරකට හෝ සීමා කරන්නයි. සෝල්බරි කොමිසම සෙනෙට් මණ්ඩලයක් පිහිටුවනු ලැබුවේ....” කී අග්‍රාමාත්‍ය ඩී.එස්. සේනානායක මහතාගේ පිළිගැනීම වූයේ එය කාලෝචිත පියවරක් බවය.


සෙනෙට් මන්ත්‍රී මණ්ඩලයේ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 30කි. එයින් 15ක් තෝරා ගැනුණේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ මන්ත්‍රීවරුන් අතරිනි. ඉතිරි 15 දෙනා ආණ්ඩුකාරවරයා විසින් පත්කරන ලදී. නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට අයත් නිල කාලය වසර 5කි. මැතිනියගේ රජය උනන්දුවක් දැක් වූ පනතකට සෙනෙට් සභාවේ අනුමැතිය ලබා නොදීමෙන් එම පාලනයට නොයෙක් විට අවහිර කිරීමක් නිසා පාරිලිමේන්තුවේ සම්මත කරන ලද පනතකින් සෙනෙට් මණ්ඩලය අහෝසි කිරීමට එම රජය කටයුතු කළේය.
සෙනෙට් මන්ත්‍රී මණ්ඩලයේ නිල කාලය වසර 9ක් විය. එහෙත් එම සංඛ්‍යාවෙන් තුනෙන් එකක් සෑම වසර 3කටම වරක් අස්ව යා යුතු විය. ඔවුන් කවුරුන් විය යුතුදැයි තෝරා ගැනුණේ කුසපත් ඇදීමෙනි.


මේ අතර කැබිනට් මණ්ඩලයට අයත් අධිකරණ ඇමැතිවරයා තෝරා ගත යුත්තේ සෙනෙට් මන්ත්‍රීවරුන් අතරින් යැයි නීතියක් ද සෝල්බරි සාමිවරයා විසින් පනවා තිබුණේය. ඔහු එවැනි පියවරක් ගෙන තිබුණේ අධිකරණ අමාත්‍ය ධුරය නිර්දේශපාලනය කිරීමේ පියවරක් වශයෙනි. එහෙත් එහිදී සෝල්බරි සාමිවරයා බලාපොරොත්තු වූ අන්දමේ අපක්‍ෂපාතිත්වයක් එම අධිකරණ ඇමැතිවරුන් වෙතින් දිස් නොවීය.


මේ අතර තවත් ටික කාලයක් ගතවන විට සෙනෙට් මන්ත්‍රී මණ්ඩලය බලයට පත්වූ ආණ්ඩුවේ විවිධ අණ පනත් ප්‍රමාද කෙරෙන ස්වභාවයක් පෙන්නුම් කළේය. එය සෝල්බරි සාමිවරයා කිසිම අවස්ථාවක බලාපොරොත්තු නොවූ සිද්ධියක් විය. එසේ වූයේ කලින් කලට බලයට පත්වන ආණ්ඩු මගින් පත්කරන ලද ඇතැම් සෙනෙට් මන්ත්‍රීවරුන් දේශපාලන වාද භේද මුල් කරගෙන ප්‍රතිවාදී ආණ්ඩු මගින් සෙනෙට් මන්ත්‍රී මණ්ඩලයේ අනුමැතිය සඳහා යැවෙන බොහොමයක් අණපනත් හිතාමතාම ප්‍රමාද කිරීමේ ස්වභාවයක් විද්‍යමාන වූ බැවිනි.


විශේෂයෙන්ම 1956 දී පත්වූ ශ්‍රීලනිප ආණ්ඩුව සෙනෙට් මන්ත්‍රී මණ්ඩලයේ අනවශ්‍ය ප්‍රමාද කිරීම්වලින් බහුල වශයෙන් බැට කෑවේය. ඒ අනුව සෙනෙට් මන්ත්‍රී මණ්ඩලයේ එවැනි ක්‍රියාකාරකම් නිසා 1956 දී සහ 1960 ජූලි මාසයේදී පත් වූ ශ්‍රීලනිප ආණ්ඩුවලට නොයෙක් සම්බාධක ඇති විය


එසේ වුවද 1960 ජූලි මාසයේ පැවැති මහ මැතිවරණයෙන් ජයගත් ශ්‍රීලනිපයට සෙනෙට් මන්ත්‍රී මණ්ඩලය නිසා ලොකු වාසියක් සැලසී  තිබුණේය. එනම් කිසිදු මැතිවරණ කොට්ඨාසයක් සඳහා තරග නොකර සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියට එම ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය ධුරය දැරීම සඳහා අවශ්‍ය නීතිමය පිටිවහල සෙනෙට් මණ්ඩලය වෙතින් හිමිවීමයි.


ඒ අනුව බණ්ඩාරනායක මැතිනිය 1960 ජූලි මාසයේ සිට 1965 දක්වා වූ කාලය තුළ මෙරට අග්‍රාමාත්‍ය ධුරය උසුලනු ලැබුවේ සෙනෙට් මණ්ඩලයේ මන්ත්‍රීවරියක වශයෙනි.
කෙසේ වෙතත් බණ්ඩාරනායක මැතිනියට එහිදී සක්සුදක් සේ පෙනී ගිය කරුණක් වූයේ සෙනෙට් මණ්ඩලය මගින් රටේ ප්‍රගතියට අදාළව සිදුවන සේවය ගැන මොනම අයුරකින්වත් සෑහීමකට පත්වීමට නොහැකි බවයි.


එමෙන්ම 1972.5.22 දින සිට ක්‍රියාත්මක වූ දෙවැනි ජනරජ ව්‍යවස්ථාවටද සෙනෙට් සභාව ගැන කිසිදු නීතිමය ප්‍රතිපාදනයක් ඇතුළත් නොකළ නිසා එය දිගටම අහෝසි වී ගියේය.


රුක්මනී ජයතිලක
ඡායාරූපය අන්තර්ජාලයෙනි



අදහස් (0)

අගමැතිනියගේ අණින් කැපුණු සෙනෙට් මන්ත්‍රී මණ්ඩලය

ඔබේ අදහස් එවන්න

 

 
 

Diyatha News

රට රත් කළ ඇඟ බද්ද
2020 මාර්තු මස 28 12501 3

අද ලංකාවේ හැමදාම හැම තැනම විවිධ ඉල්ලීම් දිනා ගැනීම සඳහා පොදු ජනතාව මෙන්ම රාජ්‍ය සේවකයින් ද වැඩ වර්ජන හා උද්ඝෝෂණ පවත්වති. ඔවුන්ගේ මේ උද්ඝෝෂණ වලින් වැඩි


ජේ.ආර්.ගෙන් ඇන්.ඇම්.ට චරිත සහතිකයක්
2020 මාර්තු මස 14 6920 1

මිත්‍රවරුනි දේශපාලනය සඳහා තිබිය යුතු ලොකුම සුදුසුකම් දෙක තමයි බුද්ධිය හා අත්දැකීම්. හොරුන්ට මැරයන්ට දේශපාලනය කරන්න බෑ. මේ පාර යටියන්තොට ආසනේට පෙරේරල


ප්‍රභාකරන්​ගේ පළමු උණ්ඩයට බිලිවූ යාපා පටුනේ පළමු පුරවැසියා
2020 මාර්තු මස 14 14640 1

දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය (LTTE) විමුක්තිය උද‌ාකර ගැනීම සඳහා තෝරා ගෙන තිබුණු ඝාතන සංස්කෘතියේ පළමු බිල්ල වූයේ දෙමළ ජාතිකයෙකි. ඔහු එවකට අගමැතිනි සි


බත් දුන් පියා නූලෙන් දිවි ගලවා ගත් හැටි
2020 මාර්තු මස 14 15112 4

ලංකාවේ දෙවැනි අගමැති ඔහුය. ඔහුගේ පියා ලංකාවේ ප්‍රථම අගමැතිය. ඔහු තුන් වරක් ලංකාවේ අගමැති ධුරය හෙබවූවේය. 1911 වසරේ ඉපදී 1973 දී එනම් 62 හැවිරිදි වියේදී මියගිය ත


ජෝන්ට ඇටවූ මර උගුල්
2020 මාර්තු මස 14 2899 0

කුල භේදය සම්බන්ධයෙන් උගුරට හොරා බෙහෙත් බීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළ ජෝන් කොතලාවලට තවත් වරක් අපූරු ඇබැද්දියක් සිදුව තිබේ. වරක් ඔහුට ආධාර කළ උසස් යැය


මැතිසබය ගෙදර යැවීමේ පුරාණයෙන්
2020 මාර්තු මස 14 486 0

පසුගිය නොවැම්බර මස 16 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජයග්‍රහණය ලැබීමෙන් පසුව මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරයට පත්කර රජයක් පිහිට


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1296 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1542 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 400 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site