IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


අගමැති ඩඞ්ලි පුදුම කරවීම

ගිරාඹේ ආනන්ද නාහිමි-කතා පෙළ- 04

 

භික්ෂු බලමණ්ඩලයේ වගකීම් භාරගත් ගිරාඹේ ආනන්ද නාහිමි 1965 මහ මැතිවරණයට මහ නුවර දිස්ත්‍රික්කයේ භික්ෂුන් සංවිධානය කළ අයුරු ඉකුත් සතියේදි සඳහන් කළෙමි. වෝඞ් පෙදෙසේ දී ජේ. ආර්. ජයවර්ධන මහතා හමුවී 65 මහ මැතිවරණයෙන් එජාප මහනුවර දිස්ත්‍රික්කයේ ආසන 12ක් දිනන බවට තර්ක කළ ගිරාඹේ ආනන්ද හිමියෝ අවසානයේ ඔහුට අභියෝග කළහ.

“එහෙම නම් හාමුදුරුවනේ ලංකාවේ විපක්ෂයක් ඉතුරුවෙන්නේ නෑනේ. කොහේ දිනුවත් කොත්මලෙන් දිනන්නේ නෑ”


ජේ. ආර්. ගේ. තර්කය විය. කොත්මලේ නොදිනුවොත් තමා ප්‍රසිද්ධියේ සිවුරු හැර යන බව හාමුදුරුවෝ කීහ.


හාමුදුරුවන්ගේ ඉල්ලීමට බුද්ධිමත්ව සවන් දුන් ජේ. ආර්. ඔහුගේ ලේකම් දොස්තර එම්. ඩී. වී පීරිස් මහතාට දුරකථනයෙන් කතාකර “සාරානන්දේ පොඩි හාමුදුරුවෝ එනවා. උන්වහන්සේ ඉල්ලන දෙයක් දෙන්නැ” යි කීවේ ය.


හිමියෝ පීරිස් මහතා හමුවට ගියෝය. “මොකද්ද හාමුදුරුවනේ මගෙන් වෙන්න ඕනෑ” වෛද්‍ය පීරිස් ඇසුවේය.


හේවා හැටට ඩැනියෙල් අප්පුහාමි ඉන්නේ. එයාට රුපියල් 25,000 කුයි කාර් එකකුයි දෙන්න ඕනෑ.


ගලගෙදරට ඉල්ලන ටිකිරි බණ්ඩාටත් විසිපන් දාහකුයි කාර් එකකුයි දෙන්න ඕනෑ. ඒ දෙකම කොත්මලේට තරගකරන රණතුංගටත් දෙන්න ඕනෑ.” හාමුදුරුවෝ කීහ.


“බ්‍රහස්පතින්දා එන්න. වාහන තුනයි සල්ලියි අරන් යන්න පීරිස් කීය. කටයුතු එලෙසම සිදුවිය.


ඒ අතර මහනුවර එජාප කලමනාකරණ මණ්ඩල සභාපති වෛද්‍ය සී. ජේ. ප්‍රනාන්දු ද උදව් ඉල්ලුවේය. හිමියෝ ඒ මහතාටද වෛද්‍ය පීරිස්ට කතාකර වාහනයක් හා රුපියල් විසිපන්දාහක් ඉල්ලා දුන්හ. ඒ වන විට සෙලින්කෝ සමාගම හිමි ජස්ටින් කොතලාවල මහතා සිටියේ ඉලංගරත්න මහතා සමග දැඩි කෝපයෙනි. හේතුව ඉලංගරත්න මහතාගේ ජනසතු කිරීමේ පිළිවෙත නිසා කොතලාවලගේ ව්‍යාපාර අහිමි වීමයි.


එවර ඉලංගරත්න පැරදවීමට නම් ඔහුට එරෙහිව කටයුතු කරන සාරානන්ද පන්සලේ පොඩි හාමුදුරුවන් හමුවිය යුතු බවට තීරණය කර සිටි කොතලාවල මහතාගේ සේවකයෙක් හිමියන් සොයා ආවේය.


හිමියන් සොයා ආ සේවකයා “අපේ හාමු මහත්තයාට ඔබ වහන්සේ හමුවෙන්න ඕනෑ කීවා” යි පණිවිඩය කීවේ ය.


පසු දිනක හිමියෝ කොතලාවල මහතා සොයා වැඩම කළහ.  ඔබ වහන්සේද ඉලංගරත්නට විරුද්ධ පාර්ශවයෙන් වැඩ කරන්නේ? මං ඕනැ උදව්වක් කරනවා.


මගේ කෑගල්ලේ ගොඩනැගිල්ල විවෘත කරලා මාස තුනයි. ඒක ආණ්ඩුවට ගත්තා. මම ඉලංගරත්නට විරුද්ධව වැඩ කරන කෙනෙකුට දෙන්න රුපියල් ලක්ෂයක් වෙන්කරලා තිබෙන්නේ” යි ඔහු කීවේය.


“ලක්ෂයක් අවශ්‍ය නෑ. වාහන දෙකකුයි විසිපන්දාහකුයි දෙන්න, ඩැනියෙල් අප්පුහාමිට.


අපට ගන්න බැරි දෙමළ ඡන්ද 2893ක් තිබෙනවා. ඒක ගන්න ඒ සංගමයේ සභාපති දොස්තර සෙබස්තියන්පිල්ලේ මහත්තයට සල්ලි ඕනෑ කීවා. එහෙම කරන්න. එහෙම කළොත් අනිවාර්යෙන්ම ඉලංගරත්න පරදිනවා” යි පොඩි හාමුදුරුවෝ පැවැසූහ.


මැතිවරණය මහනුවරින් උණුසුම් විය.


කී ලෙසම ජයග්‍රහණය අත්විය. එජාපය නව ආණ්ඩුවක් පිහිටෙව්වේය. ජස්ටින් කොතලාවල අතිශයින්ම සන්තෝෂ වුණේය. ඔහු පෙරළා පොඩි හාමුදුරුවන්ව සොයා ආවේය. පොඩි හාමුදුරුවන්ට මම කොළඹින් පන්සලක් හදලා පූජා කරනවා” යි හේ කීවේය. එහෙත් සුමාන දෙකකට පසු හෘදයාබාධයකින් ජස්ටින් කොතලාවල මිය ගියේය.


ඩඞ්ලි අගමැති විය. හාමුදුරුවන්ගේ අභියෝගයට පරාද වූ පක්ෂ උපනායක ජේ. ආර්. රාජ්‍ය ඇමති විය.


වැඩ භාරගෙන මුලින්ම දළදා වහන්සේ වන්දනා කර එදින රාත්‍රී භෝජන සංග්‍රහයට එක්වූ එම පළාතේ සියලු මැති ඇමතිවරු මැතිවරණ  ජයග්‍රහණය ගැන කතාකරන්නට වූහ. සාරානන්ද පංසල නොතිබෙන්නට මේ ජයග්‍රහණය අත් නොවන බව මන්ත්‍රීවරු නායකයන්ට පෙන්වා දුන්හ.

එදාම රාත්‍රී 10.30ට ඩඞ්ලි අගමැති සාරානන්ද විහාරයේ නායක හිමියන්ට කතා කර හෙට උදේ 10ට අපි ඔබ වහන්සේලා බැහැ දැකලා ස්තුති කර යන්න එනවා. සූදානමක් අවශ්‍ය නෑ” යි කීවේය.
ගුණරතන නායක හිමියෝ පිරිවෙණේ සිටින සියලු ගිහි පැවිදි පාර්ශවයන් රාත්‍රීම කැඳවා” දැන් ආණ්ඩුව යූ.ඇන්.පී. තමුන්නාන්සේලා මොන මත දැරුවත් කමක් නෑ. මං විරුද්ධ නෑ. හෙට උදේ වෙද්දි ආණ්ඩුවේ නායකයින් එනවා. මෙතන සුද්ධ කරලා සරසලා ලෑස්ති කරන්න ඕනෑ.” යි උපදෙස් දුන් සේක.


එළිවෙද්දී මහා අභිමානවත් උත්සවයක් සූදානම් වී තිබිණි. භික්ෂූන් පමණක් පන්සීය නමකි. ඒ සඳහා රාත්‍රීම විශේෂ පුද්ගලික බස් රථ සේවාවක් යෙදවීමට ගිරාඹේ ආනන්ද හිමි කටයුතු කර තිබිණි. තොරණ බැඳ, අවට සරසා අලංකාරව, හේවිසි වාදන මැද මහ පෙරහැරකින් අගමැතිව පිළිගෙන වේදිකාවට ගොඩ කෙරිණි. ඩඞ්ලි අගමැති පුදුම විය.


උත්සවයේ දී ඩඞ්ලි කතාව ඇරඹීය. මාස ගණනක් සංවිධානය කරලා කරන්න ඕන උත්සවයක් ඊයේ මහ රෑ කියාපු කෙටි පණිවිඬේට මේ තරම් මහා දැවැන්ත උත්සවයක් විදියට කොහොම සංවිධානය කළා ද මට තේරෙන්නේ නෑ” යි කීවේය. ජේ. ආර්. කතාකරමින් මහනුවර ආසන 14න් 12ක් දිනන බව කීවේ මෙහෙ පොඩි හාමුදුරුවෝ. අපි විශ්වාස කළේ නෑ.


ඒත් 12ම දිනුවා. කොත්මලේත් දිනුවා. පක්ෂයට උන් වහන්සේ කළ කැපවීම ගැන අප අනේක වාරයක් ස්තුති කරනවා. සාමාන්‍ය සම්ප්‍රදාය මාළිගාව වැඳලා මල්වතු අස්ගිරි පන්සල් වැඳලා ඉන්පසු අනෙක් තැන් වලට යාම. ඒත් මේ පාර අපි දිනලා දළදා මාළිගාව වැන්දාට පස්සේ සම්ප්‍රදාය කැඩුවා. මුලින්ම ආවේ සාරානන්ද පන්සලට. ඒ කෘතගුණය සලකන්නයි ප්‍රකාශ කළේ ය.


එදා නායකයින්ගේ තිබූ විශේෂ ගුණය නම් අඩුපාඩුවක් කී විට ඊට කන්දීම බවත් අද නායකයින්ට වැරදි ඇත්තේ වැදගත් යමක් කී විට පිළි නොගැනීම යැයි මේ සිද්ධිය ඇසුරින් ගිරාඹේ ආනන්ද නායක හිමියෝ පෙන්වා දෙති.

 

 

 

 

 

 

අනුරාධපුර - සරත් මනුල වික්‍රම



අදහස් (0)

අගමැති ඩඞ්ලි පුදුම කරවීම

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 687 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 553 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 448 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site