IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


විජේවීරගේ ‘බොඩි ගාඞ්’ට අවි පුහුණුව

ජවිපෙට එරෙහිව රළ ගැසූ “නව ප්‍රවණතාව”-03

 

වතුදුර යසරත්න ද සිල්වා නඩුවේ 2 වැනි විත්තිකරුය. ඩබ්ලිව්. වයි ද සිල්වා නමින් හැඳින්විණි. අම්බලන්ගොඩ බටපොල උපන්නෙකි. අම්පාරේ පදිංචිකරුවෙකි. සිව්දරු පියෙකි. යන්ත්‍රෝපකරණ දෙපාර්තමේන්තුවේ ලිපිකරුවෙකු වශයෙන් සේවය කරමින් සිටියදී එහි වෘත්තීය සමිතියේ සභාපතිවරයා විය. සම සමාජ පක්ෂයේ ක්‍රියාකාරිකයෙකු වූ ඔහු පසුව 70 දශකය අගභාගයේ දී ජවිපෙට එක්විය. කොළඹ සංවර්ධන සභාවට ජවිපෙන් 1981 තරඟ කළ අපේක්ෂකයෙකි. ජවිපෙ නව ප්‍රවණතාවයේ ආරම්භක ක්‍රියාකාරිකයෙකි. ප්ලොට් සමඟ වව්නියාවේ සාකච්ඡාවට එක්විය. නඩුවෙන් නිදහස්වීමෙන් පසු යළිත් සම සමාජයට එක්වී ඉන් ඉවත් විය.

 

සුබසිංහ මුදියන්සේලාගේ කුමාරසිංහ නඩුවේ 3 වැනි විත්තිකරුය. කිරි මහත්තයා හෙවත් වව්නියාවේ කුමාර නමින්ද හැඳින්විණි. වව්නියාව මඩුකන්දේ පදිංචිකරුවෙකි. රෝහණ විජේවීරගේ පෞද්ගලික ආරක්ෂකයෙකු වශයෙන් කලක් කටයුතු කළේය. ප්ලොට් සංවිධානය යටතේ ඉන්දියාවේ අවි පුහුණුව ලැබූවෙකි. ජවිපෙ නව ප්‍රවණතාවය සහ ප්ලොට් සමඟ වව්නියාවේ සාකච්ඡාවට එක් වූ අතර එය සම්බන්ධීකරණය කළේද ඔහුය. නිදහස්වීමෙන් පසු ඊ.පී.ආර්.එල්.එෆ් සංවිධානයේ ද කලක් සිටි කුමාරසිංහ පසුව ඩග්ලස් දේවානන්දගේ ඊ.පී.ඩී.පී පක්ෂයේ පූර්ණකාලිනයෙකු විය. භාෂා ත්‍රිත්වයේම දැනුම ඇත්තෙකි. වර්තමානයේ බිරිඳ සහ දරුවා සමඟ බි්‍රතාන්‍යයේ පදිංචිය.


මාලිගරත්නගේ අබේකෝන් නඩුවේ 4 වැනි විත්තිකරුය. රුවන් නමින්ද හැඳින්විණි. මහනුවර උපන්නෙකි. දක්ෂ චිත්‍ර ශිල්පියෙකි. පූර්ණකාලීනයෙකු වශයෙන් ජවිපෙට 70 දශකයේ මැදභාගයේ දී එක්විය. රත්මලාන ආසනයේ ජවිපෙ සංවිධායකව සිට ජවිපෙ තහනමින් පසු ජවිපෙ නව ප්‍රවණතාවයට බැඳිණි. නව ප්‍රවණතාවය සහ ප්ලොට් සමඟ වව්නියාවේ සාකච්ඡාවට එක්විය. රත්මලාන පදිංචි තිදරු පියෙකි. වෘත්තීය කලාකරුවෙකි.


තත්ත්‍රිඅච්චි පින්නවලගේ සුසිල් කරුණාරත්න නඩුවේ 8 වැනි විත්තිකරුය. 71 අප්‍රේල් කැරැල්ලට සම්බන්ධව වසර 2 ක් සිරගතව සිටියේය. පුත්තලම සිමෙන්ති කම්හලේ හිටපු ලිපිකරුවෙකි. කෑගල්ලේ පදිංචිය, ජවිපෙ තහනම් වන විට හම්බන්තොට ජවිපෙට අයත් අක්කර 100කට ආසන්න ආණ්ඩුවේ ඉඩමක පිහිටි නිල නොවන ගොවිපොළේ භාරකරුය.


නව ප්‍රවණතාවයේ ආයුධ කිහිපයක් ගබඩා කරගෙන තිබුණේ ඔහු භාරකරු වූ පැපිලියානේ ලී මෝලේය. දෙදරු පියෙකි. 2012 දී අභාවයට පත්විය. 


චිරත්ත ඉන්ද්‍රජිත් වීරවර්ධන නඩුවේ 15 වැනි විත්තිකරුය. රත්ගම කහව උපන් අතර අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලෙන් අධ්‍යාපනය ලැබීය. අත්අඩංගුවට ගත්තේ 1986 අගෝස්තු 18 ය. මොරටු සරසවියේ ඉංජිනේරු උපාධිය පසුව නිමාකර වර්තමානයේ ඕස්ටේ්‍රලියාවේ පර්ත් නුවර ජීවත්වන ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවරයෙකි.

 

ජවිපෙ නව ප්‍රවණතාවයේ නායක ගීනගේ චන්ද්‍රසිරි සිය මිතුරන් පිරිසක් සමඟ 2010 ජනවාරි රාජගිරියේදී, රතු රවුමෙන් දක්වා ඇත්තේ ඔහුය.

 

ආජරත්නම් ශ්‍රී ස්කන්ධරාජා නඩුවේ 16 වැනි විත්තිකරුය. බම්බල් නමින්ද හැඳින්විණි. ජවිපෙ යාපනය දිසාවේ සංවිධායකයකු වශයෙන් 1977 සිට 1983 දක්වා කටයුතු කිරීමෙන් පසු ජවිපෙ නව ප්‍රවණතාවය සහ ප්ලොට් සමඟ වවුනියාවේ සාකච්ඡාවට එක්විය. මඩකළපුවේ පදිංචිකරුවෙකි. වර්තමානයේ ඇමරිකාවේ පදිංචිය. අත්තනායක මුදියන්සේලාගේ ජයරත්න බණ්ඩා නඩුවේ 17 වැනි විත්තිකරුය. කුරුණෑගල මලියදේව විදුහලේ අධ්‍යාපනය ලැබූවෙකි. මාවතගම ජවිපෙ හිටපු ක්‍රියාකාරිකයෙකි. වෘත්තියෙන් ගුරුවරයෙකි. ලංකා ගුරු සංගමයේ කුරුණෑගල හිටපු දිස්ත්‍රික් ලේකම්ය. ජවිපෙ වෘත්තීය අංශයේ 1976 සිට 1983 දක්වා කටයුතු කළේය. විශ්‍රාම ගියේ කලාප අධ්‍යාපන විදුහල්පති උපදේශකවරයෙකු වශයෙනි. 


ලන්තුවාහැන්දි සැම්සන් ද සිල්වා නඩුවේ 18 වැනි විත්තිකරුය. ගුණසේකර හෙවත් ගුණේ නමින්ද හැඳින්විණි. පිළියන්දල පදිංචිකරුවෙකි. ගල්කිස්ස හෝටලයේ සේවකයෙකු වශයෙන් සිට ජවිපෙ හරහා නව ප්‍රවණතාවයට එක්විය. ව්‍යාපාරයට මුදල් රැස්කිරීමේදී 1985 ජුනි 30 මහනුවර තැන්නකුඹුරේ මංකොල්ලයේදී පොලිස් අත් අඩංගුවට පත්විය. වල්ගම්පොලගේ රවීන්ද්‍ර පද්මසිරි පෙරේරා නඩුවේ 19 වැනි විත්තිකරුය. රත්මලාන ජවිපෙ හිටපු සංවිධායකවරයෙකි. පසුව ජවිපෙ නව ප්‍රවණතාවයට එක්විය. වර්තමානයේ ව්‍යාපාරිකයෙකි. කොන්ගානිගේ සුසිල් ගාමිණී නඩුවේ 20 වැනි විත්තිකරුය. හලාවත පදිංචිකරුවෙකි. ලංගම රියැදුරෙකු වශයෙන් කටයුතු කළේය. ප්‍රා සංවිධානයේ සම නායකයාව සිටි තුයිහන්දියේ සරත් සිල්වාගේ හිතවතෙකි. හීනැටිගල පතිරණගේ ගාමිණී නඩුවේ 22 වැනි විත්තිකරුය. කළු මල්ලී නමින්ද හැඳින්විණි. ජවිපෙ හිටපු ක්‍රියාකාරිකයෙකි. රාජගිරිය ඔබේසේකරපුර පදිංචිකරුවෙකි. විදුලි කාර්මිකයෙකු මෙන්ම රියැදුරෙකි. 1976 සිට ජවිපෙ ක්‍රියාකාරිකයෙකුව සිට 1983 ඉවත්ව ජවිපෙ නව ප්‍රවණතාවයට අරමුදල් රැස්කිරීමේ අරමුණින් මහනුවර තැන්නකුඹුර ඉන්ධන පිරවුම්හල 1985 ජුනි 30 කොල්ලකෑමෙන් අනතුරුව පොලිසිය සමඟ ඇති වූ වෙඩි හුවමාරුවේදී සියතින්ම පිස්තෝලයෙන් මුහුණට වෙඩි තබා ගැනීමෙන් බරපතළ තුවාල ලබා එක් ඇසක් අහිමි විය.


අර්ඞ්ලි ෆ්‍රැන්සිස් ද වාස් තිලකරත්න නඩුවේ 23 වැනි විත්තිකරුය. වාස් තිලකරත්න හෙවත් සුනිල් ජයරත්න නමින්ද හැඳින්විණි. වඩුමස්තිගේ තිස්ස උදයකුමාර නඩුවේ 24 වැනි විත්තිකරුය. මඩකළපුවේ උපන් දෙදරු පියෙකු වූ ඔහු එරාවුර් සිංහල විද්‍යාලයේ අධ්‍යාපනය ලැබීය. උඩුගම්පොල පදිංචිකරුවෙකි. වෘත්තියෙන් ගොවියෙකි. ජවිපෙ පූර්ණකාලීනයෙකු ලෙස දීර්ඝ කලක් මඩකළපුවේ කටයුතු කළේය.


ඉනුහාමි මුදියන්සේලාගේ රම්බණ්ඩා නඩුවේ 26 වැනි විත්තිකරුය. මහව ගල්ගමුවේ පදිංචිකරුවෙකි. ලංගම කාර්මික නිලධාරියෙකු ලෙස උතුරු ඩිපෝවේ සේවය කළේය. ජවිපෙ ගල්ගමුව ආසනයේ සංවිධායක වූ ඔහු පසුව නව ප්‍රවණතාවයට එක්විය.

 

 



අදහස් (0)

විජේවීරගේ ‘බොඩි ගාඞ්’ට අවි පුහුණුව

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31151 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13286 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10955 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 53 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 888 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 268 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site