IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


මැද මුලන මහ ගෙදර ලොකු අයියාගේ කතාව

 

ද කුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගිරුවාපත්තුවේ රාජපක්ෂ පවුල යනු දේශපාලන විජිතයෙහි ඓතිහාසික සලකුණු තැබූවෝය. ඩොනමෝර් ආණ්ඩුක්‍රමය යටතේ 1936 දී රාජ්‍ය මන්ත්‍රණ සභාවට පිවිසි දොන් මැතිව් රාජපක්ෂගෙන් ඇරඹුණු ඒ දේශපාලන ගමන වසර හැත්තෑවක් ගතවෙද්දී රාජපක්ෂ පුත්‍රයකු රාජ්‍ය නායකත්වයෙහි අභිෂේක කරන්නට තරම් බලවත් වනු ඇතැයි එදා කිසිවෙක් නොසිතන්නට ඇත. මහින්ද රාජපක්ෂ නම් ඒ රුහුණු පුත්‍රයා ගැන ලෝකයක් කතා කළ ද මහින්ද පරම්පරාවෙන් දේශපාලනයට අතපොත් තබන්නට වරම් ලද චරිතය දේශපාලන සාහිත්‍යයෙහි අකුරු අතරට නොපැමිණි තරම්ය. ඒ, රාජපක්ෂ පවුලේ ලොකු අයියා වූ චමල් රාජපක්ෂ මිස අන් කවරෙකුවත් නොවේ. අද සිට මෙසේ පෙළගැසෙන්නේ බොහෝ දෙනෙකු නොදන්නා රාජපක්ෂ පවුලේ ලොකු අයියාගේ දේශපාලන ජීවිතයයි.


රුහුණු පුරවරට අතිවිශාල සේවයක් කළ ඩී. ඒ. රාජපක්ෂ මැතිතුමාට සහ දන්දිනා සමරසිංහ මැතිනියගේ ජ්‍යෙෂ්ඨ පුත්‍රයා ලෙසින් චමල් රාජපක්ෂයන් උපත ලැබුවේ 1942 ඔක්තෝබර් 30 වැනිදාය. ගාල්ල රිච්මන්ඞ් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ තරුණ චමල් තම පළමු රැකියාව ලෙසින් තෝරාගත්තේ පොලිස් සේවයයි. රාජපක්ෂ පරම්පරාවේ දෙවන ප්‍රමුඛයා වූ චමල් රාජපක්ෂ උප පොලිස් පරීක්ෂකයවරයකු ලෙස 1964 දී පොලිස් සේවයට එක්වූයේ ඒ අනුවය. අවුරුදු අටක් පොලිස් සේවයේ කටයුතු කළ චමල් රාජපක්ෂ පසුව රජයේ වාණිජ හා විවිධ නීතිගත සංස්ථාවේ සාමාන්‍යාධිකාරි ධූරයට ද පත් විය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායිකා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියත් ටී. බී. ඉලංගරත්න, මෛත්‍රිපාල සේනානායක, ජෝජ් රාජපක්ෂ යන ජ්‍යෙෂ්ඨයන්ගෙන් ද 1970 මහමැතිවරණයට ශ්‍රීලනිපයෙන් බෙලිඅත්ත ආසනයට තරග කිරීමට මුල්වරට ඉල්ලීමක් කෙරුණේ රාජපක්ෂ පවුලේ ලොකු අයියා වන චමල් රාජපක්ෂටය. එහෙත් ඒ වනවිට චමල් රාජපක්ෂ මහතා කටයුතු කළේ රාජ්‍ය සේවයේය. එනිසා රාජ්‍ය සේවක චමල් තමාට ලද අවස්ථාව පිරිනැමුවේ තම කනිටු සොයුරු මහින්දටය. 

 

 


ඉන් වසර පහක ඇවෑමෙන් ජෝජ් රාජපක්ෂ මහතාගේ මරණයෙන් පසුව 1975 දී ප්‍රදේශවාසීන්ගෙන් නැවතත් ඉල්ලීමක් ලැබුණු අතර පක්ෂයේ මධ්‍යම කාරක සභාවට ද චමල් රාජපක්ෂ මහතාගේ නම යෝජනා විය. ඒ වනවිට චමල් රාජපක්ෂ මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ලැබී තිබිණි. කෙසේ වෙතත් එම අවස්ථාව නැවත හිමිවුණේ දිස්ත්‍රික්කයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයකු වූ ලක්ෂ්මන් රාජපක්ෂටය. ඉන් දශකයක ඇවෑමෙන් මුල්කිරිගලට අතුරු මැතිවරණයක් එන්නේ මේ අතරේය. ඒ 1985 යි. ඒ වනවිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිටියේ එක්සත් ජාතික පක්ෂයේ ඒකාධිකාරී දූෂිත හා ප්‍රචණ්ඩකාරී මැතිවරණවලට තරග නොකළ යුතුය යන දැඩි තීන්දුවේය. එවැනි තීන්දුවක් ගෙන තිබියදී පවා චමල් රාජපක්ෂ නමැති චරිතය තරග කරන්නේ නම් පක්ෂය සිටියේ ඊට ඉඩ ප්‍රස්ථාව දිය යුතුය යන සුවිශේෂී තීරණයේය. 


එදා මැර බලයත් නිලධාරි බලයත් යොදා මැතිවරණය ජයගන්නට එක්සත් ජාතික පක්ෂයට හැකි විය. එහෙත් ඉන් වසර හතරක ඇවෑමෙන් ඊට ප්‍රජාතන්ත්‍රවාදයෙන් පිළිතුරු දුන් චමල් රාජපක්ෂ එතැන් පටන් දශක තුනක කාලයක් තිස්සේ පාර්ලිමේන්තුව නියෝජනය කළේ අඛණ්ඩවය.


1994 දී කෘෂිකර්ම හා ඉඩම් නියෝජ්‍ය ඇමැතිවරයා ලෙසත් පසුව 2000 දී වරාය හා දක්ෂිණ සංවර්ධන නියෝජ්‍ය ඇමැතිවරයා ලෙසත් 2005 දී කෘෂිකර්ම සංවර්ධන නියෝජ්‍ය ඇමැතිවරයා ලෙසත් 2009 දී වැවිලි කර්මාන්ත නියෝජ්‍ය ඇමැතිවරයා ලෙසත් කටයුතු කළ චමල් රාජපක්ෂ මහතා මව්ආර, වෙහෙරගල, වේලිඔය, මැණික් ගඟ වෙහෙරගල, උමා ඔය, දැදුරු ඔය, කැකිරිඕබඩ, රඹුක්කන්ඔය, යාන්ඔය යන වාරි ව්‍යාපෘති ආරම්භ කර ක්‍රියාවට නැංවීමට පෙරමුණගෙන ක්‍රියා කළේය. හම්බන්තොට දිසා රෝහල, නව හෙද විදුහල, නව අධිකරණ සංකීර්ණය, මාගම්පුර කෘෂි තාක්ෂණික හා ග්‍රාමීය විද්‍යා ආයතනය, සුචී ජාතික පාසල, බෙලිඅත්ත රුහුණු විජයබා පාසල, හම්බන්තොට ධීවර වරාය, මිරිජ්ජවිල උද්භිද උද්‍යානය ආදී වශයෙන් රුහුණු පුරවරයටත් ඉන් නොනැවතී ජාතික වශයෙන් සමස්ත දිවයිනටත් ඔහු සිදු කළ සේවය අමිලය. නිහඬය. මෙතැන් සිට පෙරළෙන්නේ ඒ නිහඬ දේශපාලන චරිතයේ අනුස්මරණීය මතක පොතය. 

 

 

 


චමල් රාජපක්ෂ දේශපාලනයේ නොමැකෙන සංධිස්ථාන


● 1985 මුල්ගිරිගල අතුරු මැතිවරණයට ඉදිරිපත් වී දේශපාලනයට පිවිසීම
● 1989 මහ මැතිවරණයෙන් ජය ලබා හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත්වීම
● 1994 පැවැති මහ මැතිවරණයට තිස්සමහාරාම මැතිවරණ කොට්ඨාසයෙන් ඉදිරිපත්වී විශිෂ්ට ජයක් ලබා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස නැවත පත්වීම
● 1998 කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය ධූරයේ වැඩ බාරගැනීම
● 2000 වර්ෂයේදී දක්ෂිණ හා වරාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දීම
● 2001 නොවැම්බර් මහ මැතිවරණයේ නැවතත් විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත්වීම
● 2004 මහ මැතිවරණයේ පොදුජන එක්සත් පෙරමුණ ආණ්ඩුවේ වැවිලි කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය ධූරයේ වැඩ බාරගැනීම
● 2005 ජනාධිපතිවරණයෙන් පසු කෘෂිකර්ම සංවර්ධන අමාත්‍ය ධූරයේ දිවුරුම්දීම
● 2005 හම්බන්තොට දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති ලෙස පත්වීම
● 2006 වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍ය ධූරයේ දිවුරුම් දීම
● 2007 වරාය හා ගුවන් සේවා අමාත්‍ය ධූරයේ දිවුරුම් දීම
● 2010 කතානායක පදවියේ දිවුරුම් දීම

 

 

ධාරා අබේගුණවර්ධන
ඡායාරූප අන්තර්ජාලයෙනි



අදහස් (0)

මැද මුලන මහ ගෙදර ලොකු අයියාගේ කතාව

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 563 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 119 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 325 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site