
දි. මු. ජයරත්න
මේ මා ලියන්නේ ශ්‍රීලනිපයේ 13 වැනි සාමාජිකයා, ශ්‍රී ලංකාවේ 14 වැනි අගමැතිවරයා වීමේ කතාන්දරය නොවේ. ගම්පොළ දොළුවේ තැපැල් මහත්තයා ශ්‍රී ලංකාවේ පාලන තන්ත්‍රයෙහි අංක දෙක හිමිකර ගැනීමේ සිද්ධිය ගැනද නොවේ. 1977 මහ මැතිවරණයේදී ශ්‍රීලනිපය ආසන 8 ට බැස්ස විට ගම්පොළ ආසනයේ යූ.ඇන්.පි.යේ ඩබ්ලිව්. පී. බී. දිසානායකට පරාද වූ දිසානායක මුදියන්සේලාගේ ජයරත්න හෙවත් දි. මු. ජයරත්නගේ චරිතාපදානයද නොවේ.
2005 වර්ෂයේ සිට පුරා වසර 5 ක් තිස්සේ මහින්ද රාජපක්ෂ ජනපති හමුවෙහි අගමැති තනතුරේ දිව්රුම් දීම සඳහා සූට් මසාගෙන සිටියත් විවිධ හේතූන් නිසා එය වැළකී ගොස් 2010 අප්‍රේල් 21 වැනිදා අවසානයේදී එම අවස්ථාව උදාකරගත් ගම්පොළ ගඩාපි හෙවත් දි. මු. ජයරත්නගේ ජීවිතයේ අමතක නොවන සිද්ධියකි මේ.
එල්ලුම්ගහට නොගොස් ජීවිතය බේරාගත් ශ්‍රී ලංකාවේ එකම අගමැති මේ කියන දි. මු. ය. තැපැල් මහත්තයෙකු වූ ඔහු 2004 අගෝස්තු 8 වැනිදා සිට 2007 සැප්තැම්බර් 6 වැනිදා දක්වා තැපැල් ඇමති වශයෙන් සේවය කිරීම සුවිශේෂ සිද්ධියකි. උප තැපැල් මහත්තයා තැපැල් සේවයේ අංක එක දරන තනතුර ලැබුවේ මෙසේය.
2019 නොවැම්බර් 19 වැනිදා ඔහු මියයන විට ඔහුගේ වයස අවුරුදු 88 කි. 2015 ජනවාරි 9 වැනිදා මෛත්‍රී ජනපති රනිල් අගමැති තනතුරට පත් කළේය. ඊට එරෙහිව ඒ වනවිට අගමැති තනතුර හෙබවූ දිමු තම මිතුරා වූ මෛත්‍රී ජනපති සමග හැප්පී වාද කරගෙන ගම්පොළට ගියේය.
1977 ජූලි 21 වැනිදා පැවැත්වූ මහ මැතිවරණයේදී ජේ. ආර්. ගේ යූඇන්පිය මුළු රටෙන්ම ඡන්ද ලක්ෂ 32 ක් ලබාගෙන මන්ත්‍රී ආසන 140 ක් දිනා ගත්තේය. සිරිමාවෝ මැතිනියගේ ශ්‍රීලනිපය ලබාගත්තේ ඡන්ද ලක්ෂ 18 කි. දිනාගත්තේ ආසන 8 ක් පමණකි. ප්‍රථම වරට අමිර්තලිංගම්ගේ ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ ආසන 18 ක් දිනාගෙන, ඡන්ද ලක්ෂ 4 ට මදක් වැඩියෙන් හිමිකරගෙන පාර්ලිමේන්තුවේ විපක්ෂය බවට පත්වූයේ මේ මැතිවරණයේදීය.
මේ මැතිවරණයදා රාත්‍රියේදී දිමුගේ ගම්පොළ දොළුවේ පිහිටි නිවස විරුද්ධවාදීහූ වැටලූහ. ගේට්ටුව කඩාගෙන තම වත්තට ඇතුළුවූ යූඇන්පී ආධාර කරුවන්ට දිමු වෙඩි තබන්නට පටන්ගත්තේය. එක් අයෙකුට වෙඩි පහරක් වැදුණේය. වෙඩි වැදුණු පුද්ගලයා බිම ඇද වැටුණේය. දිමුගේ ගෙයි මිදුල පුරා රතු ලේ ගලා යන්නට පටන් ගත්තේය.
මැරයෝ වෙඩි වැදුණ පුද්ගලයා ඔසවා ගෙන රෝහල කරා ගියහ. කලබලය ඉන් අවසාන නොවීය. වහාම දිමු ජයරත්න පොලිස් අත්අඩංගුවට පත්විය. දිමුට මාස කීපයක්ම රිමාන්ඞ් භාරයේ සිටීමට සිදුවිය.
මාස කීපයකට පසු දිමුට එරෙහි මිනීමැරුම් නඩුව මහනුවර මහාධිකරණයෙහි විභාගයට ගනු ලැබීය. එදා රෑ දිමු තුවක්කුවෙන් වෙඩි තබන අයුරු තමන් සියැසින් දුටු බව සාක්ෂිකරුවෝ කීපදෙනෙක්ම උසාවිය හමුවෙහි සාක්ෂි දෙමින් කියා සිටියහ.
අද මෙන් එදා හයෙන් පහක බලයක් ලබාගෙන සිටි ජේ.ආර්. හෝ ඔහුගේ රජයේ කිසිවෙකු උසාවියේ විභාග වන නඩු වලට අතගැසුවේ නැත.
පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවට අනුව සාක්ෂිකරුවන් උසාවියෙහි කියා සිටි සාක්ෂි පරස්පර විරෝධී හෙවත් යථෝක්ත සිද්ධියට නොගැළපෙන බව හෙළිවිය. මියගිය තැනැත්තාට එල්ල වී තිබුණේ පිස්තෝල උණ්ඩයක් බව පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවෙහි සඳහන් වී තිබුණි. මේ අනුව සාක්ෂිකරුවන් පැවසූ අයුරින් දිමු තුවක්කුවකින් වෙඩි තැබුවා යන කියමන අසත්‍යයක් බව උසාවිය නිගමනය කළේය. එල්ලුම් ගසට නොගොස් දිමුට නිදහස ලැබුණේය.
දිමු තුවක්කුව එල්ල කරගෙන සිටියත් වෙඩි තබා ඇත්තේ තුවක්කුවේ බටයේ ගැටගසා තිබූ පිස්තෝලයකින් බව පසුව හෙළිවිය. ඒ වනවිට දිමු උසාවියෙන් නිදහස් වී අවසන්ය.
ඩබ්ලිව්. ජේ. ඇම්. ලොකු බණ්ඩාර වි. ජ. මු. ලොකු බණ්ඩාර වශයෙන් නම භාවිතා කළාක් මෙන් දිසානායක මුදියන්සේලාගේ ජයරත්න දි. මු. ජයරත්න වශයෙන් නම භාවිතා කිරීමට පටන්ගන්නේ ජනතාව අතර වඩාත් ජනප්‍රිය වීම සඳහාය.
සිරී හීන්පැල්ල
ඡායාරූප අන්තර්ජාලයෙනි
2025 දෙසැම්බර් මස 04
197
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
376
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
384
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
එල්ලුම් ගහෙන් නූලෙන් බේරුණ අගමැතිවරයෙක්