IMG-LOGO

2025 මැයි මස 14 වන බදාදා


ආණ්ඩුව කැලඹූ මරණ දැන්වීම

 

 

ඒ මරණ දැන්වීමකි. අදාළ ගාස්තු ගෙවා ලේක්හවුස් ආයතනයේ ඬේලි නිවුස් පුවත්පතේ පළ කිරීම සඳහා යොමු කරන ලද දේශපාලනිකවූ අවමංගල්‍ය දැන්වීමකි. එම ආන්දෝලනාත්මක දැන්වීම 1974 අප්‍රේල් 24 වැනි දින ඬේලි නිවුස් පුවත්පතේ පළවිය.


තම පුවත්පතේ පළවූ මරණ දැන්වීමේ යථාර්ථය වටහාගත් පසු උන්හිටිතැන් අමතකව ගිය ලේක්හවුස් බලධාරීහු වෙව්ලා ගියහ. වගකිව යුත්තන් ගේ කතුරට හසු නොවී මෙවැන්නක් පළවූයේ කෙසේදැයි ප්‍රශ්නයක්ද විය. එහි විපාකය පාලන තන්ත්‍රයේ ඉහළම හස්තය දක්වා විහිදිණි.


1970 බලයට පත්වූ සමගි පෙරමුණු තුන්හවුල් ආණ්ඩුව කෙරෙහි පැවති ජනතා විශ්වාසය මේ වනවිට වියැකී යමින් තිබිණ. ආණ්ඩුව මර්දනකාරී ක්‍රියා මාර්ග ගනිමින් රට ඒකාධිපතිත්වය කරා ගෙනයන බවට විපක්ෂය හඬ නැගීය. රෙදි පෝලිම්, පාන් පෝලිම් රට පුරා බිහිවිය. හාල් පොලු, මිරිස් පොලු විය. සතියට දින දෙකක් ආපනශාලාවල බත් තහනම් විය. අත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟ විය. රට ගොදුරු වෙමින් තිබූ ආර්ථික අර්බුදයට පිළියම් සොයා ආණ්ඩුව අඳුරේ අතපත ගෑවේය. මාධ්‍යයෙන් එල්ලවූ ප්‍රහාර හමුවේ ආණ්ඩුව දවස පුවත්පතට සීල් තැබුවේය. උද්ඝෝෂණ විරෝධතා මැඩ පැවැත්වීමට හදිසි නීතිය ක්‍රියාත්මක කරන ලදී.


ඉහත සඳහන් මරණ දැන්වීම ඬේලි නිවුස් පුවත්පතේ පළවූයේ රට තුළ පැවති මෙවන් වාතාවරණයක් මැදය. දෙබරයකට ගල් ගැසුවාක් මෙන් එය වැදිය යුතු තැනට වැදිණ. මේ එම මරණ දැන්වීමයි.

''O CRACY - THE DEATH OCCURRED UNDER TRAGIC CIRCUMSTANCES OF D.E.M.O CRACY, BELOVED HUSBAND OF T. RUTH, LOVING FATHER OF L.I. BERTIE BROTHER OF FAITH, HOPE AND JUSTITIA. INTERRED ON SATURDAY 20 TH INST- ARALIYA MEDURA, PANAGIYAWATTA, ANDURUWALA

 

වචනවල සිංහල අරුත

D.E.M.O CRACY -  DEMOCRACY - 

ප්‍රජාතන්ත්‍රවාදය
T. RUTH - TRUTH  - සත්‍යය
L.I. BERTY - LIBERTY  - නිදහස
FAITHය - අවංකත්වය
HOPE- විශ්වාසය
JUSTITIA  - යුක්තිය


සිංහල අනුවාදය


ඕ ක්‍රසී - ටී.රූත් (සත්‍යයේ) ආදරණීය ස්වාමිපුරුෂයාවූද එල්. අයි. බර්ටිගේ (නිදහස) ආදරණීය පියාවූද, ෆේත්, හෝප් හා ජස්ටිෂියාගේ (අවංකත්වය විශ්වාසය යුක්තිය) සහෝදරයා වූද ඉතා කනගාටුදායක ලෙස අභාවප්‍රාප්තවූ ප්‍රජාතන්ත්‍රවාදයේ (ඩී. ඊ. එම්. ඕ. ක්‍රෂී මහතාගේ) අවසන් කටයුතු 20 වෙනි සෙනසුරාදා හදිසියේම සිදු කරන්නට යෙදුණු බව දන්වා සිටිමු. අරලිය මැදුර, පනගියවත්ත අඳුරුවල.


අවසන් කටයුතු සිදුකළ අප්‍රේල් 20 වැනි දිනද විශේෂ දිනයක් විය. එනිසා එදිනම අවමංගල්‍ය සිදුකිරීමට යොදා ගත් බව පෙනේ. විපක්ෂය විසින් විරෝධතා සහ ආණ්ඩු විරෝධි රැස්වීම් 150 ක් පැවැත්වීමට අප්‍රියෙල් 20 දින යොදාගෙන තිබිණ. මෙම විරෝධතා හා ජනහමු 150 ආණ්ඩුව විසින් තහනම් කරන ලදී. ප්‍රජාතන්ත්‍රවාදයේ අවසන් ශේෂයද එම තහනමත් සමග විනාශවූ බව හැඟවීමට මරණයේ අවසන් කටයුතු අප්‍රියෙල් 20 දින සිදුකළ බව සඳහන් කිරීම තුළින් කියැවේ.


සිය ප්‍රවෘත්ති ලේකම්වරයා විසින් දන්වනලද ඬේලි නිවුස්හි පළවූ මරණ දැන්වීම පිළිබඳ පුවතින් අගමැතිනිය නොසන්සුන්ව සිටියාය. දැන්වීමේ වගකීම බාර ගැනීමට කිසිවෙකුද නැත. මේ නිසා ලේක්හවුස් බලධාරීහු එකිනෙකාට ඇඟිල්ල දිගු කරමින් සිටියහ. රට පුරා බෙදාහැර තිබූ මරණ දැන්වීම පළවූ ඬේලි නිවුස් පුවත්පත් එකතු කිරීමට මෙහෙයුමක් ක්‍රියාත්මක විය. මේ අපූරු දැන්වීම පළකර ඇතැයි සැකකර විදේශයන්හි සිට ගෙන්වන ලද පුවත්පත් හා සඟරා තහනම් කරන ලදී.


රාජ්‍ය සභාවේදී පවා මේ සිදුවීම පිළිබඳව ඇතිවූයේ උණුසුම් කතාබස්ය. පරීක්ෂණ කටයුතු රහස් පොලිසියට භාරවිය. අදාළ අවමංගල්‍ය දැන්වීම පිළිබඳව රට පුරා විවිධ අදහස් පළවූ අතර ආණ්ඩුවේ සිටි දැඩි මතධාරියෙකු හා දක්ෂිණාංශික ඇමතිවරයෙකු ලෙස හැඳින්වූ රාජ්‍ය පරිපාලන, පළාත් පාලන ස්වදේශ කටයුතු හා අධිකරණ ඇමති පීලික්ස් ඩයස් බණ්ඩාරනායක නිහඬ බවක් ඉසිලීය. දින කිහිපයකට පසු මෙතෙක් රැකි නිහඬ බව බිඳිමින් සැහැල්ලු ප්‍රකාශයක් කළේය.


“මෙරට පදිංචි අයිරිෂ් ජාතික ඕ. ඊ. එම්. ඕ. ක්‍රසී මහතා තවම ජීවතුන් අතර ඉන්නවා. රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයේදීත් 71 කැරැල්ලේදීත් ඔහු සිය ජීවිතය බේරා ගත්තේ අනූනවයෙන්. මම මගේ ආරක්ෂක නිලධාරී ධර්මදාස මහතාව දැන්වීමේ සඳහන්වූ ලිපිනයට යැව්වා. මම ඔහුට උපදෙස් දුන්නේ මේ මරණය සම්බන්ධව කරුණු හොඳින් පරික්ෂා කර බලා මට වාර්තාවක් ඉදිරිපත් කරන්නයි. ඔහු මට සිය වාර්තාව ඉදිරිපත් කරමින් කියා සිටියේ මෙවැනි මරණයක් සිදුවී නැති බවත්, ඕ ක්‍රසී මහතා වයස්ගත මුත් ඉතාමත් හොඳින් සනීපයෙන් සතුටින් පසුවෙන බවයි. මේ අවමංගල්‍ය දැන්වීම ජනතාව නොමග යවන රැවටිල්ලක් බවයි. ඒ වගේම එම දැන්වීමේ සඳහන් අනෙක් ඥාතීන්ද යහපත් ශරීර ශක්තියෙන් පසුවෙනවා. ඒ වුණත් මෙම දැන්වීම සම්බන්ධයෙන් තවදුරටත් සොයා බලනවා”


මෙම පිළිතුර විනෝදය ගෙනදුන් සැහැල්ලු කතාවක් ලෙස මැති සබය විසින් සලකන ලදී. නමුත් මරණ දැන්වීමේ යටි අරුත ජනතාවගෙන් සැඟවීමට නොහැකි විය. රහස් පොලිසියට සොයාගත හැකි වූයේ මරණ දැන්වීම වැල්ලවත්ත තැපැල් කාර්යාලය හරහා පුවත්පතට යොමුකර ඇති බව පමණි. මේ අතර එක්දිනක් පීලික්ස් බණ්ඩාරනායක ඇමතිවරයාගෙ නමට ජාතික රාජ්‍ය සභාව වෙත ලිපියක් යොමුවිය.


එම ලිපියේ සඳහන් වූයේ දෙහිවල ප්‍රදේශයේ පදිංචි වෛද්‍ය රයිල් ප්‍රනාන්දු මහතා විසින් මරණ දැන්වීමේ වගකීම භාරගත් බවයි. කිසිදු දේශපාලන පක්ෂයක හෝ මතවාදයක ගැත්තකු නොවූ ඔහු මෙම කදිම මරණ දැන්වීම නිර්මාණය කර පුවත්පතට යොමුකර තිබිණි.

 


ප්‍රශ්නය අවසන් වූයේ එලෙසිනි. ඒ එදා ය.

 

ගණේමුල්ල බුද්ධි බොල්ලත
ඡායාරූප අන්තර්ජාලයෙනි



අදහස් (0)

ආණ්ඩුව කැලඹූ මරණ දැන්වීම

ඔබේ අදහස් එවන්න

 

 
 

Diyatha News

රට රත් කළ ඇඟ බද්ද
2020 මාර්තු මස 28 12501 3

අද ලංකාවේ හැමදාම හැම තැනම විවිධ ඉල්ලීම් දිනා ගැනීම සඳහා පොදු ජනතාව මෙන්ම රාජ්‍ය සේවකයින් ද වැඩ වර්ජන හා උද්ඝෝෂණ පවත්වති. ඔවුන්ගේ මේ උද්ඝෝෂණ වලින් වැඩි


ජේ.ආර්.ගෙන් ඇන්.ඇම්.ට චරිත සහතිකයක්
2020 මාර්තු මස 14 6920 1

මිත්‍රවරුනි දේශපාලනය සඳහා තිබිය යුතු ලොකුම සුදුසුකම් දෙක තමයි බුද්ධිය හා අත්දැකීම්. හොරුන්ට මැරයන්ට දේශපාලනය කරන්න බෑ. මේ පාර යටියන්තොට ආසනේට පෙරේරල


ප්‍රභාකරන්​ගේ පළමු උණ්ඩයට බිලිවූ යාපා පටුනේ පළමු පුරවැසියා
2020 මාර්තු මස 14 14640 1

දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය (LTTE) විමුක්තිය උද‌ාකර ගැනීම සඳහා තෝරා ගෙන තිබුණු ඝාතන සංස්කෘතියේ පළමු බිල්ල වූයේ දෙමළ ජාතිකයෙකි. ඔහු එවකට අගමැතිනි සි


බත් දුන් පියා නූලෙන් දිවි ගලවා ගත් හැටි
2020 මාර්තු මස 14 15112 4

ලංකාවේ දෙවැනි අගමැති ඔහුය. ඔහුගේ පියා ලංකාවේ ප්‍රථම අගමැතිය. ඔහු තුන් වරක් ලංකාවේ අගමැති ධුරය හෙබවූවේය. 1911 වසරේ ඉපදී 1973 දී එනම් 62 හැවිරිදි වියේදී මියගිය ත


ජෝන්ට ඇටවූ මර උගුල්
2020 මාර්තු මස 14 2899 0

කුල භේදය සම්බන්ධයෙන් උගුරට හොරා බෙහෙත් බීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළ ජෝන් කොතලාවලට තවත් වරක් අපූරු ඇබැද්දියක් සිදුව තිබේ. වරක් ඔහුට ආධාර කළ උසස් යැය


මැතිසබය ගෙදර යැවීමේ පුරාණයෙන්
2020 මාර්තු මස 14 486 0

පසුගිය නොවැම්බර මස 16 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජයග්‍රහණය ලැබීමෙන් පසුව මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරයට පත්කර රජයක් පිහිට


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1298 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1545 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 400 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site