වලව්වක් අමු සොහොනක් කළ දේශපාලන ප්රහාරයක්
1988-89 යුගය මුළු රටම භීෂණය වෙළාගත් යුගයකි. රාජ්ය පාලනයක් තිබුණත් අරාජික පාලනයක් රටේ පැවැතිණි. සෑම තරාතිරමකම ජනතාව විසුවේ ජීවිතය පිළිබඳව අවිනිශ්චිතතාවයෙනි. නිරතුරුවම ඇසුවේත්, දුටුවේත් බාල, තරුණ, මහලූ, ගැහැනු, පිරිමි, දුප්පත්, පොහොසත් භෙදයක් නොමැතිව මිනිසුන් බල්ලන් හා බළලූන් සේ මරා දමා කානුවල හා බෝක්කුවල දමා තිබී හා ලයිට් කානුවල එල්ලා තිබී හමුවීම්ය. මේවා සමහරක් අන්තවාදී දේශපාලන පක්ෂයක ගිණුමට බැරවීය.