බණ්ඩාරනායක ඝාතනයේ යට ගිය කතා
මුළු රැයපුරා නිහඬව තිබූ නගරයට හිරු එළිය පතිතවත්ම, ක්රම ක්රමයෙන් කාර්ය බහුලවීමට පටන් ගත්තේය. කඩ සාප්පු විවෘත වූ අතර, ජනයා තම දෛනික කටයුතුවල නිරත වනු පිණිස වීදි ඔස්සේ ගමන් ඇරඹූහ. බස් රථ, මෝටර්කාර්, බයිසිකල් මහ මාර්ගවලට අවතීර්ණ විය. ඒ සිකුරාදා දිනයකි. නගරවාසීන්ටත්, පිට පළාත්වලින් රැකිරක්ෂාවලට පැමිණි ජනයාටත් එම දිනයේ විශේෂත්වයක් නොදුටුවාහුය.