ලෙයින් කඳුළෙන් ලියැවුණ සටනේ සටහන්
ගිලන් වූවන් ඉන් මුදවාලීමේ, ඔවුනගේ කයික, මානසික හා සමාජමය, සෞඛ්‍යය මනාව පවත්වාගෙන යාම වැනි බැරෑරුම් කර්තව්‍යයන් උදෙසා වසර පහකට වැඩි කාලයක් අති දුෂ්කර අධ්‍යයන පාඨමාලාවක යෙදෙන වෛද්‍ය ශිෂ්‍යයන් වන අපි අන් කවුරුවත් නොව, අව්වේ, වැස්සේ, අතුරේ, පලංචියේ දිවා රෑ නොබලා ගත වෙහෙසවන ඔබේ ම දූ දරුවන්, සොයුරු සොයුරියන් වන්නෙමු.