අපේ ඉඩම් සුද්දා කොල්ල කෑහැටි
1815 ඓතිහාසික උඩරට ගිවිසුම අනුව, සිංහල ද්වීපයේ පාලනය, ඉංග්‍රීසීන් වෙත පැවරුණු නමුත්, ශතවර්ෂාධික කාලයක් අවිච්ජින්නව පැවති හා භූක්ති විඳි නිදහස නැති වී යෑමේ තර්ජනය හමුවේ. උඩරට සිංහල නායකයන් දැඩි කනස්සලට පත්වී, ඉංග්‍රීසි පාලනයට විරුද්ධව යමින්, ස්වාධීන සිංහල රාජ්‍යයක් පිහිටුවීමේ ගිනි පුපුර, අවුළුවා ලීමට පටන් ගත්තේ, ජාත්‍යානුරාගයෙන් හා දේශානු රාගයෙන් මත් වෙමිනි.