ඇමැති බණ්ඩාරනායකට කාන්තාවකගෙන් “සද්දයක්” එක්සත් ජාතික පක්ෂයේ ගමන් මඟ ආලෝකමත් කිරීමට මහා යුග මෙහෙවරක් ඉටුකළ ගිරාඹේ ආනන්ද නාහිමියන්ට හා සාරානන්ද සඟ පරපුරට ධර්මපාලතුමා බුද්ධගයාව බේරාගත් සටනේ සිට යහපාලන ආණ්ඩුව බිහිකිරීම දක්වා සබඳතා පිරි අතීතයක් ඇත. ඒ ගැන ගිරාඹේ ආනන්ද නාහිමිගේ මතක සටහන් මෙසේ ය. 08 January 2018
මන්ත්‍රී නිවස්නයේ ගුටි බැට වෙඩි හඬ සහ අනඟ රැඟුම් මීට වසර සීයකටත් එපිට කාලයක දී එනම් 1913 දී කොළඹ කුරුඳුවත්ත ප්‍රදේශයේ ඉදිකෙරුණු ශ්‍රාවස්ති මන්දිරයේ මුල් හිමිකරුවා වූයේ එකල ප්‍රසිද්ධ දානපතියෙකු වූ දොස්තර ඩබ්ලිව්. ආතර් ද සිල්වා මහතාය. එහෙත් පසු කාලයක දී සිල්වා මහතා විසින් එහි හිමිකාරත්වය රජයට පවරා දෙනු ලැබීය. 07 January 2018
රට කැළඹූ රාජ්‍ය විරෝධි කුමන්ත්‍රණ ජනතාව විසින් පත්කරගන්නා ලද ආණ්ඩු බිඳදැමීමේ කුමන්ත්‍රණ පිළිබඳ විදෙස් රටවලින් මෙන්ම මෙරටින් ද ඕනෑ තරම් නිදසුන් වෙයි. මෙරට රාජ්‍ය ආණ්ඩු සමයේද රැජිනගේ ආණ්ඩු සමයේදී මෙන්ම විධායක ජනපති ආණ්ඩුසමයේද මෙවැනි දේශපාලන කුමන්ත්‍රණ ගැන තොරතුරු ලැබේ. 07 January 2018
මැර තර්ජන මැද ඡන්ද සටන ගම් සභාපති තරඟයට දින කිහිපයකට පෙර ගම්සභාවේ මන්ත්‍රීවරු 7 දෙනෙක් සමග අනුරාධපුර වන්දනාවේ යෑමට තීරණය කළා. මම පුංචි කාලේ ඉදලා ආගමට දහමට ළැදී නිසා මට මගේ අම්මාගෙන් ලැබුණ වටිනාම දායාදයක් වුණෙත් බුදුදහම කෙරෙහි ඇති ළැදිකමයි. ඒ අනුව අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ වැඳලා ආශිර්වාද ලබා ගැනීම මගේ අරමුණ වුණා. 07 January 2018
වෙනස් අදහස් සහිත තරුණයෙක් ඬේඬේ ගේ මව පසුව කුමක් කීවත් ඈ මුලදී වර්ජිලියෝ මොරාලෙස් ප්‍රිය කළ බව කිව යුතුය. ඈ සාලයේ වාඩි වී තරුණ වෛද්‍යවරයා හා කතා බහ කළාය. එක්සත් ජාතින්ගේ සංවිධානයේ ට්රයගිව් ලයි ගේ පැමිණීම අගනුවර පෙළපාළි, රජයේ වැඩපිළිවෙළ වැනි නොයෙක් දේවල් ඔවුනගේ කතාබහට ලක්විය. විටෙක මිනර්වාගේත් ඔහුගේත් කතාබහට කන්දී සිටි අම්මා මෙම කතාබහ 04 January 2018
කැස්බෑවේ කිවිඳු ගැන මැති සබේ තුළින් , සොව පළ වුණේ මෙහෙමයි කවි කතා වලින් සෝමවීර චන්ද්‍රසිරි යනු මෙරටේ පොදු ජනතාව අතර ද සිංහල භාෂා ප්‍රේමීන් අතර ද විශිෂ්ට චරිතයකි. සම සමාජ පක්ෂයේ අපේක්ෂකයා ලෙස 1947 මැතිවරණයේදී මොරටුව ආසනය ජයග්‍රහණය කොට පාර්ලිමේන්තුවට තේරී පත්වූ ඔහු එවකට කතානායකවරයාව සිටි ශ්‍රීමත් ප්‍රැන්සිස් මොලමුරේ මහතාගේ දැඩි විරෝධය මැද ප්‍රථම වරට සිංහල කවි කීපයක් තාලයට අනුව හඬ නඟා ගායනය කොට ජනතා ප්‍රසාදය දිනා ගත්තේය. 02 January 2018
ගම-රට යන අත සරසන තොටිල්ල පදවන අත පළාත් පාලන ඡන්ද සටන මේ වනවිට උණුසුම් වී තිබේ. දහස් සංඛ්‍යාත අපේක්ෂක අපේක්ෂිකාවෝ ජනතාවගේ ඡන්දය ඉල්ලා තම සුදුසුකම් ඉදිරිපත්කරමින් සිටිති. මෙම සටනේ විශේෂත්වය වන්නේ කාන්තා නියෝජනය සඳහා වැඩිපුර ප්‍රතිපාදන සලස්වා තිබීමය. රටේ ජනගහනයෙන් අඩකටත් සියයට හතකක සුළු ප්‍රතිශතයකින් වැඩිපුර කාන්තාවන් සිටින ශ්‍රී ලංකාවේ මෙතෙක් පැවති කාන්තා නියෝජනය කිසිසේත් ප්‍රමාණවත් නොවන බවට මැසිවිල්ලක් කලක සිටම පැවතුණි. 01 January 2018
කරූට එරෙහිව සජිත් කරූ ජයසූරිය නැවත වතාවක් එක්සත් ජාතික පක්ෂයට එකතු වුණාට පස්සේ පක්ෂයේ ප්‍රවර්ධන වැඩසටහන් පිළිබඳව ඔහුගේ අවධානයත් යොමු වුණා. ඔහු යටතේ පක්ෂයේ සියලු කණ්ඩායම් එකතු කරගන්න අදහසක් ඔහු තුළ තිබුණෙ. මොකද පක්ෂය ඇතුළෙ ඒ වෙන කොට විවිධ කණ්ඩායම් බෙදිලා තිබුණෙ. ඒකට කරූ ජයසූරිය යොදා ගත්තේ ග්‍රාම චාරිකා කියන වැඩසටහන. ඒ 31 December 2017
කිරුළ නොපලන් රජරට නායකයා වැව් බැඳි රාජ්‍යය සශ්‍රීක කළ මහසෙන් රජු කෙතරම් ගොවි ජනතාවගේ හද ඇද බැඳ ගත්තාදයත් එතුමාගේ මරණයෙන් පසුව දේවත්වයෙහිලා සැලකීමටද ඔවුහු පෙළඹුණහ. මෑත දේශපාලන ඉතිහාසයෙහි වැව් බැඳි රාජ්‍යයක් වන අනුරාධපුරය වැව් බඳවා සශ්‍රීකත්වයට පත්කළ නිහඬ ක්‍රියාශීලී දේශපාලන චරිතයක් අපට සිහිවෙයි. 31 December 2017
සිරගත විමල් නුගේගොඩ රැලියට අද (ජනවාරි 25) පාර්ලිමේන්තුව බලා බන්ධනාගාරයේ සිට පිටත් වූයේ දහවල් 12 පසු වීය. පාර්ලිමේන්තු සභාවාරය රැස්වන්නේ ප.ව. 01.00ටය. මා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ පිවිසුමට පැමිණෙන විට වීරකුමාර දිසානායක සහෝදරයාත් මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්රීවරයාත් කාංචන විජේසේකර මන්ත්රීවරයාත් එහි රැඳී සිටියහ. අනුරාධපුර චන්ද්‍රසේන මන්ත්‍රීවරයා ද පසුව එහි දක්නට විය. 31 December 2017
කාලෝගේ විමුක්ති බණ දිනය 1977 ජූලි මස 03 දිනයි. ස්ථානය යටියන්තොට “ඉම්පීරියල්” සිනමාහල ඉදිරිපිටය. 31 December 2017
දුම්රිය අලුත් වෙයි ගල් අඟුරු ඉන්ධන ලෙස යොදාගෙන දුම්රිය ධාවනය කිරීම යල් පැන ගිය ක්‍රමයක් බව රම්පාල මහතා අවබෝධ කරගෙන සිටියේය. එය සේවකයන්ට මහත් දුක් දෙන ක්‍රමයක් වූවා පමණක් නොව මගීන්ටත් බාහිර ජනතාවටත් ගෙන දුන්නේ දැඩි පීඩාවකි. එමෙන්ම ආර්ථික අතින්ද එය පාඩු ගෙන දෙන්නක් විය. ඒ නිසා එම යුගයේ දියුණු රටවල ක්‍රියාත්මක වූ ඩීසල් ඇන්ජින් සහ බලවේග කට්ටල ක්‍රම මෙරටට හඳුන්වා දුන්නේය. 31 December 2017
සම සමාජයෙන් නව සමාජයකට ලංකා සමසමාජ පක්ෂයෙන් දේශපාලනයට අතපොත් තැබූ මාතරගේ සිරිසේන අමරසිරි මහතා ඔහුගේ සාර්ථක දේශපාලන ගමන් මග පිළිබඳව අදහස් දක්වා ඇත්තේ මෙසේය. “මම මුලින්ම ලංකා සමසමාජ පක්ෂය සමග සම්බන්ධතා ගොඩනැගුවේ නාවලපිටිය මධ්‍යම ලංකා බස් රථ සමාගමේ ලිපිකරුවෙකු වශයෙන් සේවය කළ යුගයේදී තමයි. 31 December 2017
මැතිසබය ඔපවත් කළ ලසසප පුරාණයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රථම දේශපාලන පක්ෂය වූ ලංකා සමසමාජ පක්ෂයට දෙසැම්බර් 18 වැනි දිනට වසර අසූ දෙකක් සපිරුණි. එදා මෙදා තුර ලංකා සමසමාජ පක්ෂය නියෝජනය කරමින් මැතිසබය ඔපවත් කළ ජනතා නියෝජිතයින් පිළිබඳ මේ ලිපිය ඒ නිමිත්තෙනි. 29 December 2017
දුම්රියට රන් මසු ගෙනා රම්පාල යුගය පසුගිය සතියේ ක්‍රියාත්මක වූ දුම්රිය වැඩවර්ජනය නිසා රටම මහත් අවුලකට මුහුණ දුන් බව පෙනී ගියේය. විශේෂයෙන්ම අගනුවර කේන්ද්‍ර කරගත් රාජ්‍ය සේවයේ සිට පෞද්ගලික අංශයේද කාර්යාල කටයුතු මුළුමනින්ම අඩපණ වූ ආකාරයක් දක්නට ලැබුණි. දුම්රිය මගින් නොකඩවා කොළඹට ප්‍රවාහනය කෙරෙන මගී සංඛ්‍යාව දිනකට ලක්ෂ ගණනකි. එම පිරිසට ගමනාගමන පහසුකම් අහිමි විය. මේ බොහෝ දෙනා කලින් මුදල් ගෙවා වාර 29 December 2017
රැල්ලෙන් මැති සබයට 1952 මහා මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය නැවත බලයට පත්වූ අතර අලුතෙන් පිහිටුවන ලද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ද ආසන නවයක් හිමිව තිබුණි. එයින් එක් අයෙකු වූයේ ගම්පහ අසුන දිනා පාර්ලිමේන්තුවට පැමිණි ඇස්. ඩී. බණ්ඩාරනායක මහතාය. එම පක්ෂයට ආසන නවයකුත් ලංකා සම සමාජ පක්ෂයට ආසන නවයක් ද හිමිව තිබුණි. මෙම පක්ෂ දෙක අතර විපක්ෂ නායක තනතුර පිළිබඳව ගැටුමක් ඇතිවිය. පසුව ඇස්. ඩබ්ලිව්. 28 December 2017
ෆොන්සේකා අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම 2010 ජනාධිපතිවරණ ජයග්රහණයෙන් සතියකට දෙකකට පසුව මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන් එක් දවසක උදේ 06.30ට පමණ මට දුරකථනයෙන් කථා කළේය. 25 December 2017
රනිල් ප්රභාකරන්ගේ මාලිගයට 2010 වසරේ මැද හරියේදී රනිල් වික්‍රමසිංහ නායකතුමා ඇතුළු පිරිසක් විශේෂ චාරිකාවක් සංවිධානය කළා යාපනයට. අපි ඒ ගමන සූදානම් කළේම ඉදිරියට නියමිත මැතිවරණවලට මුහුණ දෙන්න ඕනෑ නිසා උතුරේ ජනතාවගේ විශ්වාසය දිනා ගැනීම අරමුණු කරගෙන. 25 December 2017
ගැමිකම අත් නොහළ මැති සබේ පොඩි පුතා යූ.එන්.පී. මහගෙදරින් මහපාරට බැස මහජන එක්සත් පෙරමුණු ධජය යටතේ ඡන්ද සටන මෙහෙයූ ශ්‍රීලනිප නියමුවා බණ්ඩාරනායක මැතිදුන්ය. 25 December 2017
ඔබ වැනි මිනිසුන් ඕනෑ කර තිබේ ‘කළුවර වැටෙන්න කලින් ආපසු එන්න ඕනි. පියා දියණියට අවසර දුන්නේ රවා බලමිනි. ඔහුගේ අවසරය ලැබෙන අන්දම මෙය බව ඬේ ඬේ දැන සිටියාය. 24 December 2017
දෙමළ මන්ත්‍රීවරු රොත්තක් එකවර එළියට 1977 දී කේවළ ඡන්ද කොට්ඨාස මත පදනම් වූ ලංකාවේ අවසන් මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට 5/6ක බලයක් ලැබිණ. එනම් ඡන්ද කොට්ඨාස 168න් 140ක් ම එජාප ජයග්‍රහණය කළේය. ඒ අනුව ජේ. ආර්. ජයවර්ධන අගමැති බවට පත් වූ අතර, 1978 දී නව ව්‍යවස්ථාවක් සම්මත කර ගත්තේය. ඒ අනුව අගමැති තනතුර වෙනුවට විධායක බලය සහිත ජනාධිපති ධුරයක් ස්ථාපිත කරමින් අගමැති තනතුර “නාම මාත්‍ර” තනතුරක් බවට පත් කළේය. ජේ. ආර්. ජයවර්ධන මහතා ජනාධිපතිවරණයකින් තොරව ව්‍යවස්ථාවට ගෙන එන ලද සංශෝධනයක් අනුව 1978 24 December 2017
ශ්‍රමදානයෙන් මහජන සේවයට කනතොළුව ගමේ සිදුවෙමින් පවතින මහා වෙනස පිළිබඳව සමාජයේ දැඩි කතාබහක් නිර්මාණය විය. කොළඹ නාලන්දයේ ශිෂ්‍යයන් සිය ගණනක් තවත් විශාල පිරිසක් කැඳවාගෙන ගොස් සැඩොල් ගමක ඔවුන් සමඟ වාසය කරමින් එකට කමින් බොමින් කොන් කිරීමට ලක්ව සිටි එම ජනයාගේ ශුභ සිද්ධිය වෙනුවෙන් කරගෙන යන සමාජ සත්කාරය ගැන එකල තිබුණු ප්‍රධාන ජනසන්නිවේදන මාධ්‍යයන් වූ ගුවන් විදුලියෙන් සහ පුවත්පත් මගින්ද ලැබුණේ විශාල ප්රචාරයකි. මේ කියන යුගයේ ‘ශ්‍රමදානය’ යැයි වර්තමානයේ කියවෙන වචනයවත් සමාජගත වී තිබ 24 December 2017
බිංගිරියෙන් දළ ඇතා නැගිටියි ඈත පිටිසර සමහර ගම්වල ජනයා කුලභේදය නිසා පීඩාවට පත්වන ආකාරය විස්තර කළේ අසන්නන්ගේ දෙනෙත්වලට කඳුළු නංවමිනි. සමහර ගම්වල පහත්යැයි සම්මත කුලවල අයට ඉණෙන් ඉහළට ඇඳුමක් ඇඳීමට අවසර නැති බවත්, තවත් ප්‍රදේශයක මෙවැනි පීඩිත කුලවල කාන්තාවන්ට උඩුකය වැසෙන සේ ඇඳුමක් ඇඳීමට උසස් කුලවල අයගෙන් අවසර නොලැබෙන බවත් අබේසේකර මහතා විස්තර කළේය. “උපතින් කිසිවකු වසලයෙක් වන්නේවත් බ්‍රාහ්මණයෙකු වන්නේවත් නැතැයි දේශනා කළ බුදුරජාණන් වහන්සේගේ ධර්මයට ගරුකරන එම ධර්මය පිළිපදින බහුතර ජනතා 22 December 2017
පානදුරා වාදයෙන් පසු පානදුර ගිනියම් කළ වාදය ඓතිහාසික පානදුරාවාදයෙන් අනතුරුව සර්ව ජන ඡන්දය ස්ථාපිතව රට පුරා ව්‍යාප්තවීමෙන් පසු දේශපාලන පක්ෂ ක්‍රමය ඔස්සේ වාද - විවාද ආරම්භ වූයේ දේශපාලන අවබෝධයෙන් මොන්ටිසෝරි තත්ත්වයෙන් පසුවූ ජනතාවගේ ඡන්දය කෙසේ හෝ ඩැහැ ගැනීමේ බලවත් පරිශ්‍රමයක් සහිත උපක්‍රමයෙනි. 22 December 2017
දකුණට ජීවය දුන් හිනිදුම සෙනෙවියා එම්. එස්. අමරසිරි දකුණු පළාතේ හිනිදුම් පත්තුව ගිං ගඟ නිම්නයේ මාපලගම නම් රමණීය ගම්මානයේ උපත ලද මාතරගේ සිරිසේන අමරසිරි මෙරට විසූ කෘතහස්ත දේශපාලනඥයෙකි.ලංකා සම සමාජ පක්ෂයෙන් දේශපාලනයට අත්පොත් තැබූ අමරසිරි මහතා ඉතාම ළාබාල අවදියේදීම මාපලගම ප්‍රදේශයේ ගම් සභාපතිවරයා බවට පත්විය. 21 December 2017
“අප්පුහාමි පිට්ටු හොරා පොල් බෑයට තට්ටු කළා” ශ්‍රී ලංකාවේ සමාජ දේශපාලන කාර්යයෙහිලා අප්පුහාමිලාගේ භූමිකාව ගැන කතිකාවතක් ගොඩනැගී ඇත්තේ ඉතා අවම මට්ටමෙනි. ශ්‍රී ලාංකීය දේශපාලන ව්‍යපාරයන්හි අප්පුහාමි භූමිකාවක් 1947 දී හෝ 1952 මැතිවරණ ක්ෂේත්රය තුළ ද දක්නට නැත. ගම්කාර්ය සභා හෝ සුළු නගර සභා ආයතන තුළදී අප්පුහාමි භූමිකාවක් දක්නට තිබුණ ද ජාතික මට්ටමෙන් මතුවූ අවස්ථාවක්ද දක්නට නැත. 21 December 2017
ලකිසුරු ගොපල්ලවගේ විසිතුරු මතකයෙන් එතෙක් පැවති අධිරාජ්‍යවාදී දේශපාලන සෙවණැලි තුරන් කර දමා ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත්වූයේ 1972 ජනරජ ව්‍යවස්ථාව තුළිනි. රැජිනගේ පාලනය අවසන් කර ඒ වෙනුවට බහුතරය වූ සිංහල බෞද්ධ ජනතාවගෙන් නව නායකයකු පත්කර ගැනීමේ පිපාසය බහුතර රටවැසියකු තුළම විය. 20 December 2017
දිවි ශතකයේදී චීනයෙන් පිදුම් ලබන “ඉඹුල්ගොඩ වීරයා” චීනය යනු නිදා සිටින යෝධයෙකි. ඔහු අවදි කරන්න එපා” යැයි නැපෝලියන් බොනපාට් අධිරාජයා පැවසුවේ මෙයට බොහේ කලකට පෙරදීය. මේවනවිට එම රට දේශපාලනික ආර්ථික හා සමාජීය වශයෙන් අතිමහත් දියුණුවක් ලබා තිබේ. අතීතයේ දැඩි පීඩාවන්ට මුහුණ දෙමින් ඉදිරියට පැමිණ එම රාජ්‍යයට තමනට අමාරු සහ දුෂ්කර අවධියේ දී අසීමිත සහායක් ලබාදුන් කල්‍යාණ මිත්රයෙකුට ප්‍රතිමාවක් තනා උපහාර දැක්වීමට කටයුතු කරගෙන යයි. 20 December 2017
‘එන්න! අපව ගලවා ගන්න’ ඬේ ඬේ හා මිනර්වා ඔවුන්ගේ කඩය තුළ ගිනුම් පරීක්ෂා කරමින් පොත්වල ඇතුළත් කරමින් සිටියහ. මිනර්වා උස් බංකුවක් මතට වී ටින් ගණන් කරමින් ඈ ලියා තිබු අංක වෙනස් කළාය. ඬේ ඬේ ලිවීමට පෙරාතුව යළි ගණන් කර බැලුවාය. ඩෙඬේ අලස නොවු අයෙකි. නමුත් මේදින ඇ නොඉවසිල්ලෙන් සිටියේ විගසින් කඩය වසා දමා සැඳෑවේ තරුණ පිරිස වොලිබෝල් ක්‍රීඩාව සඳහා එක්වන මීයෝ පෙපේ නිවස වෙත යාමටය. 17 December 2017
විමල්ගේ යදමින් බැඳි අක්ෂර කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා බන්ධනාගාරගතව සිටියදී ලියන ලද ‘යදමින් බැඳි අක්ෂර’ කෘතියෙනි. 17 December 2017
පාසලේ තාප්පය වැටී දරුවන් තිදෙනෙක් තුවාල ලබති බොරැල්ල ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් තිදෙනකු රෝහල් ගත කර ඇතැයි බොරැල්ල පොලිසිය කියයි... 12 February 2026