රටම කෙතක් කළ වගා ව්‍යාපාරය ඇරැඹෙයි
ලකුණු කිහිපයක් අඩුවීමෙන් විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට නොහැකි වන තරුණ තරුණියන්ට වෘත්තීය අධ්‍යාපනයක් සලසා ඩිප්ලෝමා සහතිකයක් පිරිනැමෙන කනිෂ්ඨ විශ්වවිද්‍යාල හයක් අභිනවයෙන් පිහිටුවීමට ඊරියගොල්ල මහතා ප්‍රතිපාදන යෙදව්වේය. දෙහිවල, ගාල්ල, කෑගල්ල, කුලියාපිටිය, පොල්ගොල්ල හා පලාලි යන නගරවල මෙම නව කනිෂ්ඨ විශ්වවිද්‍යාල හය පිහිටුවා තිබිණ. තරුණ තරුණියන්ගේ වෘත්තීය අවශ්‍යතා පිරිමැසීමට සමත් වූ මෙම ආයතන පසුව බලයට පත් වූ ආණ්ඩුව විසින් වසා දමන ලද්දේ මන්දැයි නොදනිමු.