වම දෙදරයි
වමේ කඳවුර අතර මහත් විවාදයකට ලක් වූ කාරණයක් විය. සම සමාජය පැරණි මතයේම සිටි අතර සුළුතරයක් වූ යුද්ධයට පක්ෂපාත වූවන් ස්ටාලින්වාදීන් යැයි නම්කර සම සමාජ පක්ෂයෙන් නෙරපා හරින ලදහ. දොස්තර ඇස්. ඒ. වික්රමසිංහ, ඇම්. ජී. මැන්ඩිස්, ආරියවංශ ගුණසේකර, ඩබ්ලිව්. ආරියරත්න සහ කේ. රාමනාදන් යන මහතුන් සමසමාජ පක්ෂයෙන් නෙරපා හරින ලදී. දීර්ඝ ක්රියාවලියකින් පසු 1943 ජූලි මස 3 වැනි දින ලංකා කොමියුනිස්ට් පක්ෂය පිහිටුවා ගනු ලැබුවේ මෙම නායකයන් සහ ඔවුන්ට සහාය දුන් 70ක්වූ ස