මෛත්රීට කොටි තර්ජන
තිස්වසරක් පුරාවට මෙරට මිනිස් ජීවිත ලක්ෂ ගණනක් විනාශ කරමින් රට අඳුරු යුගයක ගිල්වා තැබූ ත්රස්තවාදී යුද්ධය තාත්තා ඇතුළු අපේ ජීවිතවලට සිදුකළ බලපෑම මතකයට නැංවීම පවා අපහසුය. එය එතරම්ම වේදනාබර කාල පරාසයකි. මෙරට ජීවත් වූ සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් ආදී සියලු ජනයා ඒ කුරිරු යුද්ධයෙන් අසීමාන්තික ලෙස බැට කෑ බව නොරහසකි. නමුත් යුද්ධය හා සෘජුව බැඳී සිටි ආරක්ෂක හමුදා, මායිම් ගම්මාන වැසියන් හා සමාන, සමීප අත්දැකීමක් තාත්තා ඇමැතිවරයකු වීම නිසා අපි ද ලැබුවෙමු. මේ