විප්ලවය ආපිට හැරවිය නොහැක “
1922 මාර්තු මස ලෙනින් පක්ෂයේ එකොළොස් වැනි සමුළුව ඇමතීය. මධ්‍යම කාරක සභාව වෙනුවෙන් ඉදිරිපත් කරන ලද සිය දේශපාලන වාර්තාවෙන් ඔහු නව ආර්ථික පිළිවෙතේ ප්‍රථම වසර සමාලෝචනය කළේය. ජාතික ආර්ථිකයේ සියලුම අංශවල ප්‍රගතියක් සිදුවී තිබේ යැයිද, කම්කරු පංතිය හා ගොවි ජනතාව අතර සන්ධානය වඩා ශක්තිමත් වී ඇතැයිද ඔහු ප්‍රීතියෙන් සනිටුහන් කළේය. ඒ සමගම, ඔහු ආණ්ඩුවේ, පක්ෂයේ සහ ව්‍යාපාරික ආයතනවල වැඩකටයුතු දියුණු කිරීමේ අරමුණින්, අඩුපාඩු විවේචනය කරමින් බොල්ෂෙවික් විවේචනය සහ ස