නිල් - රතු පෙන්වා මැති සබයට ගිය සුදු ඒජන්ත
චිරාත් කාලයක් සිංහල රාජධානියක්ව පැවැති රජරට අනුරාධපුරය, හෙළ වංශ කතාවේ අගනුවරක්ව, අමරණීය නාමයක පැවති නමුත්, එය 1815 ඉංග්‍රීසි ආක්‍රමණයෙන් පසු ඝණ වනාන්තරයකින් වටවූ නෂ්ටාවශේෂයක් බඳු, නොසැලකිලි තත්ත්වයට පත් වූයේ, කොළොම්පුරය හෙවත් කොළඹ ආර්ථික හා සමාජයීය වශයෙනුත් රටේ කේන්ද්‍රස්ථානයට පත්වූ හේතුවෙනි.