සෙබළ මළ සිරුරු මතින් දෙමළ කඩ ගිනි ගනී
ඔහු තමාගේ සුවිශේෂී භටයන් කීප දෙනෙකු කැඳවා ගත්තේය. ඒ 1983 ජුලි 23 වැනිදා මධ්‍යම රාත්‍රියයි. යාපනය පලාලි මාර්ගයේ තිරුනෙල්වෙලි නම් ස්ථානය ඔවුන් අරමුණු කළ තැන විය. සෙල්ලකිලි, ලිංගම් බසීර් කකා, රන්ජන්, පුලේන්ද්‍රන්, සන්තෝසම්, ගනේෂ්, පොනේනම්මන්, වික්ටර්, කිට්ටු, අප්පයියා ආදී ත්රස්තවාදීහුත් ප්‍රභාකරනුත් මෙම කුමන්ත්‍රණයට එක් වූහ. ඔවුන් තිරුනෙල්වෙලිහි මහා මාර්ගය හාරා විශාල බිම් බෝම්බයක් වළලා පාරෙන් ඉවතට වී රැක සිටියහ.