භීෂණ සමයේ මරා දැමුණු ‘ මහාචාර්යවරයා ’
88/89 සමයේ රට පුරා පැතිර ගිය කොටි ත්‍රස්තවාදයත් ජවිපෙ දෙවැනි කැරැල්ල ලෙස හැඳින් වූ දේශප්‍රේමී ව්‍යාපාරයත් නිසා හෝ වෙනත් බලවේගයන්ගේ අත පෙවීම් නිසා ද අනාගතයට අහිමි වූ ක්‍රියාශීලී විද්වතුන්ගේ ගණන අතිවිශාලය. කාගේ වුවමනාවකට කාගේ අණකට ක්‍රියාන්විත වූවා දැයි වටහා ගත නොහැකි එහෙත් නාඳුනන තුවක්කුකරුවන්ගේ ඉලක්ක වූ මේ වටිනා ජීවිත අහිමි වීමෙන් රටේ දියුණුවට සිදුවූ පාඩුව රුපියල් ලක්ෂ, කෝටි, මිලියන, ටි්රලියනවලින්ද ගණන් බලන්නට නොහැකිය.