එළියෙන් කොළ ඇතුළෙන් රතු
ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා (ල.ස.ස.ප) හා ජි. දොන් ඬේවිඞ් (එ.ජා.ප) යන අපේක්ෂකයෝ මෙදින නාම යෝජනා පත්‍ර භාර දුන්හ. එ.ජා.ප අපේක්ෂක ජී. ඩී. ඬේවිඞ් මහතා 1965 මහා මැතිවරණයේදී අගලවත්ත ආසනයට තරග කරමින් ජාතික දේශපාලනයට පිවිසියෙකු වූ අතර, කොල්වින් ආර්. ද සිල්වා මහතා 1947 පටන් වැල්ලවත්ත - ගල්කිස්ස ආසනයට (1960 මාර්තු සිට දෙහිවල - ගල්කිස්ස) තරග කර 1947, 1956, 1960 ජූලි මැතිවරණවලදී ජයග්‍රහණය කළ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙකු විය.