වැරදුණ බැංකු කොල්ලය
වරක් විජේවීර, සනත්, කරුණාරත්න, දහනායක සහ මම සාකච්ඡාවක් සඳහා කිරින්දේ තිබූ ගොවිපළට ගියෙමු. දින දෙකක් පමණ අප එහි රැඳී සිට ආපසු යාම සඳහා තිස්සමහාරාමයට පැමිණි නමුත් අප සියලු දෙනාටම අවශ්‍ය තරම් මුදල් අප ළඟ තිබුණේ නැත. බොහෝ විට මෙවැනි අවස්ථාවල දී අපට උපකාර කළේ ලංගම සේවය කළ සිරිපාල සහෝදරයා හෝ තිස්ස මාර්කට් එකේ බුල