අච්චු කන්තෝරුවේ සේවක අරගල මෙරට සිදු වූ කම්කරු අරගල පිළිබඳ කතා කරද්දී රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තු සේවකයන්ට මුහුණපෑමට සිදු වූ පාලක පන්තියේ තාඩන පීඩන හා ආර්ථික ගැටලු හමුවේ ඔවුන් කළ ජීවිත පරිත්‍යාග හා සාමූහිකව මුහුණ දුන් වෘත්තීයමය අභියෝග පිළිබඳව සඳහන් නොකළ හොත් ඔවුන්ට කෙරෙන විශාල අසාධාරණයකි. බි්රතාන්ය යටත් විජිතයක් වූ මෙරටේ රජ 08 December 2018
යුද ඉතිහාසයේ අලිමංකඩ පරාජයේ බියකරු මතකයෙන් එක්දහස් නවසිය අනූපහ වසරේ අප්‍රේල් 19 වැනිදා ඛඔඔෑ ය එතෙක් ගොඩ නැඟෙමින් තිබූ සාම මාවතෙන් ඒක පාර්ශවිකව ඉවතට ගොස් ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් නාවික යාත්‍රා දෙකක් ත්‍රිකුණාමලයේදී පුපුරුවා හැරීමත් සමග ම එක් අතකින් ඒ වන විට මාස අටක් වයසැති චන්ද්‍රිකා රජයට නැවතත් යුද්ධය කරා රට ගෙන යාමට සිදු වූ අතර අනෙක් අතින් තුන්වන ඊළාම් යුද්ධය එසේ ආරම්භ විය. 02 December 2018
ජයගත් දුම්රිය වර්ජනය ගාමිණී සිල්වා මහතා සමගි පෙරමුණ රජය ආවාට පසු ප්‍රධාන ඉංජිනේරු මහතාගේ කාර්යාලයේ කටයුතු ඔවුන්ට උවමනා ලෙස කරන්න ගත්තේය. එහි සේවය කළ දෙමළ නිලධාරී මහතුන් සිංහලෙන් ලිපි ලියන මුත් ඒවා ටයිප් කිරීමට දැන සිටියේ නැත. මේ නිසා අපි එම ලිපි ටයිප් කර දුන්නෙමු. ගාමිණී සිල්වා මහතා එසේ ලිපි ටයිප් කර නොදෙන ලෙස අපට දන්වා තිබුණි. එසේ නමුත් අපි දිගටම එලෙස ලිපි ටයිප් 02 December 2018
යුක්තිය උදෙසා කළ සටනක සටහන් එක් දහස් නවසිය දාහතේ වසර ජගත් දේශපාලන ගමන් මගේ හැරවුම් ලක්ෂ්‍යයක් වූ බව බොහෝ දෙනාගේ මතයයි. එයට හේතුව වන්නේ එම වසරේ ඔක්තෝබරයේදී සෝවියට් සමාජවාදී විප්ලවය සිදුවීමයි. එයින් මාස 02 December 2018
ප්රගතිශීලි කඳවුරේ කෑගල්ලේ කළුගල්ල ඉඩම් පිටිය රාල්ලාගේ පුංචි බණ්ඩා ගුණතිලක කලුගල්ල යන නම ඇසු සැණෙන් අපට මැවෙන්නේ සුපේශල ශික්ෂාකාමී සිංහල උපාසක මහතෙකි. තේජෝබල පරාක්‍රමය විහිදුවමින් මෝටර් රියකින් 01 December 2018
ඇන්.ඇම්. දුටු කම්කරු දුක මෙරට වාමාංශික බලවේගය පැන නොනඟින්නට ගොවි කම්කරු ජනතාවට අද පවත්නා සුරක්ෂිතතාව කිසිසේත් නොලැබී යන්නට තිබිණි. බි්රතාන්ය පාලකයන් විසින් 1935 අවුරුද්දේදී නීතිගත කරන ලද වෘත්තීය සමිති ආඥා පනත මඟින් කම්කරු ශ්‍රමය බාල්දුවට පත් කරනු ලැබීය. හිතුමනාපයට කම්කරුවන්ගෙන් වැඩ ගැනීමට අවශ්‍ය විධිවිධාන මෙමඟින් ක්‍රියාත්මක කෙරිණ. එම පනතේ 18 වැනි වගන්තිය යටතේ යම්කිසි වෘත්තීය සමිතියක් ලියාපදිංචි කිරීම සඳහා නිසි කල්හි ඉල්ලුම් නොකළහොත් නැත්නම් යම්කිසි වෘත්තීය සමිතියක ලිය 01 December 2018
ගමනායකගේ ඉරණම විසඳෙයි රට තුළින් මතුවූ බරපතළ විරෝධය නිසා අවසානයේ එජාපයේ සුක්කානම ප්‍රේමදාස මහතාට බාරදීමට ජයවර්ධන මහතා අකමැත්තෙන් වුවත් තීරණය කළේය. එහිදී ජයවර්ධන තම පෞද්ගලික අරමුණට වඩා පංතියේ පැවැත්ම ගැන කල්පනා කළ බව පෙනේ. ඒ අනුව මීළඟ ජනාධිපතිවරණයේ එජාප අපේක්ෂකයා ප්‍රේමදාස බව එජාපය ප්‍රකාශයට පත් කළේය. 1988 දෙසැම්බර් 19 පැවති ජනාධි 01 December 2018
ශ්‍රීලනිපයේ පළමු ජනපති අපේක්ෂකයා එංගලන්තයේ සුදු අධිරාජවාදීන් විසින් ලිප්ටන්ගේ තේ වත්ත ලෙස ලෝකයට හඳුන්වා දුන් අපේ රටේ තේ, පොල්, රබර් වතු ජනතාව සන්තක කිරීමේ වෑයම වැළැක්වීම පිණිස දේශීය තැරැව්කාරයන් හරහා එවූ රන් පවුම් කුට්ටි ප්‍රතික්ෂේප කොට වතු ජනසතුව අකුරටම ක්‍රියාත්මක කළ හෙක්ටර් සෙනරත් රාජකරුණා බණ්ඩාර කොබ්බෑකඩුව රටක් නොව ලොවක් වටින අපූර්ව මිනිසෙකි. 01 December 2018
ඡන්ද පෙත්සම් අපලයෙන් මිදී.... සුපුරුදු ලෙසම, සෑම ඡන්ද පෙත්සම් නඩු විභාගයක් අවසානයේදී ගනු ලබන ඊළඟ පියවර වශයෙන් මුල් නඩු විභාගයේ තීන්දුවට එරෙහිව පර්සි සමරවීර මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කළේය. ඇපෑල විභාග කළ රජ තුන් කට්ටුව (එච්. ඇන්. ජී. ප්‍රනාන්දු (අග්‍ර විනිශ්චයකාර), ඒ. එල්. එස්. සිරිමාන සහ ඒ. සී. අලස්) ගාස්තුවටත් යටත්කොට ඇපෑල නිෂ්ප්රභා ක 27 November 2018
මැති සබයේ මුල් අසුනේ පැරැණි විත්ති දින දෙකක් තිස්සේ පාර්ලිමේන්තුවේ සිදුවන දේ විද්‍යුත් මාධ්‍ය මගින් සජීවීව විකාශනය කළේය. නොවැම්බර් 14 වැනිදා පැවැති සැසිවාරය ආරම්භ කිරීමේ සභා රැස්වීමත් 15 වැනිදා සභා වාරයත් (පසු දින) ඝෝෂාකාරී හා කලබලකාරී වූ බව දක්නට ලැබුණි. එමෙන්ම එය මතභේදකාරී වූ බවද නොරහසකි. එම සභා රැස්වීමෙන් පසු ඒ සම්බන්ධයෙන් කතානායකතුමා විසින් ජනාධිපතිතුමා වෙත යවන ලද සන්දේශයේ අඩංගු වූ කරුණු ජනාධිපතිතුමා ප්‍රතික්ෂේප කර ඇති බවද මාධ්‍ය වාර්තාවල දැක්වුණි. එමෙන්ම කතානායකතුමාගේ නියෝග ප 25 November 2018
මහ රෑ විසිරෙන රට කරවන තැන මුළු මහත් දේශයම මවිතයට පත් කරමින් ඉදිරියට ඇදී ගිය සුවිශාල බල අරගලයක් තවදුරටත් වර්ධනයට පත්කරමින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සිදුවිය. ඒ සමගම මහා කන්කරච්චලයක්ද වෙනස් මුහුණුවරකින් ඉදිරියට ඇදෙමින් තිබේ. බලවත්තු මැත දෙඩූහ. පාරම් බෑහ. අභියෝග කළහ. තර්ජනය කළහ. සිවිල් යුද්ධයක් ඇතිවේදෝ යන බියෙන් ජනතාවා් බියට පත්වූහ. විශ්වාසභංග 25 November 2018
කොම්පියුටරය නිසා පැරදී යළි දිනූ මන්ත්‍රී 2000 වසරේ පැවති මහ මැතිවරණයෙන් ජයගත් පොදු පෙරමුණු ආණ්ඩුව බලයට පත් වී වැඩි කාලයක් නොයවාම ඔවුන් සතුව තිබු පාර්ලිමේන්තු බහුතරය එක්වරම පිරිහී ගියේය. එසේ වූයේ ආණ්ඩුවේ මැති ඇමතිවරුන් හත් අට දෙනෙකු ජනාධිපතිනිය සමග ගැටුම් ඇති කරගෙන විපක්ෂයට ගොස් අසුන් ගත් බැවිනි. ඒ වන විට එම ආණ්ඩුවට එරෙහිව ප්‍රධාන විපක්ෂය වූ එ.ජා.ප.යෙන් බරපතළ චෝදනා සහිත විශ්වාසභංගය විවාදයට ගැනීම සියතින්ම ගෙල කපා ගැනීමක් විය හැකි බව චන්ද්‍රිකා ජනාධිපතිනියගේ විශ්වාසය විය. 25 November 2018
රුවන්පුර සටන් තරුව නන්ද එල්ලාවල රත්නපුර දිසාවේ බටුගෙදර වලව්වේ එල්ලාවල පරපුරට රජ සමයේ පටන් දිගු ඉතිහාසයක් ඇති නමුදු 1882-1887 දක්වා ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාව නියෝජනය කළ විලියම් එල්ලාවලගෙන් එය මෑත දී ප්‍රචලිත විය. 24 November 2018
දකුණෙන් මතුවුණ වමේ බලය ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ නව මැවුම්කරුවන් වූයේ වමේ ව්‍යාපාරයේ නියමුවන්ය. පසුකාලීනව න්‍යායාත්මක මත ගැටුම් හේතු කොටගෙන වරින්වර විවිධ කණ්ඩායම් ලෙසට බෙදී ගියද ඔවුනගේ පරමාර්ථය වූයේ අහිංසක දුක් විඳින ගොවි කම්කරු ජනතාවගේ සුබසෙත උදාකරලීමයි. අප මේ සඳහන් කරන එකී ගමන් මඟෙ 24 November 2018
අල්ලසට එරෙහිව අගමැති කළ සටන 1956 දී කොතලාවලගෙන් බණ්ඩාරනායකට පාලන බලය මාරුවුවත් සැබවින්ම එය මුල්ම සේනානායක යුගයේ අවසානයක් හැටියට සැලකිය හැකිය. 1947 සිට 1956 දක්වා වසර නවයක කාල සීමාව තුළ සේනානායකවරුන් දෙදෙනෙකු අඛණ්ඩව සත් වසරක් පාලනය ගෙන යෑම ඊට හේතුවය. පාලිතයන්, පාලකයන් හැටියට සලකා, පාල 24 November 2018
පළමුවරට උරගා බැලූ ජවිපෙ ඡන්ද පදනම මෙයින් පසුව ජවිපෙ බහුජන දේශපාලනය හා මැතිවරණ ව්‍යුහය තුළ තම කටයුතු වේගවත් කළ අතර ඉදිරි කාලයේ දී පැවැත්වීමට නියමිත මැතිවරණවලට මුහුණදීම සඳහා රුපියල් විසිපන් ලක්ෂයේ මැතිවරණ අරමුදලක් ගොඩනැගීම ද 1981 නොවැම්බරයේ දී ආරම්භ කරන ලදී. මැතිවරණ ක්ෂේත්රයේ දී ඊළඟට ජවිපෙ මුහුණදුන් ප්‍රබල අවස්ථාව වූයේ 1982 ජනාධිපතිවරණයයි. 24 November 2018
නිතරගයෙන් පත්වූ මන්ත්‍රීවරු කොට්ඨාස පදනම් කරගෙන මන්ත්‍රීන් තෝරන ක්‍රමය ශ්‍රී ලංකාවේ ප්‍රථමයෙන්ම අරඹන ලද්දේ 1931 සර්වජන ඡන්ද බලය ආරම්භ වී රාජ්‍ය මන්ත්‍රණ සභා ක්‍රමය ආරම්භ කිරීමත් සමගය. එහෙත් 1947 වන තෙක් දේශපාලන පක්ෂ ක්‍රමය වැඩිදියුණු නොවූ බැවින් තනි තනි පුද්ගලයා මැතිවරණයට ඉදිරිපත් වූයේ තම තමන්ගේ ජනප්‍රියත්වය, ප්‍රභූත්වය පදනම් කර ගෙනය. 1931 ආණ්ඩුක්රමය තුළ රාජ්‍ය මන්ත් 24 November 2018
ජවිපෙන් පත්තරයක් දිවයින පුරා පෝස්ටර ඇලවීම හරහා සිදුකරන ප්රචාරක කටයුතුවලට අමතරව ව්‍යාපාරය මගින් මුද්‍රිත පත්‍ර හරහා ජනතාව දැනුවත් කිරීමට පියවර ගෙන තිබුණි. 1970 අග භාගය වන විට ව්‍යාපාරය ජනතා විමුක්ති පුවත්පත ප්‍රකාශයට පත්කරන්නට පටන් ගෙන තිබුණි. අපි පත්තර විශාල වශයෙන් ලංකාවේ උතුරු පළාතේ හා මඩකළපුවේ හැර අනෙක් සියලු පළාත් හි 24 November 2018
එක නඩුවයි ඡන්ද දෙකයි තමාට එරෙහිව පැවරූ එකම නඩුවකට වරදකාරයා වීමේ හේතුවෙන් දෙවරක්ම මන්ත්‍රීධුරය අහිමි කරගෙන අතුරු මැතිවරණ දෙකකට මුහුණදීමට සිදුවූ එකම දේශපාලනඥයා හැටියට වැලිමඩ හිටපු මන්ත්‍රී පර්සි සමරවීර මහතාගේ නම ඉතිහාසයේ සටහන් වී තිබේ. 20 November 2018
අනුරගේ මහ පාරේ වික්‍රමය ලෝකයේ ප්‍රථම අග්‍රාමාත්‍යවරිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ පුත්‍රයා මෙන්ම හිටපු ඇමතිවරයෙකු ද වූ දිවංගත අනුර බණ්ඩාරනායක මහතා තරුණවියේදී තරමක සෙල්ලක්කාරයකු ලෙස ප්‍රසි 20 November 2018
රනිල්ගේ අත්දැකීම විඳි රුසියානු නායකයා පසුගිය ඔක්තෝබර් 26 වැනිදා සිදුවූ ආණ්ඩු පෙරළිය නිසා මට යම්කිසි අපහසුතාවකට මුහුණ දීමට සිදුවිය. ඒ දේශපාලන වශයෙන් බලය පිළිබඳව ගැටලුවක් නොවේ. මේ සතියේ ලියන සමගාමි කතාව කුමක් විය 19 November 2018
රට කරවන තැන කල් තැබූ පුරාණය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත් කර ඒ වෙනුවට මහින්ද රාජපක්ෂ මහතා පත් කිරීමෙන් හටගත් ආන්දෝලනය පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් නිමාවිය. එහෙත් ඊළඟට අතුරු මාතෘකාවක් ගැන වැඩි අවධානය යොමු විය. ඒ පාර්ලිමේන්තු සැසිවාරය කල් දැමීම ගැනය. එය සිදු කළ ආකාරය නීත්‍යනුකූලද? නැද්ද? නැවත පාර්ලි 18 November 2018
විජේතුංග එවූ යානයෙන් පැමිණ චන්ද්‍රිකාගේ වාහනයට ගොඩවූ මුස්ලිම් නායකයා 1994 වසරේ මැද භාගය පමණ වන විට එවකට සිටි ඩී. බී. විජේතුංග ජනාධිපතිතුමා තම අග්‍රාමාත්‍යවරයා ප්රමුඛ සමස්ත ඇමැති මණ්ඩලය කෙරෙහි සැකසංකා උපදවාගෙන සිටියේය. ඇතැම්විට ඔහු එසේ සිතන්නට ඇත්තේ තම ඇමැති මණ්ඩලයෙන් තමන්ට ලැබිය යුතු සහයෝගය නොලැබෙතැයි පෙනී ගිය නිසා විය හැකිය. “හොඳයි එහෙනං අපි බලමුකෝ ඒ කට්ටිය ඔය සෙල්ලම කොයිතරං දුරට කරගෙන යාවිද කියල....” යි සිතූ ජනාධිපතිවරයා තම ඇමැති මණ්ඩලයෙන් හෝ පාර්ලිමේන්තු කණ්ඩායමෙන් කිසිදු අදහස් විමසීමක් නොකර එක්තරා දැඩි තීන්දු 18 November 2018
ආණමඩුවේ ද.මු. කොටින්ට බිලි වුණ හැටි 1977 ජයග්රහණයෙන් පසු බිහි වූ එක්සත් ජාතික පක්ෂ රජයේ බල කඳවුරක් වූයේ ජා-ඇළය. ජෝන් අමරතුංග, ජෝශප් මයිකල් වැනි ප්‍රබල ඇමැතිවරු එහි බලය තහවුරු කර ගත්හ. 18 November 2018
විධායක ජනාධිපතිට අභියෝග කළ ගැටඹේ නායක හාමුදුරුවෝ විධායක ජනපති ජේ. ආර්. ජයවර්ධනගේ ප්‍රතිපත්තිවලට අභියෝග කිරීමේ පාපයෙන් දරුණු විපාක විඳි හිමි නමක් ලෙස ගැටඹේ රාජෝපවනාරාමාධිපති ධුරය දැරු අපවත් වී වදාළ දර්ශන විශාරද ආචාර්ය ලබුදුවේ සිරිධම්ම නාහිමියන් හැඳින්විය හැකිය. 17 November 2018
පන්ති සටන මැති සබයට රාජ්‍ය මන්ත්‍රණ සභාවේ නියෝජිතයන් ලෙස විවිධ පළාත්වලින් තේරී පත් වූ මන්ත්‍රීවරුන් සිටිය ද ලංකා සම සමාජ පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනා වූ ඇන්.ඇම්. සහ පිලිප්ගේ හඬ මුළුමනින්ම යොමුව තිබුණේ දුක් විඳින දහදිය මහන්සිය එකම සුදුසුකම ලෙස සලකා ජීවන වෘත්තියෙහි යෙදෙමින් සිටින අසරණ ජන ප්‍රජාව වෙත ය. මෙකී පිරිස සුදු අධිරාජ්‍යවාදීන්ගේත් වතු කොම්පැනිකාරයන්ගේත් ග්‍රහණයට හසුව සිටියහ. 17 November 2018
ජනතාව ඉදිරියේ හඬා වැටුණු අගමැතිවරයෙක් අගමැතිවරයකු ජනතාව ඉදිරියේ හඬා වැලපීම අගමැති තනතුරට සුදුසු වැඩක් නොවේ. එය ධුරයට අගෞරවයකි. තත්ත්වයට මදිකමකි. පට්ටමට නිගාවකි. එමෙන්ම හිටපු අගමැතිවරයෙකුටද මේ සිද්ධාන්තය බලපායි. හිටපු අගමැතිවරයෙකුද ජනතාව ඉදිරියේ කඳුළු වගුරුවන්නේ නම් එයද හිටපු තනතුරට කරන මදි පුංචිකමකි. කරපු ජොබ් එක පාවාදීමකි. 17 November 2018
ගමනායක මැතිවරණයට ගමනායක හා කරුණාගේ විවාහයෙන් පසුව, ගමනායක යුවළ කොළඹ ඇල්විටිගල මහල් නිවාසයෙහි පදිංචි වූහ. මේ කාලය වන විට උපතිස්ස ගමනායක නාමය මෙරට දේශපාලනයේ නිතර කියැවෙන නමක් බවට පත් වී තිබිණි. 17 November 2018
පාපැදි සොරකම පසුව මම ඔවුන් සමග සාකච්ඡා කර ඔවුන්ට පන්ති පැවැත්වූයෙමි. අනතුරුව ඔවුහුද ව්‍යාපාරයේ වැඩ කිරීමට පටන් ගත්තෝය. ප්‍රේමදාස හා ඥානරත්න සහෝදරයන් විසින් සූදානම් කළ සහෝදරයින්ට ද මම පන්ති පැවැත්වූයෙමි. මේ දිනවලම ගුරු විදුහලෙන් පිටවූ ගරුසිංහ සහෝදරයා මැදි විදුහලට මාරුවී පැමිණියේය. ගරුසිංහ සහෝදරයා දැඩි කැපවීමෙන් කටයුතු කිරීමට 17 November 2018
මෛත්‍රීගෙන් තිස්සට ඇමතුමක් ජනාධිපතිවරණ සූදානම උණුසුම් වෙද්දීම මාඳුළුවාවේ සෝභිත හාමුදුරුවන්ගේ නායකත්වයෙන් ඉතාමත් ආකර්ෂණීය සටන් පාඨයක් කරළියට ආවා. ඒ තමයි විධායක ජනාධිපති ධුරය අහෝසි කරන න 17 November 2018
පාසලේ තාප්පය වැටී දරුවන් තිදෙනෙක් තුවාල ලබති බොරැල්ල ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් තිදෙනකු රෝහල් ගත කර ඇතැයි බොරැල්ල පොලිසිය කියයි... 12 February 2026