මධු සාදයෙන් අවසන් වූ සේවක වැඩ වර්ජනයක් වැඩ වර්ජනයක් පවතින විට ඊට සභභාගි වන සියලු සේවකයන්ගේ අරමුණ වන්නේ තම ඉල්ලීම් දිනාගන්නා තුරු වර්ජනයන් අඛණ්ඩව කරගෙන යාමටය. එවැනි වැඩ වර්ජනයක් පැවැත්වෙන විට හොඳින් හෝ නරකින් සේවකයන් සේවයට කැඳවා ගැනීමට පෙලඹීම හාම්පුතුන්ගේ ස්වභාවය වේ. 27 October 2018
විජේවීරගේ පංති පහ අම්බලන්ගොඩ ගුස්තික්‍ඳ්ක්‍ඳවඩු පියසිරි ගුණරත්න ජනතා විමුක්ති පෙරමුණේ ආරම්භක සාමාජිකයෙකි. ඒ ඉපැරණි මතකය සිහිපත් කරමින් ඔහු “මගේ මතක සටහන්” (ජනතා විමුක්ති පෙරමුණ සහ අප්‍රේල් කැරැල්ල) නමින් කෘතියක් පසුගියදා එළිදැක්විණි. මේ ඒ කෘතියෙන් උපුටාගත් කොටසකි. 27 October 2018
සෝභිත හිමියෝ සටන් බිමට 2015 මුල් හරියේ ජනාධිපතිවරණයකට හැමෝගෙම වගේ සූදානමක් තිබුණා. නිල වශයෙන් ප්‍රකාශයට පත් නොකළත් කවුරු කවුරුත් මේ සඳහා ලෑස්ති වුණා. ඒ සූදානමේ ප්‍රධාන කාරණය වුණේ ඒ සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයා කවුද කියලා තීරණය කිරීම. විවිධ නම් මේ සඳහා යෝජනා වුණා. මේ නම් අතර ඉදිරියෙන්ම තිබුණේ මාදුළුවාවේ සෝභිත හාමුදුරුවන්ගේ නම. ඒත් එක්කම කියවුණා කරු ජයසූරියගෙ නමත් ශිරාණි බණ්ඩාරනායකගෙ නමත්. 27 October 2018
“තෙරුවන් සරණේ පිහිට දරාගෙන ගොවිතැන් කෙරුමට නඩු යනවෝ” බලාපොරොත්තු වූ අයුරින්ම පොලීසිය මඟ හරස් කළහ. බඩගිනි පෙරහැර මාර්ගය මැද නැවතිණ. බඩගිනි නිවන හමුදාව රජයේ මුඩු බිම් සමඟ සටන් වැදෙමින් සිටියහ. ‘නැවතියල්ලා, වෙඩි කන්න ඕනෑනම් පලයල්ලා. කැලෑ කපන්න යනවා නම් කෝ උඹලට ආයුධ, හංගාගෙන තියෙනවා නම් ආයුධ එළියට ගනිල්ලා” 21 October 2018
විජේවීරගෙන් අමුතු උපදෙසක් ජේ. ආර්. ජයවර්ධන ලෙහෙසි පහසු පුද්ගලයෙක් නොවේ. එම නිසා ළඟ තියෙන ලේන්සු හොඳට තෙමා ගන්න කියා විජේවීර සහෝදරයා අපට කීවේය. අපි සියලුදෙනා එසේ කළෙමු. උද්ඝෝෂණ පෙරහැර සාධු සාධු කියමින් මහා සංඝරත්නය පෙරටු කරගෙන විහාර මහාදේවී උද්‍යානයෙන් පිටත් විය. අපි ද ඒ සමඟ ගමන් කළෙමු. අප ගාලුපාරට ඇතුළු වූවාට එතැනින් ඉදිරියට යන්න නොහැකි විය. එක්වරම කාර් එකක් මේ සෙනඟ අතරින් ඉදිරියට ධාවනය විය. ලොකු අතුල හා රාජා කාර් එක ඉස්සරහට පැන ඉස්සරහ වීදුරුවට පහර දෙන්නට වූහ. අපි මේ දෙදෙ 20 October 2018
රජුන්ට සේවය කළ රජුන් විසින් පාවාදුන් කොබ්බෑකඩුව ඒ හඬ නැගුණේ 1982 ජනපතිවරණ පොර පිටියෙනි. ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනපති ජේ. ආර්. ජයවර්ධන සමග ජන බලය උරගා බැලීමට සටන් වැදුණු වමේ පිලේ පතාක යෝධයකු ලෙස ගෞරවාදරයට පත්වූ හෙක්ටර් කොබ්බෑකඩුව නම් දේශපාලනඥයා වෙනුවෙනි. 20 October 2018
සම සමාජයට පිට පිට ජයග්‍රහණ දෙවැනි රාජ්‍ය මන්ත්‍රණ සභා වාරයේදී ශ්‍රී ලංකාවාසී පොදු ජනතාවගේ උන්නතිය වෙනුවෙන් ඇන්. ඇම්. සහ පිලිප් ගෙන ගිය දැවැන්ත මෙහෙවර අතිශය වැදගත් වූවක් විය. ඔවුන් හඬ නැඟුයේ දැක්මක් උදෙසා වූ යහ පාලනයක් මෙරට ප්‍රතිෂ්ඨාපනය කරනු උදෙසාය. යෝජනාවේ මෙසේ සඳහන් විය. “මේ සභාවේ අදහසේ හැටියට ඉන්දියානුවන් රජයේ ආධාර ඇතිව තවදුරටත් මේ රටේ ය 20 October 2018
ගාමිණීගේ රහස් වැඩ 1993 පැවැති මධ්‍යම පළාත් සභා මැතිවරණයේදී ප්රජාතන්ත්රවාදී එක්සත් ජාතික පෙරමුණේ මහ ඇමැති අපේක්ෂකයා ලෙස ඡන්දයට ඉදිරිපත් වූවේ හිටපු ඇමැතිවරයෙකු වූ ගාමිණී දිසානායක මහතා ය. ප්‍රේමදාස ජනාධිපතිවරයාට එරෙහිව ලලිත් ඇතුළත් මුදලි සහ ජී. එම්. ප්‍රේමචන්ද්‍ර ඇතුළු කීප දෙනෙකු සමග දෝෂාභියෝගයක් ඉදිරිපත් කිරීමේ හේතුව මත ඔහු ඒ වන විට එ.ජා.ප. -යෙන් පමණක් නොව නුවරඑළිය දිස්ත්‍රික් මන්ත්‍රී ධුරයෙන් පවා නෙරපා හැර තිබුණේය. 20 October 2018
කරුගේ ‘මරු’ වැඩ 1950 දශකය ආරම්භයේ දී මෙරට තරුණ පෙළ අතර සිගරැට් බීම බොහෝ සෙයින් ඉහළ නැග තිබුණේය. ඒ සඳහා මුල්වූ එක් හේතුවක් වූයේ විවිධ නම්වලින් හැඳින්වූ සිගරැට් වර්ග ඉතා අඩුමිලට කුඩා පෙට්ටි කඩවලින් පවා ලබාගත හැකිවීමය. එකල ‘පීකොක්’ යන නමින් හැඳින්වූ සිගරැට්ටුවක මිල ශත දෙකක් වූ අතර එම වර්ගයේ සිගරැට් පැකැට්ටුවක් ශත විස්සකට ලබාගත හැකි විය. 20 October 2018
නායකයාට පිටුපා ජයගත් මන්ත්‍රීවරු 1956 මැතිවරණයෙන් එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා සියලු ප්රගතිශීලි දේශපාලන බලවේග එක මාවතකට ගෙන මහජන එක්සත් පෙරමුණ ලෙස මැතිවරණයට ඉදිරිපත්ව ජනතා ජයග්රහණයන් ලැබුවත් ආණ්ඩුව තුළ සිටි දක්ෂිණාංශික බලවේග පිලිප් ගුණවර්ධන මහතා ඇතුළු ප්‍රගතිශිලි බලවේග ආණ්ඩුවෙන් ඉවත් කරලීමට 1959 වනවිට සමත්විය. එහි ප්‍රතිඵලයක් ලෙස 1959 සැප්තැම්බර් 26 වැනිදා බණ්ඩාරනායක මහතාට සිය ජිවිතයෙන් වන්දිගෙවීමට සිදුවිය. 20 October 2018
සීවලී හිමියන්ගේ භාෂා හරඹය සිංහල භාෂාවට අපූරු වදන් වැලක් එක්කිරීමට මෙම වියතා සමත්විය. එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ ධනේෂ්වර පන්තියට යෙදෙන නමක් වූ ‘ජනතා විරෝධී’ යන්නට සමාන වදනක් එතෙක් සිංහල භාෂාවේ නොවීය. ප්රතිගාමී යන වදන ඊට හඳුන්වා දුන්නේ සිරි සීවලී හාමුදුරුවෝය. ප්රතිගාමී යන්නට විකල්ප වදන නම් ප්රගතිශීලි යන්නය. එයද සිරිසීවලි හිමියන්ගේ නිර්මාණයකි. 20 October 2018
රහස් කතාබහෙන් බිහි වූ අවුල් පිරුණු හවුල් ආණ්ඩුවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ඒකාබද්ධ විපක්ෂය අතර එක්සත් බවක් ඇති කිරීමටත් එම පක්ෂ දෙකේ සහභාගිත්වයෙන් භාරකාර රජයක් ගොඩනැගීමත් උදෙසා සාකච්ඡා පැවැත්වෙන බවත් ඒවා සාර්ථකව ඉදිරියට ගමන් කරන බවත් මේ දිනවල ජන මාධ්‍යවලින් ප්‍රකාශයට පත්වෙමින් තිබේ. එවැනි දේ සිදු විය හැකි නමුදු මගේ ගෙදර නම් එවැනි සාකච්ඡා පැවැත්වුණේ නැති බව කියන ඇස්. බී. දිසානායක මහතාගේ කතාවත් ප්‍රධාන පාර්ශ්ව සියල්ල නිහඬතාව රැකීමත් ගැන සැලකීමේදීත් යමක් සිදුවෙනවා වන්නට ඇතැයි ජනතාවට අවබෝධවීමට ඇති 20 October 2018
දවල් නිදන රෑ නොනිදන හාමුදුරුවෝ මහා සංඝායනාවලින් පසු භික්ෂුත්වය පිළිබඳ නිවැරැදි බුද්ධ දේශනය සමාජය වෙත හෙළිපෙහෙළි කිරීමේ අදිටනින් 1959 දී විද්‍යාලංකාර පිරිවෙනේ 75 වන සංවත්සරය වෙනුවෙන් ‘විද්‍යාලංකාර ත්‍රිපිටක ධර්ම සංගීතිය’ සංවිධානය කරනු ලැබුවේද යක්කඩුවේ නාහිමියන්ගේ මූලිකත්වයෙනි. 16 October 2018
ලෝකය අල්ලේ නැටවූ මිත්තණිය “පැසුණු හිසින් බුහුමන් ලබව්! යැයි උධෘත පාඨයක් වේ. එයින් කියවෙනුයේ මිනිසාගේ පරිණත බවේ වටිනාකමය. නොඑසේ නම් වැඩිහිටියන්ගේ අත්දැකීම්වල අගයය. ඕනෑම ක්ෂේත්රයකට පොදු වූ මෙම සනාථන ධර්මය දේශපාලනයටද අදාළ කර ගත හැකිය. උපහාසය දරා ගන්නා තැනැත්තා දියුණුවේ ඉහළටම යනු ඇතැයි රුසියානු ලේඛක නිකොලායි ගොගොල් ලීවේය. දියුණුව සඳහා වාසනාව, ආත්ම ධෛර්යය, කැපවීම යන ගුණාංගනයන්ද අවශ්‍යය. උපහාසය දරා ගැනීමද එයට එක්වන්නේ නම් වඩාත් යෝග්‍යවනු ඇත. 16 October 2018
ලොවම කුල්මත් කළ ඔක්තෝබර් විප්ලවයේ මතක සටහන් ඔක්තෝබරය යනු විප්ලව මාසයයි. එතෙක් පැවති ලෝකයේ සම්ප්‍රදායික ගමන් මඟ වෙනස් කළ සෝවියට් සමාජවාදී විප්ලවය සිදු වූයේ 1917 ඔක්තෝබරයේය. එයින් ගොඩනැඟුණු සෝවියට් සමාජවාදී ජනරජයට සමස්ත මිහිතලයෙන් හයෙන් එකක භූමිභාගයක් අයත් වූයේය. ලෝකයේ විශාලම ජනගහනය වෙසෙන රාජ්‍යය වශයෙන් පිළිගැනෙන්නේ චීනයයි. වැඩවසම් වාදී දූෂිත රාජ වංශවල පාලනය යටතේ වහල් භාවයේ ගිලී සිටි චීන ජනතාව මාඕ සේතුං නායකතුමාගේ 16 October 2018
වමට - දකුණට කැරකැවුණ වයඹ එජාප බලකොටුව පාර්ලිමේන්තු මැතිවරණ ඉතිහාසය තුළ දොඩම්ගස්ලන්ද මැතිවරණ කොට්ඨාසයට සුවිශේෂ පිළිගැනීමක් හිමිවූයේ ශ්‍රී ලංකාවේ තුන්වැනි අග්‍රාමාත්‍ය ධුරයට පත්වූ දේශපාලන ලෝකයේ විවාදාත්මක චරිතයක් වශයෙන් ප්‍රසිද්ධියට පත් සර් ජෝන් ලයනල් කො 16 October 2018
බඩ ගින්නට එරෙහි වීදි සටන් 56 මහජන එක්සත් පෙරමුණේ ජයග්‍රහණය ජනතා ජයක් බවට පත්කිරීම සඳහා පිලිප් ගුණවර්ධන කුඹුරු පනත ගෙනාවේය. අඳ ගොවි ප්‍රශ්නයට පවා විසඳුම් ඉදිරිපත් කර ඇති එම පනත ප්රගතිශීලි යැයි බහුතරයගේ මතයයි. එහෙත් පනතට එරෙහිව කැබිනට් මණ්ඩලයේ ඇතැම් ඇමැතිවරු පවා පෙළපාළි ගියහ. 14 October 2018
වමට පණ දුන් “ඩබල් ඩොක්ටර්” නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගැන උණුසුම්ව කතා බහ කෙරෙන අද පවා නිරතුරුව සිහිපත් වන දේශපාලන චරිතයකි කෘතහස්ත වාමාංශික දේශපාලනඥයකු හා ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු මෙන්ම ප්‍රවීණ නීතිවේදියකු වූ ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා. 13 October 2018
ගල් ගෙයක සිර කළ සුද්දගේ කතාව සමසමාජ පක්ෂය පොදු මහජනතාව සමඟ වඩාත් සමීප වීමෙහිලා විදේශිකයකු වූ බ්රෙස්ගර්ඞ්ල්ගේ ආගමනය දැඩි සේ බලපාන්නක් විය. ආණ්ඩුකාරවරයාගේ නියෝගයට පිටුපා බ්‍රෙස්ගර්ඞ්ල් ක්‍රියා කිරීම තුළින් රජ අණසකට යටත් නොවන ප්‍රබල සමසමාජවාදියකු මතුවීම බි්රතාන්ය පාලනයට ද එල්ල කරනු ලැබූ අතිවිශාල අභියෝගයක්ය යන්න මුළු රටම දැනගත්තෙන් පක්ෂ විධායකයෝ එක්ව රහසිගතව තීරණයකට එළැඹියහ. දැන් කළ හැකි එකම දෙය නම් ඔහුට රටෙන් 13 October 2018
ජනපති ප්‍රේමදාසගෙන් ජවිපෙට ඇමැතිකම් දිවංගත රණසිංහ ප්‍රේමදාස මැතිතුමා 1988 ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අවස්ථාව වන විට ඔහුට තම පක්ෂය තුළින් කිසිවකුගේ හෝ අභියෝගයක් නොතිබිණි. ඊට හේතු වූයේ ඒ වන විට එ.ජා.ප.යේ. සිටි වෙනත් නායකයනුත් එම අවස්ථාවේ රටේ පැවැති දැවෙන ප්‍රශ්න හමුවේ එවැනි භාරදූර වගකීමක් දැරීමට දැක්වූ පසු බෑමය. 13 October 2018
විජේවීරට කැපිල්ලක් චීන කොමියුනිස්ට් පක්ෂය යටතේ වන ගොවි සම්මේලනයේ නියෝජිත රැස්වීමක් කොළඹ පක්ෂ කාර්යාලයේදී ශන්මුගදාසන් සහෝදරයාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී. මෙහිදී මට එම රැස්වීම ඇමතීමට අවස්ථාව ලැබුණි. අප පක්ෂය විප්ලවවාදී පක්ෂයක් බවත්, මෙම සහෝදරයින් 13 October 2018
නිලධාරියකුගේ ඔළුව පැලූ මන්ත්‍රීවරයා හිටපු අග්‍රාමාත්‍යවරයෙකු මෙන්ම හිටපු ඇමැතිවරයෙකු වූ දි. මු. ජයරත්න මහතා මුල්වරට පාර්ලිමේන්තුවට තේරී පත්වූයේ 1970 මහ මැතිවරණයෙන් ගම්පොළ අසුන ජයග්‍රහණය කරමිනි. එකල පසුපෙළ මන්ත්‍රීවරයෙකු වූ ඔහු ප්‍රදේශයේ ප්‍රසිද්ධව සිටියේ තරමක් නහර කාරයෙකු වශයෙනි. 13 October 2018
“ අධිරාජ්‍යවාදයට එරෙහිව අපි සටන් කරමු ” අද ද එහි පවත්නේ අධිරාජ්‍ය යුද්ධයක ස්වරූපයමය. ප්රජාතන්ත්රවාදි බලගතු රටවල් හා අනෙක් පක්ෂයේ බලවත් රටවල් යුද්ධය කරගෙන යන්නේ ඒ දෙපක්ෂයෙන් කවර පක්ෂයක් ලෝකය පාලනය කළ යුතුද යන ප්රශ්නය තීරණයකට පත් කර ගනු සඳහාය. මේ ප්රජාතන්ත්රවාදය සහ පැසිස්ට්වාදය එකම අධිරාජ්‍යවාදය නමැති කාසියේ දෙපැත්තය. ධනපති ක්‍රමය සුනු විසුනු කොට කම්කරුවන්ගේම රජයක් එනම් කම්කරු ආධිපත්‍යයක් පිහිටුවාලීමට කම්කරු පංතියට නොහැකි වූ විට දිරාගිය ධනපති ක්‍රමය පැසිස්ට් ක්‍රමයකට පෙරැළීම නිතැතින 09 October 2018
උරුමය වෙනුවෙන් ගිනියම් සටන් ‘දවල් නිදා රෑ නොනිදන හාමුදුරුවෝ’ යන විරුදාවලි ලත් යක්කඩුවේ ප්‍රඥාරාම නාහිමියෝ විද්‍යාලංකාර පිරිවනේ පස්වන පරිවේණාධිපතීන් වහන්සේ ලෙස පත්වූහ. 09 October 2018
වහල් වතුකරයට එරෙහිව සටන් කළ ගාන්ධි උපන් ගමේ ඉපදුණු අපේ මිනිසා අද බොහෝ විට වතු කම්කරු අරගල ගැන කතා කරන විට නිනැතින්ම සිහියට එනුයේ දෙමළ වතු කම්කරුවන් ගැන විය යුතුය. එහෙත් මේ රටේ වතු කම්කරු අරගලවලට සිංහලයන් දිවි පිදූ ඉතිහාසයක් ද තිබේ. සිංහල ඉන්දියානු හා මෙරට දෙමළ සෙසු ජාතීහු ද එදා එකාවන්ව වතු කම්කරු අරගලවලට එක්වූහ. ජීවිත කැප කළහ. 09 October 2018
ජවිපෙ මුල්ම සාකච්ඡාව පූර්ණ කාලීනයකු ලෙස පත්ව සිටියත් ඔහු ද පත්තර විකිණීම වැනි කටයුතුවල යෙදෙනවා විනා ජනතාව අතරට ගොස් පක්ෂ සාමාජිකත්වය වර්ධනය කර ගැනීමට කිසිත් නොකරන බවත් කීවේය. පොළොන්නරුවේ කුලරත්න වැනි සහෝදරවරුන් කිහිපදෙනෙකු ඔවුන්ගේ වුවමනාවට ජනතාව අතර කටයුතු කරතත් පක්ෂයේ වර්ධනයක් නොවන බවත් ඔහු එදා මා සමග කීවේය. අප වුණත් පක්ෂ කටයුතු ලෙස කළේ රැස්වීම්වලට සහභාගි වීම හා කාර්යාලයේ කතා කරමින් සිටීම නේද කියා මටත් තේරුම් යන්නට විය. පක්ෂයේ වර්ධනය සඳහා අපෙන් වැඩ ගැනීම පිණිස ක්ර 07 October 2018
දැදිගම අතුරු මැතිවරණයේ අතුරු කතා 2018.07.15 ඉරුදින ලංකාදීප පත්‍රයේ එල්.ඩබ්ලිව්. පුෂ්ප කුමාර මහතා විසින් ලියා ඉදිරිපත් කරන ලද ජේ. ආර්., රුක්මන් පසුපස පැන්නුවේ මාරාවේශයෙන්ද යන ලිපියට ඌණපූරණයකි. 07 October 2018
පොලිස් කුමන්ත්‍රණ පුරාණයෙන් නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වන නාලක ද සිල්වා මහතා පොලිස් ඔත්තු කරුවෙකුට දුන් දුරකථන ඇමතුමක් මගින් ප්‍රභූ ඝාතනයට උපදෙස් දෙන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මහත් ආන්දෝලනයක් හටගෙන තිබේ. මේ දිනවල පුවත්පත්වල මුල්ම සිරස්තල වෙන්ව ඇත්තේ මෙම ප්රවෘත්තියටය. ඇත්තෙන්ම එම ප්‍රවෘත්තිය එවැනි මහජන අවධානය යොමු විය යුතු බරපතළ මාතෘකාවක් බව නිසැකය. මක් නිසාද යත් ලෝකයේ බොහෝ රටවල මෙවැනි දේ සිදුව ඇති නිසාය. අප්‍රිකාවේ සහ ලතින් ඇමරිකානු රටවල රාජ්‍ය නායකයා මරා දමා බලය අත්ප 07 October 2018
ඇමති ටී.බී. මග දමා ඇමැති නිල රිය පිම්මේ ගිහින් මෙරට හිටපු සංස්කෘතික ඇමතිවරයකු මෙන්ම වත්මන් කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රීවරයකු ද වූ ටී.බී. ඒකනායක මහතා විවිධ කලා කුසලතාවලින් හෙබි රසවතෙකි. ඔහු ටෙලිනාට්‍ය නළුවකු මෙන්ම නිෂ්පාදකවරයෙකු ද වේ. ගීත ගායනයට සහ කාව්‍යකරණයටද ටී. බී. තුළ ඇත්තේ අගනා හැකියාවකි. එසේම ඔහු අතිදක්ෂ වූෂු සටන්කරුවකු ද වේ. 07 October 2018
රජරට “බල්ටි” ගැසූ බර්ටි දිසානායක දේශපාලන වාසිය තකා පිල්මාරු කරන මහජන නියfා්ජිතයන්ගෙන් අඩුවක් නොමැති සමාජයක තමන්ට ඡන්දය දුන් ජනතාවගේ ඕනෑ-එපාකම් තේරුම් ගෙන පක්ෂයේ අරමුණුවලට සාධාරණය ඉටු කරමින් දිවි පරදුවට තබා කටයුතු කරන පුද්ගලයන් හමුවන්නේ කලාතුරකිනි. 06 October 2018
පාසලේ තාප්පය වැටී දරුවන් තිදෙනෙක් තුවාල ලබති බොරැල්ල ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් තිදෙනකු රෝහල් ගත කර ඇතැයි බොරැල්ල පොලිසිය කියයි... 12 February 2026