මහත්මා ගාන්ධිගේ ලංකා ගමන
1927 නොවැම්බර් 13 වැනි දින සිංහල, දෙමළ, මුස්ලිම් හා ඉන්දියානු සම්භවයකින් යුත් පුද්ගලයන්ගේ උද්යෝගිමත් පිළිගැනීම් මධ්‍යයේ මහත්මා ගාන්ධි කොළඹට සම්ප්‍රාප්ත විය. කොළඹ, මහනුවර, ගාල්ල සහ තවත් ස්ථානයන්හිදී ඔහු වෙනුවෙන් ප්රදානය කරන ලද පිළිගැනීම්වලදීද ගාන්ධි කථා කීපයක්ම පැවැත්වීය. ඒ අතර ලංකා ජාතික කොංග්‍රසය, සමස්ත ලංකා බෞද්ධ සංගම් සම්මේලනය සහ තරුණ බෞද්ධ සංගමයේ නියෝජිතයෝද, කොළඹ තරුණ ක්‍රිස්තියානි සංගමයේ නියෝජිතයෝද කම්කරු සංගමයේ අනුග්‍රහය යටතේ පැවැත්වුණු මහ