වෙසක් දා ඇවිළී ගිය සිංහල-මුස්ලිම් ගැටුම
එක්දහස් පන්සිය පහේදී මෙරටට පෘතුගීසීන් සංක්‍රමණය වීම මෙරට ජන ජීවිතයේ සෑම අංගයක් වෙතම ඉතා අහිතකර අන්දමින් අතිමහත් බලපෑමක් ඇතිකළ බව ඉතිහාසයේ සඳහන් වේ. භාෂාව, සාහිත්‍යය, කලාව, ආගම, සංස්කෘතිය ආදී වශයෙන් එතෙක් පවත්වාගෙන ආ චිරාගත සමාජ අංගෝපාංග සියල්ල විනාශ කර වෙනත් නව මතවාදයන් හඳුන්වා දීමට ඔව්හු කටයුතු කළහ. පෙර රජ දවස ඔවුන්ගේ අනුග්‍රහයෙන් පෝෂණය ලද බුද්ධාගමට හිමි කරදී තිබුණු තැන අහිමි වී ගියේය. රජුට උපදෙස් දීමට පවා මහා සංඝරත්නය වෙත පවරා තිබුණු බල