දේශප්‍රේමි තුවක්කුවෙන් අනූ නවයෙන් බේරුණු හැටි
ලෝකයේ විවිධ රටවල යම් යම් කාලවකවානුවලදී රාජ්‍ය පෙරළි, රාජ්‍ය කුමන්ත්‍රණ, කැරලි කෝලාහල, ජාතිවාදි අරගල, ආගම්වාදී අරගල - කුලවාදී අරගල හා විවිධාකාරයේ නොසන්සුන්තාවන් ඇති වූ අයුරු ඉතිහාසය පිරික්සීමේ දී පැහැදිලිව ඉස්මතු වී දක්නට ලැබේ. ඒවායින් සමහර සුළු පරිමාණ ඒවා වන අතර සමහරක් මහා පරිමාණ සිද්ධීන්ය. කැත්තෙන් පොල්ලෙන් කඩුවෙන් පටන්ගත් අරගල වර්තමානය වන විට අත්බෝම්බ, බිම්බෝම්බ, වාහන බෝම්බ, මිනිස් බෝම්බ, මිසයිල, න්‍යෂ්ථික අවි ආදිය දක්වාත් සාමාන්‍ය තුවක්කුවෙන්