ගම්පහ ඉහළින් ජයගත් අඩි හතරේ “පන්ති මහත්මයා”
රාජ්‍ය මන්ත්‍රණ සභා කාලයේදී බෙදා වෙන් කරන ලද ගම්පහ ආසනය තුළ, දිස්ත්‍රික් උසාවියක් හා මහේස්ත්‍රාත් උසාවියක් ද පවත්වාගෙන ගිය නමුත්, ආසන සීමාවේ ආසනය පිහිටා තිබූ බැවින්, මධ්‍යස්ථානය වශයෙන් සලකන ලද්දේ යාබද ජා-ඇල නගරයයි. එදා වික්ටෝරියා පාලමෙන් පටන් ගෙන, කොළඹ සිට මීගමුව පාරේ දඬුගම දක්වා වූ පෙදෙසත්, ගම්පහ සිට ජා-ඇල දක්වා වූ කොටස් හා පමුණුගම, හැඳල ආදී ප්‍රදේශ ගම්පහ ආසනයට අයිති කොටස් විය.