තියුණු තරගයකින් පසු කලීල්ට ජය
“සමස්ත ලංකා යෝනක සංගමය සමග මුස්ලිම් සංගමයේ නියෝජිතයින් විසින් පවත්වන ලද දීර්ඝ සාකච්ඡාවකින් පසුව සංගම් දෙක අතර තිබූ භේදය සමථයකට පත්කර ගැනීමට හැකි විය. මුස්ලිම් අධ්‍යාපනයේ විද්‍යාල වසා දැමීම, මුස්ලිම් ශිෂ්‍යයන්ගේ සහන අස්කර ගැනීම ගැන අධ්‍යාපන අමාත්‍යවරයා හමුවූ නියෝජිතයන් අතර සැනේට් මන්ත්‍රී ඒ. ආර්. ඒ. රාසික්, දොස්තර ඇම්. සී. ඇම්. කලීල්, ඒ. ඇම්. ඒ. අසීස්, ෆලීල් ඒ. කපූර් හා ඒ. එච්. මාකන් මාකර් ද වූහ.