IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


සුපිරියට පදම් වෙන්න ගිහින් කට්ටියක්ම ඇනගෙන

  • මොරගොල්ලාගම - සිසිර කැලේගම

දුර බැහැර ප්‍රදේශයක සිට පොසොන් වන්දනාවේ ඇවිත් මත්පැන් පානය කරන්නට ගිය තරුණ නඩයකට වැඩ වැරදුණු පුවතක් වයඹ පුරවරයෙන් අසන්නට ලැබුණි.

වන්දනාවේ ආ පිරිස බත් දන්සල් සොයා ගියත් සෑම ස්ථානයකම ජනතාවගෙන් ඒවා පිරි තිබුණි.

එසේ වූවත් ඔවුන් දවල්ට බත් කෑම සඳහා නගරයට තරමක් දුරින් වූ දන්සලක පෝලිමක රැඳී සිටියේ කරන්නට වෙන කිසිවක් නොවූ හෙයිනි. ඒ අතර අවට පිරිස් හා සමීපවීමට ද ඔවුනට අවස්ථාව උදා විය.

තරුණ ගැටවුන්ගෙන් පිරිසක් ඒ සිටි අයකු අමතා අඩියක් ගසන්නට ක්‍රමයක් නැද්දැයි විමසා සිටියේ ඇඟට පතට නොදැනෙන සේය.

ඔවුන් එසේ ව්‍යංගාර්ථයෙන් අසා ඇත්තේ අරක්කු නැද්දැයි යන්න තේරුම් ගත් හෙතෙම තියෙනවා, හැබැයි ඒවා ගමේ එ්වා යැයි කීවේය.

ගමේ බඩු යනු කසිප්පුය. ඔහු තවත් කීප දෙනකුට මේ අවශ්‍යතාව පැවැසූ අතර ඒ අනුව ජාවාරම්කරුවා ද එතැනට කැඳවුවේය.

ප්‍රමාණය විමසා ඔවුනගෙන් මුදල් ඉල්ලා ගත් ඔහු ඒවා ගෙන ඒමට පිටතට ගියේය.

ටික වේලාවකට පසුව ඔහු එහි පැමිණියේය. අන්න අතන අර ඉන්නේ වෙස් වලාගෙන පොලිසියෙන්. එයාලාට මොකක් හරි සැකයක් ඇති වුණා වාගේ. මෙතැන නම් ඉන්න එපා. පිටතට ගිහින් බීලා පෝලිමට එක්වන්න යැයි ඔහු කී සැණින් බත් කෑමත් පසෙක තබා ඔවුහු වෙනත් දන්සලකට යන මුවාවෙන් එතැනින් විදුලි සැරෙන් නික්ම ගියහ.

එහෙත් එහි ඇත්තේ කසිප්පු නොව කුඩා උරවලට පිරවූ වතුර බව ඔවුන් දැනගන්නා විට හොඳටම පමාවී තිබිණි. සිදු වූ දෙයින් හොඳට මට්ටු වූ ඔවුන් ඒ ගැන කිසිවක් සොයන්නට ආපසු නොපැමිණියේ ලජ්ජාව නිසාමය.



අදහස් (0)

සුපිරියට පදම් වෙන්න ගිහින් කට්ටියක්ම ඇනගෙන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 640 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17645 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 729 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site