IMG-LOGO

2025 සැප්තැම්බර් මස 03 වන බදාදා


ව්‍යාපාරිකයාගේ වාහන දඩ කොළය පොලිස් නිලධාරියාම අතින් ගෙවලා

වාහනයක් ධාවනයේදී රියැදුරෙකු කළ වැරැද්දකට නියම කළ රුපියල් දහසක දඩය නියම කළ පොලිස් නිලධාරියාම ගෙවා දැමූ පුවතක් පුත්තලම පොලිස් කොට්ඨාසයට අයත් පොලිස් ස්ථානයකින්   අසන්නට ලැබුණි. මේ පොලිස් නිලධාරියා අදාළ පොලිසියේ රථවාහන අංශයේ සැරයන්වරයෙකි.  මොහු සිය බලප‍්‍රදේශයේ ප‍්‍රධාන මාර්ගයක රාජකාරි කරමින් සිටි අවස්ථාවක අධික වේගයෙන් ධාවනය වෙමින්  තිබු වෑන් රථයක් නවතා රියැදුරාට රුපියල් දහසක දඩ කොළයක් නිකුත් කළේය. රියැදුරා එය ළඟම පිහිටි තැපැල් කාර්යාලයට ගොස් ගෙවා දමනවා වෙනුවට මේ බව ව්‍යාපාරිකයෙකුද වන තම හාම්පුතාට (රථයේ අයිතිකරුට) දැනුම් දුන්නේය.තම රියැදුරාගේ කතාව ඇසු ව්‍යාපාරිකයාට අසුහාරදාහට නැග්ගේය. ඔහු වහාම දුරකතනය අතට ගෙන සිද්ධිය සම්බන්ධ පොලිස් සැරයන්වරයාට ඇමතුමක් ගත්තේය. තමන් එතෙක් පොලිසියට කළ උදව්පදව්වල තරම නිලධාරියාට මතක්  කර දුන්නේය. එවැනි තත්ත්වයක් තුළ දැන  දැනම මෙවැන්නක් කිරීම යුක්ති සහගත දැයි විමසුවේය. මෙම  කතාව ඇසූ පොලිස් නිලධාරියා  නිරුත්තර විය. එසේම  ඔහු ලැජ්ජාවටත් අපහසුතාවටත් පත්විය. ඒ අනුව ඔහු දඩ කොලය ආපසු ඉල්ලාගෙන තැපැල් කන්තෝරුවට ගොස් තම අතේ මුදලින් ගෙවා දමා තිබුණේ මේවා අපිට හොඳ පාඩම් යැයි  සිතාගෙන විය හැකිය.



අදහස් (0)

ව්‍යාපාරිකයාගේ වාහන දඩ කොළය පොලිස් නිලධාරියාම අතින් ගෙවලා

nasar Wednesday, 26 October 2011 12:14 PM

වැරැද්ද පොලිස් නිලධාරියා අතේ, නිතිය අතට අරගෙන.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 240 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16089 7
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 582 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site