IMG-LOGO

2025 නොවැම්බර් මස 01 වන සෙනසුරාදා


රබර් වත්ත මැද එකගෙයි පවුල් කන ගහක්

සබරගමුව පළාතේ දැව කර්මාන්තකරුවකු වූ ඔහු පසුගිය දා අක්කර තුනක් පමණ වූ කල් ඉකුත්ව ඇති රබර් වගා කළ ඉඩමක රබර් ගස් කැපීමට ගියේ සේවක පිරිසක් සමඟය. රබර් වත්තේ හිමිකරුවෝ දෙදෙනක් ද එහි වූහ.


රබර් ගස් පරීක්ෂා කරමින් ගිය ඔහුට ඉඩමේ මැද හරියේ තිබෙන ගසේ දෙපැත්තේම කිරි කැපූ අපූරු ගසක් දක්නට ලැබී ඒ පිළිබඳව වත්ත හිමිකරුවන්ගෙන් විමසීය.


‘අපේ තාත්තා ඉඩම අපි දෙන්නට බෙදන කොට මේ ගහ දෙපැත්තේ හරි මැද තිබුණේ. තාත්තා දෙපැත්තට බෙදුණු ඉඩමේ කටු කම්බි ගහගෙන ඇවිත් මේක මැද කම්බි ගැහීම නවත්තලා’ උඹල දෙන්නටම මේ ගහ අයිතියි. ඒ හින්දා කැමැති නං දෙපැත්තෙන්ම කිරි කපා ගනිල්ලා’ කීවා. ඉතිං අයියා ඒ පැත්තේ කිරි කැපුවා. මං මේ පැත්තේ කිරි කැපුවා’ කීවේ සිනා සෙමිනි.


මවිතයට පත් වූ කර්මාන්තකරුවා ‘එහෙනම් මේ රබර් ගහත් එකගෙයි පවුල් කාපු අම්මණ්ඩි කෙනෙක් වගේ.

දෙන්නටම එක විදියටම සළකලා අන්තිමට දර කෝටුවක් වගේ කෙට්ටුවෙලා’ කීවෙන් අයියා සහ මල්ලීත් පැමිණ සිටි සේවක පිරිසත් සිනාසෙන්නට වූවා ලු.
(තිහගොඩ උපසේන ලියනගම)

 



අදහස් (0)

රබර් වත්ත මැද එකගෙයි පවුල් කන ගහක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1806 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1473 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 525 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site