දකුණු පළාතේ නගරයකට ආසන්න ක‍්‍රිඩා පිටියක් අසල වූ වෙළෙඳසලකි. සවස් භාගයේ කී‍්‍රඩා පිටියේ අභ්‍යාස කිරීමට එන මැදිවියේ පුද්ගලයකු වූ ඔහු අවශ්‍ය බඩු ගන්නේ මේ වෙළෙඳ හලෙනි. එහෙත් මුදලාලිට ඔහු ගැන කිසියම් සැකයක් ඇතිවූයේ බඩු ගන්නා අතරතුර එහි වූ ආහාර වර්ග හොරෙන් සාක්කුවේ දමා ගන්නේය යන සැකයයි. බැලූ බැල්මට වැදගතකු ලෙස පෙනුණු නිසා මේ හොරකම අතටම අල්ලා ගැනීමට සිතූ ඔහු තම පුතාටද මේ ගැන කියා තිබුණි. පසුගියදා වෙළෙඳසලට ආ ඔහු ඉල්ලූ බඩු තම පියා කිරාදෙන අතරතුර අසල බෑගයක වූ බිත්තර දෙකක් ඔහු සිය කොට කලිසමේ සාක්කුවට දා ගන්නවා පුතා පැහැදිලිවම දුටුවේය. ඔහු ළඟට ගිය මුදලාලි පුත‍්‍රයා ඔහු සමඟ කී‍්‍රඩා කටයුතු ගැන කතා කරමින් සිටින අතර ”වයසට ගියත් අංකල් මාර ක‍්‍රීඩකයෙක් නේ” කියමින් ඔහුගේ කලිසම් සාක්කුවේ පැත්තට තට්ටුවක් දැම්මේ තරමක වේගයෙනි. බලාපොරොත්තු නොවූ එම පහරින් බිත්තර බිඳී එහි සාරු කොට කලිසම දිගේ පහළට ගලද්දි ඔහු කඩිනමින් වෙළෙඳ සලෙන් පිටව ගියේ කිරන ලද බඩු ටිකවත් නොගෙන බව ගම පුරා ප‍්‍රචාරය වීමට ගත් වූයේ මොහොතකි.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
මුදලාලිගේ පුතා ඇවිත් කී‍්‍රඩකයාට වැඩේ වැරැදිලා