IMG-LOGO

2025 ඔක්තෝබර් මස 29 වන බදාදා


මුදලාලි නවීන තාලෙට තේ දෙන්න ගිහින් පස්ස බ්ම ඇනගෙන

(වියලුව වාර්තාකරු)
ගම්බද ප්‍රදේශයක අලුතින් විවෘත කරන ලද ආපන ශාලාවකට පැමිණි පුද්ගලයකුට නගරයේ ක්‍රමයට තේ පිළිගැන්වීමට ගොස් පස්ස බිම ඇනගත් ආපනශාලා හිමියකු පිළිබඳ පුවතකි.


සිද්ධිය මෙසේය.


ඔහු නගරයේ ආපන ශාලාවක සේවය කළ පුද්ගලයෙකි. කොරෝනා උවදුරත් සමඟ ආපනශාලාවට කණකොකා හැඬීම නිසා ඔහු යළි ගමට පැමිණියේ තමන්ගේම කියා කුඩා ව්‍යාපාරයක් හෝ පටන් ගන්නා අටියෙනි. ගමට පැමිණි හෙතෙම ප්‍රධාන මාර්ගයකට යාබදව ඉදිකර වසා දමා තිබූ කඩ කාමරයක් අඩු මුදලකට බදු ගත්තේ එහි ආපන ශාලාවක් පවත්වාගෙන යෑමේ අටියෙනි. 


නගරයේ ආපන ශාලාවක කලක් සේවය කළ ඔහු තමුන් ආරම්භ කළ ආපනශාලාවට ද එහි අංග එක් කිරීමට තැත් කළේ ගම්මුන්ට මෙන්ම මහ මඟ යන එන්නන්ට තම ආපන ශාලාවෙන් ඉහළ ගුණාත්මක සේවයක් ලබාදී ව්‍යාපාරයට ජනප්‍රියත්වයක් ලබාදීමේ අදිටනිනි.


ඉතා පිරිසුදුව පවත්වාගෙන ගිය ආපනශාලාවේ ආහාර පිළිගැන්වීම තේ පිළිගැන්වීම ඇතුළු බොහොමයක් දේ සිදු කරනු ලැබුවේ ද නගරයේ දී තමුන් අත්දුටු ක්‍රමවලට තවත් අංගෝපාංගයන් ද එක් කරමිනි.


සතිපොළක වෙළෙඳාමට ගොස් දවස තිස්සේ වෙහෙස වූ වෙළෙන්දන් දෙදෙනකු පසුගිය දිනක එහි ගොඩ වූයේ කුමන හෝ කෙටි කෑමක් අනුභව කර තේ එකක් පානය කිරීමේ අටියෙනි.


‘මුදලාලි අපිට මොනව හරි කන්න ගේන්නකෝ. ප්ලේන්ටි දෙකකුත් ඕනෑ.’ යැයි කියමින් ඔවුන් හරි බරි ගැසී එහි වූ අසුන්වල වාඩි වූයේ නව ආපනශාලාවේ හතර අතට දෑස් යොමු කරවමිනි.


තම සේවාදායකයන්ට හොඳ සේවයක් සැපයීමේ අටියෙන් කටයුතු කළ හෙතෙම ආහාරය සඳහා කෙටි කෑම දීසියක් සමඟ තේ සකස් කර ගැනීම සඳහා අවශ්‍ය සීනි, තේකොළ සහ උණුවතුර වෙන් වෙන්ව තැබූ භාජන කීපයක් ද ඔවුන්ට පිළිගැන්වූයේ තම ආපනශාලාවේ සේවය පිළිබඳ හිතින් ආඩම්බර වෙමිනි. කිසි දිනක තමුන් අත් නොවිඳි මෙම සත්කාරයෙන් අන්දුන්කුන්දුන් වූ වෙළෙඳුන් දෙදෙනා ‘කෝ ප්ලේන්ටි දෙක’ යැයි ආපන ශාලාවේ හිමිකරුගෙන් විමසා සිටියේ තමුන් අබියස තිබූ උණුවතුර සීනි තේ කොළ බඳුන් එහා මෙහා කරමිනි.


‘ඔතන සීනි, තේ කොළ උණු වතුර වෙන වෙනම තියෙනවා මහත්තයලට ඕන්නං කිරිත් දෙන්නං. තේ එක හදා ගන්න’ යැයි ආපනශාලා හිමිකරු පවසා සිටියේ මුවගට මඳ සිනහවක් ද එක් කර ගනිමිනි.


‘මුදලාලි උදේ ඉඳන් මහන්සි වෙලා මෙතැනට ආවේ තේ එකක් හදාගෙන බීලා තමුසෙට රුපියල් 20 ගානෙ දෙන්න නෙවෙයි. මෙන්න මේව ගෙනිහින් අපිට තේ දෙකක් හදාගෙන ගේන්න යැයි වෙළෙඳුන් දෙදෙනා ආපනශාලා හිමිකරුට කියා සිටියේ තමුන්ට ඉක්මනින් යා යුතු බව ද පවසමිනි.


‘මුන්ට හරියන්නේ ගමේ කහට කෝප්පය ම තමා’ යැයි තමුන්ටම කියා ගත් ආපනශාලා හිමිකරු යළිත් තේ දෙකක් සකස් කර ඔවුන්ට පිළිගැන්වූයේ සිදුවූ වැරැද්ද පිළිබඳ ඔවුන්ගෙන් සමාව ද ඉල්ලමිනි.



අදහස් (0)

මුදලාලි නවීන තාලෙට තේ දෙන්න ගිහින් පස්ස බ්ම ඇනගෙන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1632 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1399 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 496 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site