හබරාදූව - බී.එච්. රම්‍යා
අධික ලෙස බීමත්ව දුම්රිය මාර්ගයේ රාත්‍රී කාලයේ අඩ නිරුවතින් නිදා ගෙන සිටි අයකුට අපූරු පාඩමක් ඉගැන්වීමේ සිද්ධියක් හබරාදූවට නුදුරු කොග්ගල එයාෆෝස් හන්දිය ප්‍රදේශයෙන් වාර්තාවේ.
වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.
ඔහු කුලී වැඩකර ජීවත්වන්නෙකි. පොල් කැඩීම සහ ගස්වල අතු කැපීම ඔහු වැඩියෙන්ම ප්‍රිය කළ රාජකාරියයි. දිනක් අධික ලෙස මත්පැන් පානය කළ හෙතෙම දුම්රිය මාර්ගය දිගේ නිවෙස බලා පැමිණෙමින් සිටියේය. ඒ නිකම්ම නොවේ. ගීතයක් ද මහ හයියෙන් ගායනා කරමිනි.
මෙසේ පැමිණෙද්දී එක්තරා ස්ථානයකදී ඔහු පය පැකිලී දුම්රිය මාර්ගය මත හතරගාතෙදා ඇඳ වැටුණේය. එහෙත් ඉන් නැගිටීමට උනන්දු වූයේ නම් ඔහු නොවෙයි. ඔහු දුම්රිය මාර්ගය මත වැතිරී සිටියේද පෙර කී ගීතයම මහ හයියෙන් ගායනා කරන ගමන්මය. ඔහුගේ මේ සද්දයට අවට සිටි බල්ලන් බුරන්නට වූයේ මේ අතරේදීය.
බල්ලන්ගේ බිරිල්ලේ හඬට අවට නිවෙසක පුද්ගලයෙක් පැමිණ වටපිට බලද්දී කිසිවකු දුම්රිය මාර්ගයේ නිදා සිටිනු දැක වහා ක්‍රියාත්මක වී සෙස්සන්ටද ඒ බව දැනුම් දුන්නේය. ඒ අනුව පැමිණි පිරිස ඔහු එම ස්ථානයෙන් ඉවත් කිරීමට නොපමාව පියවර ගත්හ. එසේ ඉවත් කිරීමෙන් නොනැවතුණු පිරිස එම බීමත් පුද්ගලයාට නොසෑහෙන සේ සංග්‍රහ කිරීමටද අමතක නොකළහ.
ඔහු දුම්රිය මාර්ගයෙන් ඉවත් කර මොහොතක් ගතවීමටත් පෙර දුම්රියක් ඒ ස්ථානය පසුකර ගියේ එක පිම්මේය.
2025 ඔක්තෝබර් මස 08
1798
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1471
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
524
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
බීලා කී සිංදුවෙන් ජීවිතේ බේරිලා