 කාර්යාල මිතුරකු විශ්‍රාම යාම වෙනුවෙන් පැවති උත්සවයක් අවසානයේ දී සිදුකළ මධුවිත සාදයක දී මත්පැන් වෙනුවට වෙනත් ද්‍රව්‍යයක් පානය කොට අකරතැබ්බයකට මුහුණ පෑ මිතුරන් පිරිසක් පිළිබඳ අපූරු කතාවක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තා වේ.
කාර්යාල මිතුරකු විශ්‍රාම යාම වෙනුවෙන් පැවති උත්සවයක් අවසානයේ දී සිදුකළ මධුවිත සාදයක දී මත්පැන් වෙනුවට වෙනත් ද්‍රව්‍යයක් පානය කොට අකරතැබ්බයකට මුහුණ පෑ මිතුරන් පිරිසක් පිළිබඳ අපූරු කතාවක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තා වේ.
විශ්‍රාම ගොස් දින කිහිපයක් ගතවීමෙන් පසුව රාජකාරි කාලය තුළ දී සහාය දැක්වූ හිතවතුන්ට සහ ගම්වාසීන්ට ස්තුති කිරීමේ උත්සවයක් විශ්‍රාම ගිය නිලධාරිවරයා විසින් සංවිධානය කර තිබුණි. සවස් කාලය එළඹෙන විට උත්සවය නිම වූ අතර  සියලු දෙනා එක්ව විශ්‍රාම ගිය මිතුරා සිය නිවස වෙත කැඳවාගෙන ගියහ.
විශ්‍රාමිකයාගේ නිවසේ රාත්‍රී කාලයේ මදුවිත සාදයක් පැවැති අතර එය රාත්‍රී කාලය දක්වා ඇදී ගියේය. සාදයට ගෙනවිත් තිබූ මදුවිත නිමවීම නිසා මිතුරෙකුට ඇමතුමක් දී තවත් මත්පැන් බෝතලයක් රැගෙන එන ලෙස පවසා තිබේ.
මත්පැන් සොයා ගැනීමට නොහැකි බවත් අවශ්‍යම නම් රා බෝතලයක් ගෙනත් දිය හැකි බවත් මිතුරා පවසා ඇති අතර එය ගෙන්වාගෙන පිරිස පානය කළහ. රා බෝතලය හිස්කර විනාඩි දහයක් පමණ ගතවන විට එක් අයෙකු දෙදෙනෙකු වමනය කිරීම ආරම්භ කර ඇති අතර එය සියලු දෙනා අතර පැතිර යාමට වැඩි කාලයක් ගතවී නොමැත.
සියලු දෙනා වමනය දැමීම පිළිබඳව සැක සිතු එක් අයෙකු සිය ජංගම දුරකථනයේ ආලෝකයෙන් දමන ලද වමනය පරීක්ෂා කර ඇති අතර එහිද විශේෂ දෙයක් තිබී නොමැති නිසා එක් අයකු සිය මිතුරාට ඇමතුමක් ලබා දී රා පිළිබඳව විමසීමක් කළේය.
මිතුරා විසින් නිවසේ රා බෝතලය තිබූ ස්ථානය පරීක්ෂා කිරීමේ දී ඔහුට දෙවියන් සිහිවිය. රා බෝතල වෙනුවට වැරදීමකින් විනාකිරි බෝතලය රැගෙන ගොස් ඇති බව මිතුරාට පවසා ඇත. ලුණු ඇඹුල් ඇතිව මිතුරාට බැණ වැදී සාදයේ සිටි මිතුරන්ට ද විස්තරය සැල කළේය.  පිරිස සිද්ධිය වසන් කර ගැනීමට විවිධ ප්‍රයත්නයන් දැරුව ද පසුදින වන විට සිද්ධීය කාර්යාලය පුරා පැතිරී ගිය රස කතාවක් බවට පත්වීම වැළැක්විය නොහැකි විය.
හක්මණ විශේෂ දෙනගම යසන්ත ආරියසේන
 2025 ඔක්තෝබර් මස 08										
										
										 1775										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1775										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
 2025 ඔක්තෝබර් මස 01										
										
										 1457										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1457										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
 2025 සැප්තැම්බර් මස 23										
										
										 521										
										
											 0
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 521										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
බෝතල් මාරුවී සාදයේ ජංජාලයක්