IMG-LOGO

2025 නොවැම්බර් මස 03 වන සඳුදා


පගා දෙන්න ගිහින් හොඳවැයින් අහලා


වියලු‍ව වාර්තාකරු



තම ගම් ප්‍රදේශය වෙත අලු‍තින් පත්ව ආ ග්‍රාම නිලධාරිවරයා බැහැ දකින්නට ගමේ ඒවායින් බෝතලයක් ද රැගෙන පැමිණි පුද්ගලයකුට ග්‍රාම නිලධාරියාගෙන් බැණුම් අසා ගෙනා බෝතලය ද රැගෙන ආපසු යන්නට සිදු වූ බව කියැවෙන පුවතකි.
ග්‍රාම නිලධාරී කාර්යාලය අසල වෙළඳසලක සිටි පිරිසක් පැවසූ අන්දමට සිද්ධිය මෙසේය.
ඔහු පළාතේ තරමක් දුෂ්කර ගම්මානයක පදිංචිකරුවෙකි. කොටින්ම කිවහොත් ඔහු ගමටම වධකාරයෙකි. පිළිලයකි චණ්ඩියෙකි.
ඔහු විසින්ම ගමේ හොර තිප්පොළක කසිප්පු නිෂ්පාදනය කරමින් ගමේ අයට අලෙවි කිරීම ඔහුගේ ප්‍රධානතම ආදායම් මාර්ගය බවට පත් වූ අතර නිරන්තරයෙන් ගමේ පිරිස් සමඟ රණ්ඩු සරුවල් ඇති කර ගැනීමට ද ඔහු උපන් හපනෙකි. පොලිසිය උසාවිය ඔහුට හුරුපුරුදු ස්ථානයක් වූයේ ඔහුට එරෙහිව පැමිණිලි හා නඩු ගණනාවක්ම ඒ වනවිටත් පැවරී තිබූ නිසාය.


පසුගිය දිනක ගමේ සේවය කළ ග්‍රාම නිලධාරීවරයා ස්ථාන මාරුවක් ලබා පිටව ගියේ ගමට අලු‍තින් පැමිණි තරුණ  ග්‍රාම නිලධාරීවරයකුට වසමේ රාජකාරී පවරමිනි. ගමට කුමන නිලධාරියකු අලු‍තින් පත්ව පැමිණිය ද තම නිෂ්පාදන වලින්ම බෝතලයක් හා කටගැස්මක් ද රැගෙන ඔහු බැහැ දකින්නට යෑම මොහුගේ සිරිතක් බවට පත්ව තිබුණේ එම සැලකිලි හරහා ඔහුට සිය කටයුතු නිදහසේ කරගෙන යෑමට හැකි වූ නිසාය. සුපුරුදු පරිදි පෙර කී පුද්ගලයා මත්පැන් බෝතලයක් රැගෙන තරුණ ග්‍රාම නිලධාරීවරයා හමුවේ පෙනී සිටියේ දැඩි සුහදශීලී බවක් පෙන්වමිනි. ආගිය තොරතුරු කතා කරමින් සිටිය දී ‘‘සර් මගෙන් පොඩි තෑග්ගක්. මේක මමමයි හැදුවේ. පලතුරු දාලා‘‘ යයි පැවසූ හෙතෙම ඔහු රැගෙන ආ මත්පැන් බෝතලය ග්‍රාම නිලධාරිවරයා අත තැබුවේ සුහද සිනාවක් ද මවා පාමිනි.
කලින් සේවය කළ ග්‍රාම නිලධාරි මහතාගෙන් අමුත්තා ගැන හොඳ හැටි දැන සිටි තරුණ ග්‍රාම නිලධාරීවරයා තෑගි බෝගවලට බොහොම ස්තුතියි. හැබැයි ඉතින් මම ඕවා පාවිච්චියක් නෑ. මම ඕවා පාවිච්චි කරන අයට කැමතිත් නැහැ. ඔය වගේ දේවල් නිසා තමයි ගම්වල මිනිස්සු විනාශ වෙන්නේ. අඹු දරුවෝ මහමඟට වැටෙන්නේ. සමාජයම විනාශ වෙන්නේ. ‘ග්‍රාම නිලධාරීවරයා දිගින් දිගටම අමුත්තාට තරහෙන් පවසන්නට විය.
‘‘ඒ විතරක් නෙවෙයි මගේ වසමේ කවුරු හරි මේ වගේ දේවල් කරනවා නම් ඒ අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්නත් මම මැලිවෙන්නේ නැහැ’’ ආදී වශයෙන් ග්‍රාම නිලධාරීවරයා පවසන්නට වූ අතර කර කියා ගන්නට දෙයක් නොවූ අමුත්තා තමුන් රැගෙන පැමිණි බෝතලය ද ගෙන හීන් සීරුවේ ග්‍රාම නිලධාරී කාර්යාලයෙන් පිටතට පැමිණියේ ඒ වන විටත් එහි සිටි පිරිස දෙස ද ඔරවා බලමිනි.



අදහස් (0)

පගා දෙන්න ගිහින් හොඳවැයින් අහලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1902 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1521 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 532 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site