දිවා කාලයේ වසා දමා තිබූ නිවෙසක ගෙවත්තට ඇතුළුවූ පුද්ගලයකු එම නිවෙස සිය නැන්දණියකගේ යැයි අසල්වාසීන්ට පවසා කොස් ගෙඩිද කඩාගෙන මුළුතැන්ගෙයි දොර කඩා එහි තිබූ ගෑස් ටැංකි දෙකද රැගෙන ගිය පුවතක් අගනුවරට ආසන්න ප්‍රදේශයකින් පසුගියදා අසන්නට ලැබිණි
එදින නිවෙස වසා දමා එහි නිවැසියන් අවශ්‍යතාවකට බැහැරට ගොස් තිබිණි. ඒ අතර වත්තට ඇතුළුවූ පුද්ගලයකු කෙක්කක්ද අතැතිව එම වත්තේ එහා මෙහා ඇවිද යනු අසල්වාසී කාන්තාවකට දැක ගන්නට ලැබී ඇත. ත්‍රිරෝද රථයක්ද ඒ අසල නවතා තිබී ඇත.
නිවැසියන් නැති අවස්ථාවක නාඳුනන කෙනෙකු එම වත්තේ සිටීම පිළිබඳව සැක සිතූ ඇය “මොනවද ඔය කවුරුවත් නැති වෙලාවෙ ඇවිත් කරන්නෙ?” යැයි ඔහුගෙන් විමසුවාය.
එවිට ඔහු කියා ඇත්තේ “ආ...., ඒ අපේ නැන්දා කෙනෙක් නේ, මම නැන්දට කියල ආවෙ කොස් ගෙඩියක් කඩා ගන්නව කියල, ඔයාට ඕන්නම් එයාට කෝල් එකක් දීල බලන්න” යැයි පවසා ඇත.
ඇයට ඇතිවූ සැකය ඔහුගේ චාටු කතාවෙන් පහව ගිය බැවින් ඇය තම නිවෙස වෙත ගියාය.
ටික වේලාවකින් කොස් ගෙඩි දෙක තුනක්ම කැඩූ හෙතෙම “අක්කේ මෙන්න ඔයාටත් කොස් ගෙඩියක්” කියා ඇයගේ වත්තටද කොස් ගෙඩියක් දමා ගොස් ඇත.
සවස එම අසල්වාසීන් පැමිණ බලද්දී මුළුතැන්ගෙයි දොර කඩා එහි තිබූ ගෑස් ටැංකි දෙක කිසිවකු විසින් ගෙන ගොස් ඇති බව දැන ගන්නට ලැබී ඇති අතර ඔවුන් දිව ගොස් අසල්වාසී කාන්තාව සමඟ ඒ බව කියද්දී කොස් කැඩීමට පැමිණි බොරු නෑයා තමා අන්දවා ඇති බව වැටහී හිසේ අත ගසා ගත්තාලු.
පොල්ගස්ඕවිට – එස්. වික්‍රමආරච්චි
වසර ගණනාවක් තම උපන් ගෙදරට එන්නේ නැතිව පිටස්තර ප්‍රදේශයක වත්තක් බලාගෙන ජීවත් වූ තනිකඩ පුද්ගලයෙකු පසුගිය අවුරුදු සමයේ තම මිතුරෙකු ද සමග ගමට පැමිණීමට පි
බක්මහ උළෙලකදී මැරතන් ධාවන ශූරයකු තරගය අවසානයේ වතුර වෙනුවට පොල් තෙල් පානය කිරීම නිසා ජය සංකේතය ලබා ගැනීම පසෙක තබා රෝහල්ගත වීමට සිදු වූ පුවතක් හසලක ප්‍ර
අලුත් අවුරුද්දට ලැබී ශීතකරණයේ දමා තිබූ අමුතුම අමුතු කේක් ගෙඩිය අලුත් අවුරුද්දට නෑගම් ආ අයට කපන්න ගොස් අමුතුම අමාරුවක වැටුණු ගුරුවරියක පිළිබඳව අමුත
අවුරුදු උත්සව ධාවන තරගයකදී සිදු කළ විහිළුවක් පැටලී අමාරුවේ වැටුණු පුද්ගලයකු පිළිබඳව සබරගමුව පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය. ගම්මු
අවුරුදු පාටියක් දීමට ගොස් දුවත්, බිරියත් දෙදෙනාම අහිමි කරගත් සැමියකු පිළිබඳ කතාවක් රජරට පළාතේ ගම්බද ප්‍රදේශයකින් දැනගන්නට ලැබුණි. කතාව මෙසේය. මෙම අඹු
අනියම් බිරිය සමග රාත්‍රී කාලයේ ජංගම දුරකතනයෙන් පෙම්බස් දොඩමින් සිටි සැමියාට දුරකතනය බඩමත තබාගෙන නින්ද ගිය අවස්ථාවේ බිරියට සියල්ල හෙළි වූ පුවතක් මධ්
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
නැන්දාගේ ‘කොස් නෑයා’ ගෑස් ටැංකි දෙකක් උස්සලා