හසලක - සුනිල් ඒකනායක
බක්මහ උළෙලකදී මැරතන් ධාවන ශූරයකු තරගය අවසානයේ වතුර වෙනුවට පොල් තෙල් පානය කිරීම නිසා ජය සංකේතය ලබා ගැනීම පසෙක තබා රෝහල්ගත වීමට සිදු වූ පුවතක් හසලක ප්‍රදේශයෙන් වාර්තා විය.
උදා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්දේ සතුට සිය පවුල්වල සාමාජිකයන් ද සහභාගි කරගෙන සැමරීමට එක්තරා අයතනයක සාමාජිකයන් පිරිසක් එක්ව බක් මහ උළෙලක් සංවිධාන කර තිබිණි.
මෙම උළෙලේ අවුරුදු උත්සවවල තිබෙන සියලුම අංග තිබූ අතර, පළමුව තිබුණේ මැරතන් ධාවන තරගයයි.
ඒ සඳහා පිරිමි කණ්ඩායමක් එක්වූ අතර, එක් තරගකරුවකු වේගයෙන් ජය කණුව වෙත පැමිණි අතර, ඔහු තරගයේ ජයග්‍රාහකයා විය. ඒ සමගම ඔහුට ඇති වූයේ දැඩි පිපාසයකි.
තරගය නිමා වී අවට බලන විට දුටුවේ තම හිතවතකු අත වතුර බෝතලයක් තිබෙන බවයි. වහා ඔහු වෙත ගිය ක්‍රීඩකයා මිතුරා අත තිබූ බෝතලය ක්ෂණිකව ගෙන එම බෝතලයේ තිබූ දෑ උගුරට දෙකට බීගෙන බීගෙන ගියේය.
“මොනවා ද මිනිහෝ මේ කරන්නේ. මේකේ තියෙන්නේ පොල්තෙල්.” කියා මිතුරා පවසා ඇත. ඒ වන විටත් ක්‍රීඩකයා පොල් තෙල් උගුරු දෙක තුනක් පානය කර අවසන්ය. එම පොල් තෙල් පානය කිරීමෙන් ඔහු දැඩි අපහසුතාවට පත්වූ අතර, ඒ සැණින් ඔක්කාරය කිරීමට පටන්ගත්තේය.
එම සිදුවීමෙන් පසු ඔහු වහා රෝහල්ගත කිරීමට සංවිධායක මණ්ඩලය පියවර ගත් අතර, රෝහල්ගත වීම හේතුවෙන් උත්සවය අවසානයේ පැවැති ත්‍යාග ලබා දීමේ අවස්ථාවට ද ඔහුට සහභාගි වීමට නොහැකි විය.
වැඩිහිටි දීමනාව මාසයකට ලක්ෂයක් ලබා දෙන බව පවසමින් කාන්තාවක රවටා ඇය සතු ලක්ෂ හයක් පමණ වටිනා රන්ආභරණ රැගෙන පලාගිය වංචාකරුවෙකු පිළිබඳ කතා පුවතක් අරලගන්
සමස්ත ලංකා පාසල් ඉංග්‍රීසි නාට්‍ය තරගාවලියේදී විදුහල්පතිගේ හිත සතුටු කරවන්න ඔහුගේ පුතා නාට්‍යයට සම්බන්ධ කරගත් අපූරු පුවතක් දකුණු පළාතේ පාසලකින් අස
කැලණිය ලාල් එස් කුමාර මළ සිරුරක් මාරු වී නිවසකට රැගෙන යෑමෙ න් මල් ශාලා සේවකයන් ගුටි න�ො කා බේරුණ පුවතක් ඉකුත් දා වත්ත ලට නුදුරු ප්‍රදේශයකින් වාර්තා විය.
තම රත්රන් බඩු සොර සතුරන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා උපක්‍රමයක් යෙදූ කාන්තාවකට අවුරුදු උත්සවයකදී එම උපක්‍රමය ජන සමූහයක් ඉදිරියේ හෙළිදරව් වීමේ අපූරු සිද
අලුත් අවුරුද්ද වෙනුවෙන් ගමේ තරුණයන් සංවිධානය කළ බක්මහ උළෙලක දී ලිස්සන ගසේ නැග ජයග්‍රහණයෙන් උද්දාමයට පත් තරගකරුවකුට මුහුණපෑමට සිදුවූ අකරතැබ්බයක් ප
වසර ගණනාවක් තම උපන් ගෙදරට එන්නේ නැතිව පිටස්තර ප්‍රදේශයක වත්තක් බලාගෙන ජීවත් වූ තනිකඩ පුද්ගලයෙකු පසුගිය අවුරුදු සමයේ තම මිතුරෙකු ද සමග ගමට පැමිණීමට පි
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
අපූරු බීමෙන් මැරතන් ශූරයාට ඇබැද්දියක්