(නිකවැරටිය ප්‍රියාණි මංගලිකා)
කොරෝනා මැද බසයේදී ඇඟට හේත්තු වූ මැදි වියේ අනංගයාට කොරෝනා වෙන්ම ලැජ්ජා හිතෙන පාඩමක් ඉගැන්වූ තරුණියක පිළිබඳ පුවතක් කුරුණෑගල දිසාවෙන් වාර්තා වේ.
සිද්ධිය මෙසේය.
තරුණිය මෙදින හදිසි ගමනක් යෑමට පෞද්ගලික බසයක නැගුණේ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් සියල්ලටම අනුගත වෙමිනි. බසයේ දෙදෙනකු ගමන් ගන්නා හිස් අසුනක කෙළවරට වී ඇය අසුන් ගත්තාය.
ටික වේලාවක් ගත වනවිට බසයේ ටිකින් ටික මගීන් වැඩි වන්නට විය. තරුණිය වාඩි වී සිටි අසුණේ ද තවත් මගියෙක් අතරමගදී වාඩි ගත්තේය. තරුණිය තවදුරටත් අසුණේ කෙළවරටවූයේ පුද්ගල දුරස්ථභාවය අපේක්ෂාවෙනි.
එහෙත් තම අසුණේ සිටි මැදි වියේ අනංග මගියා තවදුරටත් තරුණියගේ ඇඟට හේත්තු වී ගමන් කිරීමට අපේක්ෂාවෙන් ඇයට ළං වන්න විය. තරුණිය ද ඉන් මිදීමට උපායක් කල්පනා කළාය. ඇය තම බෑගයේ වූ ජංගම දුරකථනය අතට ගෙන මිතුරියකට ඇමතුමක් ගන්නට වූවාය.
හලෝ ගුඩ් මෝනිං. ඉතිං කොහොමද? හරි වැඩේනේ වුනේ. අපේ කඩේට කොරෝනා ආසාදිතයෙකු ඇවිත් අපට සති දෙකක් නිරෝධායනය වෙන්න වුණානේ. සති දෙකෙන් පස්සෙත් හැදෙනවලු නේද? මට නම් බයත් එක්ක.
තරුණිය බොරු ඇමතුමකින් එසේ කියද්දි එයින් බියට පත් වූ අනංග මගියා තරුණියගෙන් හැකිතාක් දුරස් වී අපසුවෙන් ගමන් කරන අයුරු දුටු තරුණිය කවුලුවෙන් පිටත බලා තනිවම සිනාසුණේලු.
තරුණිය බසින ස්ථානය ළං විය. ඇය අසුනින් නැගිට මෙසේ කීවේලු. මම ගත්තේ බොරු කෝල් එකක්. බය වුණා නේද හොඳටම. ඒක තමයි ඇත්ත. දැන්වත් ගෑනුන්ගේ ඇඟට හේත්තු නොවී යන්න.
බසයේ පිරිසක් සිද්ධිය බලා සිට සිනාසෙද්දි අනංග මගියා කර කියා ගැනීමට දෙයක් නොමැතිව ලජ්ජාවෙන් බිම බලා ගත්තේලු.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
තරුණියකට හේත්තුවුණ තරුණයාට ඇඟ හීතල වෙන්න උත්තරයක් ලැබිලා
Lakmal Friday, 20 November 2020 06:19 AM
පිරිමි ඔච්චරටම ඇලජික් නම් කාරෙකක ගියා නම් ඉවරයිනේ.
theshanSunday, 22 November 2020 07:58 AM
ඇලජික් නෙමෙයි, ජරා වැඩ කරන අයට ඔහොම කරලා මදි.
LakmalSunday, 22 November 2020 12:39 PM
අනේ ඔයා හරි හොඳ එක්කෙනෙක්ද?
NuwanMonday, 23 November 2020 06:12 AM
ඒ ඇඟට හේත්තු වුණු කෙනා තමයි ඔතන උඩ කමෙන්ට් කරලා තියෙන්නේ.
JaySunday, 22 November 2020 10:26 AM
පේන විදිහට මෙයත් හේත්තු දාන කෙනෙක් වගේ. තමුන්ගෙ නෝනට හරි සහෝදරියකට හරි මෙහෙම වුණා නම් මොකද කරන්නේ...? ඇලජික් කියලා නිකන් ඉන්නවද?
රිතික්Sunday, 22 November 2020 11:14 AM
ඒක ඉතින් පිරිමියාගේ පෙනුම සහ වයස මත රඳාපවතිනවා. සෙනඟ පිරුණු බසයක ළඟපාත ලාබාල පෙනුමක් තියෙන කඩවසම් තරුණයෙක් හිටියොත් නින්ද යන කාන්තාවන් ඉන්නවා.
Lakmal Tuesday, 24 November 2020 01:13 AM
නුවන්, ඔහේල වගේ පිරිමි හදන්නේ හැම ප්‍රශ්නෙකදීම කාන්තාවන්ගේ පැත්ත අරන් පුහු වීරයින් වෙන්න.