IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


කලින් පෙම්වතිය එක්ක සූප්පුවෙන් කිරි බිව්වාම බිරිදට යකා නැගලා

ගමේ අවුරුදු උත්සවයේ දී සූප්පුවෙන් කිරි බීමේ තරගයේ දී කාලයක සිට අමනාපකමක් ඇති අසල්වැසි  කාන්තාවක ලවා කිරි පොවා ගත්තා යැයි පවසා කාන්තාවක සිය සැමියා නිවසින් එළවා දමා ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා වෙයි.
36 හැවිරිදි දෙදරු පියෙක් සිය බිරිය හා දරු දෙදෙනා සමග නිවසේ පදිංචිව සිටියි. මෙම දෙදරු පියා මීට වසර 11 ට පමණ ඉහත දී අවුරුදු 23 ක් වූ තරුණියක් විවාහ කරගෙන නිවසට කැන්දාගෙන පැමිණ තිබේ.
දැනට මෙම යුවළට දරුවෝ දෙදෙනෙක් සිටිති.
මෙම දෙදරු පියා තරුණිය විවාහ කර ගැනීමට පෙර තරුණ අවධියේ දී ගමේ තරුණියක සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇත. ඊට මව්පියන් දැඩි අකමැත්ත ප්‍රකාශ කිරීමෙන් පසුව තරුණයා සම්බන්ධතාව නතර කර ඇත.


පසුව මවුපියන් විසින් මාවනැල්ල හෙම්මාතගම ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණියක් 2013 වසරේ සොයාගෙන තරුණයාට විවාහ කර දී කෑගල්ලේ නිවසට කැන්දාගෙන පැමිණ තිබුණි.
කාලයක් ගත වෙද්දී සිය සැමියාගේ පළමු සම්බන්ධතාවය පිළිබඳ බිරිය දැනගෙන අවස්ථා කිහිපයක දීම දෙදෙනා අතර බහින් බස් වීම් සිදුව ද තිබේ. ”‍ මුල් කාලයේ මාස කිහිපයක සම්බන්ධතාවක් තිබුණා තමයි දැන් නතර කරලා  කොයි කාලයක් වෙනවා ද. මම ඒ ගෑනි එක්ක කතා කරන්නේ නෑ. ඒ ගෑනි මා එක්ක කතා කරන්නේ නෑ. දෙදරු පියා බිරිය හමුවේ අවස්ථා කිහිපයක දීම පැවසීය.
ඉකුත් දිනක ගමේ වෙල් යායේ අවුරුදු උත්සවයක් පැවැත්විණි. මෙම අවුරුදු උත්සවය නැරඹීමට 36 හැවිරිදි දෙදරු පියා ද පෙරවරුවේ වෙල් යායට ගියේය.
සූප්පුවෙන් කිරි බීමේ තරගයට ඉදිරිපත් වීමට කැමැති තරගකරුවන්ගේ නම කාර්යාලයට ලබා දෙන ලෙස ශබ්දවාහිනී යන්ත්‍රයෙන් සංවිධායක මණ්ඩලය ඉල්ලීමක් කළේය. 36 හැවිරිදි දෙදරු පියා ද සූප්පුවෙන් කිරි බීමේ තරගයට සහභාගී වීමේ අරමුණින් තම නම කාර්යාලයට ලබා දීමක් සිදු කෙරිණ.
තරගය ආරම්භ කිරීමට සංවිධායක මණ්ඩලය කටයුතු සිදු කෙරිණ. තරගකරුවන් 12 දෙනෙක් සූප්පුවෙන් කිරි බීමේ තරගයට ඉදිරිපත්ව සිටියහ. බෝතලයකට කිරි පුරවා සූප්පුවක් සවි කර කාන්තාවක කිරි පොවද්දී තරගකරු අත් දෙක පිටුපසට කරගෙන සිටිය යුතු බව සංවිධායක මණ්ඩලයේ නීතිරීති විය.
36 හැවිරිදි දෙදරු පියා ඇතුළු තරගකරුවෝ 12 දෙනා සංවිධායක මණ්ඩලය විසින් පෝලිමට තැබූහ. 36 හැවිරිදි දෙදරු පියා 12 වැනියාට සිටියේය. ඔහුට සූප්පුවෙන් කිරි පෙවීමට සිටියේ තරුණ අවදියේ දී ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගියේ යැයි කියන තරුණියයි.
කාන්තාව  කතා බහක් නැතිව දෙදරු පියාට කිරි පෙව්වාය. දෙදරු පියා ද කතා බහක් නොමැතිව සූප්පුවෙන් කිරි පානය කළේය. අන්තිමේ දී දෙදරු පියා සූප්පුවෙන් කිරි බීමේ තරගයේ පළමු ස්ථානය හිමි කර ගත්තේය. ඔහුට ත්‍යාගයක් ලෙස සංවිධායක මණ්ඩලය උණුසුම් වතුර බෝතලයක් පරිත්‍යාග කෙරිණ. අවුරුදු උත්සවයේ සිටි ගමේ කාන්තාවක් දෙදරු පියාගේ බිරියට දුරකතනයෙන් කතා කොට සූප්පුවෙන් කිරි බීම සම්බන්ධයෙන් දන්වා තිබේ.
අවුරුදු උත්සවය අවසන් වීමට පෙර  නිවසට ගිය දෙදරු පියාට බිරිය යකින්නියක් ලෙස ඇඟට කඩා පැන අඬා දොඬා වැලපෙමින් විවිධ චෝදනා එල්ල කළාය. අවසානයේ කාන්තාව සැමියා නිවසින් එළවා දැමුවාය. පසුව දෙදරු පියා මවුපියන් පදිංචිව සිටින නිවසට ගොස් ඇති බව වාර්තා වෙයි.

කෑගල්ල අධිකරණ චමින්ද වැවතැන්න

 



අදහස් (0)

කලින් පෙම්වතිය එක්ක සූප්පුවෙන් කිරි බිව්වාම බිරිදට යකා නැගලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 145 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site