IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


කන්තෝරුවේ අලුත් ගැටයාට අලුත් තාලේ ලණුවක් ගිල්වලා

  • කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත

කන්තෝරුවට අලු‍තින් ආ හාදයාට අලු‍ත්ම ගැටයක් අඹරා අලු‍ත්ම විනෝදයක් ලබන සේවකයකු පිළිබඳව අපූරු පුවතක් දකුණු පළාතේ කාර්යාලයකින් අසන්නට ලැබේ.

ගැටයාගේ මුල්ම පත්වීම මේ කාර්යාලයටය. අවිවාහකය. ආ සැනින්ම මෙහි පරණ සේවකයෙක් ඔහුට කිට්ටු කළේය. ඔහුගේ රුචිඅරුචිකම් ගැන සොයා බැලු‍වේය. එහි ප්‍රතිඵලය වූවේ අලු‍ත ආ මල්ලී ගෑනු පරාණවලට දැඩි ඇල්මක් දක්වන අයකු බව දැන ගැනීමය.

මේ මල්ලීට මේ අයියා කාර්යාලයේ වෙන අංශයක සේවය කරන විවාහක කාන්තාවක ගැන කීවේය. ඕනෑනම් ඈ කාර්යාලය තුළදී පෙම් කිරීමට සෙට් කර දිය හැකි බවද මේ අයියා කී විට මලයා ඊට විරුද්ධතාවක් නොදැක්වීය.

දිවා පැයේ කාර්යාලය ඉදිරිපිට ඔවුන් දෙදෙනා සිටිනා විට තමන් ඉදිරියට සේවිකාවන් දෙතුන් දෙනාගෙන් කෙනකු පෙන්වා ‘මල්ලී මම අර කිව්ව කෙනා මෙයා තමයි’ කියමින් එයින් එක් සේවිකාවක මේ අයියා මේ මලයාට පෙන්නුවේය. ඒ සමගම මේ සේවිකාවන්ගෙන් වෙන්වූ ඇය ‘දවාලට කාලාද ඉන්නේ’ යයි මේ අයියාගෙන් ඇසුවාය. ‘හා මේ අලු‍ත් යහළුවෙක් නේදැයි’ ඇය වැඩි දුරටත් අසා එතනින් ගියේ මේ මලයා දිහා ප්‍රේමවන්ත බැල්මක් ද හෙළමිනි.

‘මම බොරුද කිව්වේ මල්ලී ඒ ගර්ල් ඔයාට සෙට් කර ගන්න පුළුවන්, ඉතින් නිකන්නම් බැහැ’ යයි අයියා මලයාට කී විට ‘මම මොනාද කරන්න ඕන අයියා’ යයි මේ මල්ලී ඇසුවේය. ‘ඕවට ඉතින් දොළපිදේනි ඕන. හවසට අපි ඉතින් සෙට් වෙලා මේ ගැන කතා කරමු’ යැයි මේ අයියා මේ මලයාට යෝජනා කළේය.

තැළී පොඩිවී නැති මේ හාදයා නගරයේ අවන්හලකට ඔහු එක්ක ගෙන ගොස් හොඳට සැලකුවේය. දින කිහිපයක්ම මේ ආකාරයට මේ මලයාගෙන් මේ අයියා යටිතල පහසුකම් සපයා ගත්තේය.

තවත් දවසක් දිවා පැයේ මේ අයියා මලෝ කාර්යාලය ඉදිරිපිට සිටිනා විට ඒ පැත්තට එන අර සේවිකාවට ‘මෙන්න මෙයාට ඔයා මතක් වෙනවා’ යයි කියමින් විහිළු කළේය. ඒ සමගම ඇයත් එක් ඇසක් පොඩිකර ‘අනේ මටත් එහෙමමයි’ කියමින් ගියේ මේ ගැටයාගේ මුළු ඇඟටම අලු‍ත් පණක් ලද්දා සේය. එදානම් මේ මලයා මේ අයියාට හොඳටම සැලකුවේය. ඒ විතරක් නෙමෙයි  ඔහුගේ භාර්යාව ඇතුළු දූදරුවන්ට ද රාත්‍රී කෑමට මේ මලයා ඉස්තරම්ම කෑම බීම ජාති මිලදී ගෙන නිවෙසට ගෙන යාමටද  දුන්නේය.

අලු‍ත් ගැටයා සිය කාර්යාලයේ තවත් අයියා කෙනකුට තමන්ට අලු‍තින් ලැබීමට යන වාසනාව ගැන කීවේ එය තනිව සිත්හි දරා ගැනීමට තිබූ අපහසුතාව නිසාමය.

ඒ අයියා මේ කාන්තාවගේ වංහුන් ඇසුවේ ඇය පිළිබදව දැන ගැනීමටය. ‘යකෝ ඔය ගෑනි අර උඹේ අතිජාත අයියාගේ ගෑනී’ යයි කී විට අලු‍ත් හාදයාට රෑ තරු දහවල පෙනෙන්නට පටන් ගත්තේය. ‘ඕකුන් දෙන්නා හරිම විහිළුකාරයෝ. අලු‍තින් මෙහාට එන කාවහරි අන්දලා සතුටු වෙනවා. අරූ දැන් ඔයාගෙන් කී දවසක් මේ වැඩේට බොන්න ඇත්දැයි’ ඇසුවිට ‘හතර පස් සැරයක් විතර තමයි’ මේ ගැටයා කීවේය. ‘පුදුමයි අරකි ඔයාගෙන් මුකුත් නොකාපු එක’ යයි මේ අයියා කී විට ‘අනේ අයියා මේ ගැන කාටවත් කටේ බිම හෙළන්න එපා’ යයි කීවත් පරණ අයියාට මේ ගැන ආරංචිවී ඔහු කාර්යාලය පුරාම අලු‍ත් හාදයා ඇන්දූ හැටි කියමින් විනෝද වූයේ ගැටයාට කාර්යාල දිවියේ අලු‍ත් අත්දැකීමක් ලබාදෙමිනි.

 



අදහස් (1)

කන්තෝරුවේ අලුත් ගැටයාට අලුත් තාලේ ලණුවක් ගිල්වලා

දිමුත් Wednesday, 17 May 2023 10:01 AM

එහෙම තමයි. තරුණ වයසේදී ඔය වගේ දේවල් වලින් පාඩම් ඉගෙනගන්න ඕනෙ. එතකොට තමයි පරිණත වෙන්නේ.

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 675 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site