IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


කොත්තු බාස්ගෙ කටේ බීඩිය මුදලාලි ගැසූ පිටි ගුලියෙන් බඩ ඇතුළේ

බීඩියක් දල්වාගෙන ‘එළවළු රොටී පුච්චනවා’ යැයි පවසා වෙළෙඳසල් හිමියෙක් කොත්තු බාස්ගේ මුහුණට පිටි ගුලියකින් පහර දී ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පුවතක් කෑගල්ල ප්‍රදේශයේ හෝටලයකින් වාර්තා වෙයි.


වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.


කෑගල්ල නගරයේ හෝටලයක හිමිකරුවෙක් මීට වසරකට පමණ ඉහත දී ‘කොත්තු බාස් කෙනෙක් වහාම ඕනෑ’ යනුවෙන් පුවත්පතක දැන්වීමක් පලකර ගම්පහ ප්‍රදේශයේ 40 හැවිරිදි විවාහක කොත්තු බාස් කෙනෙක් සොයාගෙන තිබුණි. මෙම කොත්තු බාස්ට තුන් වේල කෑම දී දිනකට වෙළෙඳසල් හිමියා විසින් රුපියල් 3000ක මුදලක් ද ගෙවනු ලබයි. කොත්තු බාස් දිනකට දුම්වැටි 4ක් 5ක් දල්වන බව වාර්තා වෙයි. දුම්වැටි දැල්වීම සම්බන්ධයෙන් හෝටලයේ හිමිකරු දැනගෙන සිටියේ ද නැත.


දිනක් හෝටල් හිමිකරු සිය බිරිඳට හෝටලය රැක බලා ගන්නා ලෙස දන්වා හදිසි අවශ්‍යතාවකට කොළඹ ගියේය.


එදින කොත්තු බාස් කොත්තු සකසන අවස්ථාවේ දී බීඩියක් දල්වාගෙන සිටින අයුරු හෝටල් හිමිකරුවාගේ බිරිඳ දුටු බව සිය සැමියාට පැවසුවාය. පසුව එම අවස්ථාවේම හෝටල් හිමිකරු කොත්තු බාස් ගෙන්වා අවවාද කාට යළි කෑම හදන අවස්ථාවේ දී දුම්වැටි පාවිච්චි කළොත් රැකියාවෙන් දොට්ට දමන බවත් දුම්වැටියක් දැල්වීමට අවශ්‍ය නම් පිටුපසට ගොස් එය කරගන්නා ලෙස ද කීය. කොත්තු බාස් වරද පිළිගෙන හෝටල් හිමියාගෙන් සමාව ද අයැද යළි සේවය කරමින් සිටියේය. 


දින කිහිපයකට ඉහත දී පෙරවරුවේ හෝටලයේ හිමිකාර යුවළ අසල්වැසි නිවසක අවමංගල්‍යයකට ගියේ හෝටලයේ සේවකයෙකුට රැක බලා ගන්නා ලෙස දුරකතනයෙන් දුන් දැනුම් දීමකට අනුවය. පෙරවරු 10ට පමණ හෝටල් හිමිකාර යුවළ පැමිණෙන අවස්ථාවේ දී කොත්තු බාස් බීඩියක් කටේ රඳවාගෙන එළවළු රොටී පුච්චන අයුරු යළි දැක තිබුණි.


හෝටල් හිමිකරු යළි හෝටලයට පැමිණි අයුරු කොත්තු බාස් දැක නොතිබුණු අතර සෙමින් කොත්තු බාස් අසලට ගිය හෝටල් හිමිකරු කුඩාවට කඩා තිබූ පිටි ගුලියක් ගෙන මීටර් තුනක් පමණ ඈතින් සිට කොත්තු බාස්ගේ මුහුණට එල්ල කළේය. කොත්තු බාස්ගේ කටේ තිබුණු බීඩිය ද පිටි ගුලියත් එක්ක බඩට ගියෙන් කොත්තු බාස්ට කර කියා ගත හැකි දෙයක් නොවීය. 


කොත්තු බාස් සේවය අතහැර දමා යන්නට සූදානම් වුවද හෝටල් හිමිකරු යළි ඔහු රඳවාගෙන මේ වන විට සේවය කරන බව ද වාර්තා වේ. 

කෑගල්ල අධිකරණ 
චමින්ද වැවතැන්න

 



අදහස් (0)

කොත්තු බාස්ගෙ කටේ බීඩිය මුදලාලි ගැසූ පිටි ගුලියෙන් බඩ ඇතුළේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 171 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 53 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 743 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site