IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


සැප රියෙන් කොත්තු කන්න ඇවිත් කඬේ පිඟානට විදලා

(ඉබ්බාගමුව - සම්පත් සෙනෙවිරත්න)
ඉබ්බාගමුව, කුඹුක්වැව පිහිටි කුඩා අවන්හලකට පෙරේදා (21) සවස සුඛෝපභෝගී කාරයකින් පැමිණි හොඳින් හැඳ පැළඳගත් වැදගත් පෙනුමැති මහත්මයකු කොත්තුරොටී දෙකක් මිලට ගෙන අවන්හලේ තිබූ ඉතා වටිනා පැරණි පෝසිලේන් පිඟානක් ද සොරකම් කරගෙන පලා ගිය බව එහි හිමිකරු පවසයි.


ඉබ්බාගමුව, කුඹුක්වැව මංසන්ධිය අසලම ඇති පැරණි ආප්ප කඩයකි. මෑතක සිට කුඩා අවන්හලක් ලෙසින් කොත්තුරොටී, ෆ‍්‍රයිඞ් රයිස්, ඩෙවල්, පරාටා වැනි කෑම ද අලෙවි කරන අතර සැමදා සවස් භාගය වන විට සැලකිය යුතු ගනුදෙනුකරුවෝ පිරිසක් මෙහි පැමිණෙති. පෙරේදා (21) සවස මෙම කඩයට සුඛෝපභෝගී කාරයකින් පැමිණි වයස අවුරුදු 40ක පමණ වැදගත් පෙනුමැති මහත්මයෙක් එළවළු කොත්තුරොටී දෙකක් ඇණවුම් කර ඇත්තේ එකක් කෑමට හා අනෙක පාර්සල් යනුවෙනි.


අවන්හලේ හිමිකරු ද මොහු වැදගත් ගනුදෙනුකරුවකු බැවින් තම කඩයේ තිබූ කලාතුරකින් භාවිතයට ගන්නා පැරණි නමුත් වටිනාකමින් ඉතා ඉහළ අගනා පෝසිලේන් පිඟානකට කොත්තුරොටිය බෙදා අනෙක පාර්සල් කර දුන් විට ඔහු මුදල් ද ගෙවා පිඟානෙහි ඇති කොත්තුරොටිය අනුභව කරන බව අඟවමින් සෙමෙන් කාරය අසලට ගිය බවත් තමා මදක් කාර්යබහුල වූ සැණෙන් මොහු පිඟාන ද රැුගෙන කාරයෙහි නැගී ඉගිලී ගිය බවත් පවසන ආපනශාලා හිමිකරු කොත්තුරොටී දෙකෙහිම මිලට වඩා සොරකම් කළ පැරණි පෝසිලේන් පිඟානෙහි වටිනාකම වැඩි බව ද වැඩිදුරටත් කියයි.



අදහස් (0)

සැප රියෙන් කොත්තු කන්න ඇවිත් කඬේ පිඟානට විදලා

බුද්ධික Thursday, 25 September 2014 05:56 AM

මුදලාලිට සීසීටීවී කැමරාත් ගන්න වෙයි, ඉතිරි පිඟන් ටික රැකගන්න. (අ)

:       0       0

තමරා Thursday, 25 September 2014 06:02 AM

සැප රියවලින් එන අය තමයි වැඩියෙන්ම ඔවැනි කැත වැඩ කරන්නේ..(අ)

:       0       0

තිස්ස Monday, 29 September 2014 04:28 AM

මුදලාලිට කොන්දක් නැහැ (දී)

:       0       0

කුමාරි Monday, 22 September 2014 06:50 PM

අපි වගේ ගම් වල ඉන්න අහිංසක මිනිස්සු මේ වගේ කපටින්ට අහුවෙනවා.දැන් ඉතින් මුදලාලි මහත්තයෝ සීසීටීවී කැමරාත් ගන්න වෙයි, ඉතිරි පිඟන් ටික රැකගන්න. (නි)

:       0       0

චමින්ද Monday, 22 September 2014 08:03 PM

වැදගත් පෙනුමැති සැම,වැදගත් යැයි නොසිතන්න. (නි)

:       0       0

රුවන් Monday, 22 September 2014 08:24 PM

දැන් හොරු,මංකොල්ලකාරයින්,කුඩු මුදලාලිලා කොහොමත් එන්නේ සැප වාහන වලින් තමා. (නි)

:       0       0

ලකී දොඩන්ගොඩ Thursday, 25 September 2014 07:05 AM

බුදු බන අනුව කෙනෙකුගේ පෙනුම අනුව ඔහු ගැන තක්සේරු කිරීම සැලකිම නොවටිනා දෙයක් , කඩේ කන කෑම විකුණන කෑම සෑම දෙනාටම එකසේ සැපයුවා නම් , විශේෂයක් නොකර , මෙම පාඩුව සිදුවන්නේ නැහැ , මේවා හොඳ පාඩම් (දී)

:       0       0

රෙජි-සිඩ්නි Tuesday, 23 September 2014 12:27 AM

වැදගත් මහත්වරුන්ට වැදගත් විදිහට සළකන්න ගියාම අන්තිමට වෙන්නේ ඔය දේ තමා. තියෙන දේත් නැතිකර ගන්නවා. (නි)

:       0       0

සමන්ති Tuesday, 23 September 2014 12:49 AM

කතාවෙන් හෝ සිනාවෙන් මනින්නට බෑ මිනිසා (නදී)

:       0       0

මහේෂ මුතුකුඩ Wednesday, 24 September 2014 12:32 PM

මුදලාලිට හොඳ වැඩේ. හැම ගනුදෙනු කරුවෙකුටම එකවගේ සැලකුවනන් ප්‍රශ්නයක් නෑ. වැදගත් මහත්තය වැඩේ දුන්න. (දී)

:       0       0

ආශා Thursday, 25 September 2014 11:49 AM

ඒ කට්ටිය කොත්තු කනවද (දී)

:       0       0

සරත් පර්ත් Thursday, 25 September 2014 03:20 AM

ලොකු අයට කොන්ද නමන කාටකාටත් හොඳ පාඩමක් (දී)

:       0       0

සශිමල් Tuesday, 23 September 2014 09:35 AM

වාහනයේ නොම්බරේ බලාගෙන 119 ට දැනුම් දෙන්නනේ තිබුනේ.(දිල්)

:       0       0

අසෝකා Tuesday, 23 September 2014 11:01 AM

ඒ කියන්නේ මුදලාලිත් කඩේට එන අයට සලකන්නේ තරාතිරම අනුව නම් එහෙම උනාට කමක් නැහැ. නම ගම නොදැම්මට පත්තරේ දැක්කම හිතෙන් විඳවන තරම තමයි දිට්ට ධම්ම වේදනීය කියන්නේ! එතකොට පිගාන ගෙනිහින් දෙන්න හිතෙයි. (ස)

:       0       0

ලලිත් Tuesday, 23 September 2014 04:28 AM

මගේ කඩේට මේ ලඟදි ආව ෆයිල් ටිකක් සහ පොත් කීපයක් අරගත්ත නෝනා කෙනෙක්. ඇවිත් සන්ලයිට් කුඩ පැකට් එකක් ඉල්ලන ගමන් හිමින් සැරේ එතන තිබුන බැටරි දෙකකුත් බෑග් එකට දාගත්ත. මම ගැන කීවහම, මම ගත්තේ සන්ලයිට් කුඩ පැකට් එකක් විතරයි කිව්වා. මම ඇහුව එතකොට ගත්ත බැටරි කෝ කියල. මොන බැටරිද කියල වේගයෙන් දිව්වා. (නදී)

:       0       0

ගමගේ Thursday, 25 September 2014 02:19 PM

එයාට අපි වැදගත් හොරෙක් කියමු (දී)

:       0       0

දර්ශන Thursday, 25 September 2014 08:10 AM

සමානාත්මක තාවය නැති උනාම මෙහෙම වෙනවා (දී)

:       0       0

අයේෂා Thursday, 25 September 2014 08:10 AM

ලොකු ලොකු මිනිස්සුන්ටත් පොඩි මිනිස්සුන්ගේ ආහාර කන්න ඕන වෙනවා නේද (දී)

:       0       0

සේනක Thursday, 25 September 2014 08:10 AM

කවුරු නමුත් නියම වැඩක් තමයි කරලා තියෙන්නේ (දී)

:       0       0

නිසාර් Tuesday, 23 September 2014 06:42 AM

මම දන්නා එක කඩයකට මවක් එක්ක පොඩි ළමයෙක් ගියා. පොඩි ළමයා යමක් ගෙන සාක්කුවට දාගත්තා. හිමිකරු පොඩි එකා පරික්ෂා කළා. ලැජ්ජාවට පත් මව ළමයාට මුදලාලි කරදර කළා කියලා ප්‍රසිද්ධ කරලා මිනිස්සු ලවා කඩයට ගිනි තිබ්බා. (නි)

:       0       0

සාගර Wednesday, 24 September 2014 04:58 AM

සල්ලි වැඩි වෙලා (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 29248 30


’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18221 35

රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 11535 7

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 715 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 213 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 863 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site