IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


කෑම නානවාට ප්‍රින්සිපල්​ගෙන් අමුතුම පාඩමක්

කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත


පන්ති කාමරයේ ඉදුල් හල හලා කෑකෝ ගසමින් කෑම කෑ සිසු, සිසුවියන්ට විදුහල්පතිවරයා දුන් අපූරු දඬුවමක් පාසල පුරාම විදුලි වේගයෙන් ප්‍රචාරයවූ පුවතක් දකුණු පළාතේ පාසලකින් අසන්නට ලැබේ.
ශීත කළ විදුහල්පති කාමරයේ නොසිට මේ විදුහල්පතිවරයා ලැබෙන සෑම අවස්ථාවකම පන්ති නිරීක්ෂණයට ගියේය. එදා ගියේ විවේක කාලයේදීය. එසේ යන අතරේදී එක පන්තියක ළමෝ කෑකෝ ගසමින් තමන් ගෙනා බත් පතවල් ලිහාගෙන කෑවේ පන්ති කාමරයේද ඉඳුල් හල හලාය. මේ පන්තියට විදුහල්පතිවරයාගේ අවධානය යොමුවිය.
හෙමිහිට එම පන්ති කාමරයට කිට්ටු කළ විදුහල්පතිවරයා එහි ළමයි කෑම ගන්නා අපිළිවෙළ නිරීක්ෂණය කළේය. ඒ සමගම එතනින් ඉවත්වූ  ඔහු කාටදෝ සිය ජංගම දුරකතනයෙන් ඇමතුමක් ලබා දුන්නේය. ඒ එක්කම විදුහල්පතිවරයා පන්තියට කඩා වැදුණේය. ළමයින් කලබලවූයේ හෙමින් නම් නොවේ.
කෑ ගසා කෑම කෑ තමන්ට විදුහල්පතිවරයා වේවැලෙන් හොඳ පාරවල් දෙක තුනක් දෙතැයි සිසුවෝ සිතූහ. එහෙත් සිදුවූයේ අනෙකකි. හා හා පුතලා කලබල වෙන්න එපා.ඔය ලිහා ගත්ත කෑම ටික ආයෙත් ගැට ගහගන්න කෝ යයි විදුහල්පතිවරයා කීවේ මනා සංයමයකින්ය.
හා පුතාලා ඔතා ගත්ත කෑම අරගෙන මාත් එක්ක එන්නකෝ විදුහල්පතිවරයා එයින් පසු කීය. සිසුන් සිතුවේ විදුහල්පති කාමරය ඉදිරිපිටදී ඔතාගත් කෑම පාර්සල් හැමෝටම පෙනෙන ලෙස ඔළුවේ තියාගෙන ඉන්නට වේ යැයි කියාය.
විදුහල්පති ඔවුන් කාමරයට රැගෙන යනවිට එම කාමරයේ අමුත්තන්ට සංග්‍රහ කරන කෑම මේසය සූදානම්ය. සිසුන් ගණනට පිගාන බැගින් හා වතුර වීදුරුව බැගින් තබා තිබුණේය.
හා දැන් පුතාලා මේ මේසයේ වාඩිවෙලා කෑමටික කන්නකෝ යයි විදුහල්පතිවරයා කීවිට සිසුවෝ කෑම මේසයේ වාඩිවී කෑම කන්න පටන් ගත්හ. ඔවුන්ට එය නුහුරු අත්දැකීමක් වීයෙන් ගුරුවර ගුරුවරියන් කීපදෙනකු ද ඔවුන් අසලට ආවේ උදව්වටය.
මේකයි පුතා කෑම කනකොට කෑ ගගහා ඉදුල් හල හලා කන්න හොඳ නැහැ මෙහෙමයි කෑම කන්නේ යයි විදුහල්පතිවරයා සිසුන්ට පැවසුවේ පාසල් පොතක පතක නැති පාඩමක් උගන්වමිනි.

 



අදහස් (3)

කෑම නානවාට ප්‍රින්සිපල්​ගෙන් අමුතුම පාඩමක්

himal Wednesday, 31 May 2023 02:49 PM

පන්තියක සාමාන්‍යයෙන් ළමයි 30ක් විතර ඉන්නවා නම් ළමයි එච්චරකට එකවර කන්න තරමේ බොජුන් හලක් මේ පුවතේ කියන විදිහට විදුහල්පති අමුත්තන් සඳහා කියමින් පාවිච්චි කරනවා. අනෙක ඇයි මේ ශීත කාමරයක් කියන්නේ? ෆෑන් දාගෙන ඉන්න බැරිද?

:       24       6

City Wednesday, 31 May 2023 06:41 PM

විවේචනයක් නොකර අගය කළයුතු හොඳ වැඩකි...

:       2       21

නිරංග Thursday, 01 June 2023 08:26 AM

හැම දෙකම වැරදි දකින්න පුරුදුවෙලා ඉන්න මිනිස්සු තව කොච්චර ඇත්ද මේ රටේ. හඳ පෙන්නනකොට ඇඟිල්ලෙන් අඩුපාඩු දකිනවා.

:       1       14

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 45 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 715 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site