IMG-LOGO

2025 ඔක්තෝබර් මස 23 වන බ්‍රහස්පතින්දා


හුළං කවුළුව දන්නවැයි කී බාස් ෆෑන් ලයිට් එක අඳුරගෙන

(දුනගහ බටේපොල විජයසිරි)

අලූතෙන් නිවෙසක් ඉදිකරමින් සිටිය දී මේසන්බාස්ලා දින කීපයකට වෙනත් වැඩකට යාමට සූදානම් වූහ.

ගෙහිමියා එයට අකමැති විය. ‘‘බාස් උන්නැහෙලා වැඬේ ටිකක් එකලාසයක් කරලාවත් ගියා නම් හොදනේ’’ පැවැසීය. ‘‘එකලාසයක් කරනවා කීවේ කොහොමද?’’ බාස් උන්නැහේ ඇසීය. ‘‘බාස් උන්නැහේ අඩු තරමින් පිටිපස්සේ හුළං කවුළුව හයි කරලවත් යන්නකෝ’’ ගෙහිමියා කීය. ‘‘හුළං කවුළුව... ඒ මොකක්ද?’’ බාස් උන්නැහේ විමසීය.’’

‘‘ඇයි අනේ අර නාන කාමරේට එහයින් හුළං කවුළුව’’ ඒක සවි කරමු. ‘‘හුළං කවුළුව’’ ප‍්‍රධාන මේසන් බාස් යළි විමසීමක් කළේය.

‘‘ඔව්... ඕයි පෑන්ලයිට් එක’’ ‘‘පෑන්ලයිට් එකද? හරි හරි හයි කරල දෙන්නම්. ඉංගිරිස් නැතුව අන්න එහෙම සිංහලෙන් කියන්නකෝ’’ ප‍්‍රධාන බාස් උන්නැහේ ගෙහිමියාට කීය.



අදහස් (0)

හුළං කවුළුව දන්නවැයි කී බාස් ෆෑන් ලයිට් එක අඳුරගෙන

කුමුදිනි වත්සලා Tuesday, 02 December 2014 08:12 AM

අපේ අධ්‍යාපනය කාපු තරම තමයි ඔය (නදී)

:       0       0

විල්බට් Friday, 28 November 2014 03:52 AM

මේක තමයි දියුනුව කියන්නේ (නදී)

:       0       0

දුම්මලසූරිය Friday, 28 November 2014 08:26 AM

අපේ බස මැරීම ගැන රටේ සෑම පුද්ගලයෙක්ම ලොකු පොඩි වශයෙන් වගකියන්න ඕනෑ (නි)

:       0       0

බේබි Saturday, 29 November 2014 06:11 PM

මන් අපේ මමිටත් ඩැඩාටත් ඔය ටිකම කිව්වා. කියන දේ අහන්නෙම නෑ නෝටි මමී ඩැඩා (ස)

:       0       0

නලීන් Monday, 01 December 2014 04:35 AM

දිලීප , කසුන් කී දේ යළිත් කියවන්න. මේවා තමයි අද පත්තරවල දාන්න ඕනෑ. ලංකාදීපය මේවා පළකරන්නේ නිකන් හිනාවෙන්න නොවෙයි. මේ කතා ඇතුළේ තියෙන්නේ සිංහල අපේ කඳුළු බින්දු. (නි)

:       0       0

ධනංජය Saturday, 29 November 2014 06:56 AM

ඔව් මෙන්න පත්තරෙත් දාලා (නදී)

:       0       0

දිලීප Friday, 28 November 2014 08:53 PM

ඕකත් පත්තරේ දාන්න ඕනද? (ස)

:       0       0

අශෝක Friday, 28 November 2014 08:53 PM

කොහොමත් තව වසර 30 ක් 40 ක් යනකොට සිංහල කතා කරන්න පුළුවන් කෙනෙක්ව හොයන්න වෙන්නේ පිටරටකින් තමයි. (නි)

:       0       0

නිසාර් Sunday, 30 November 2014 07:19 AM

ට්‍රිප් සුවිච්, මේන් සුවිච්, අර්ත් වයර්, ප්ලග්, ග්‍රයින්ඩර්, ඇන්ටනා, හීටර් වගේ දේවලුත් බාස් උන්නැහේට ගෙහිමියාගෙන් අහගන්න තිබුණා. (නි)

:       0       0

කසුන් ධර්මවංශ Saturday, 29 November 2014 09:34 AM

තමන්ගේ රටේ තමන්ගේ මව් භාෂාව අදුරන්නේ නැති මිනිස්සු...මේකට අපේ රටේ අධ්‍යාපන ක්‍රමයත් වග කියන්න ඕන...ඒ වගේම සිංහල මිනිසුන් තුල තිබෙන ආකල්ප තුල පවා වෙනසක් සිදු කරන්න ඕන...ඉංග්‍රීසි ඉගෙනීම වටිනවා.. නමුත් හැමදේටම පෙර තමන්ගේ මව් භාෂාව හරියට ඉගෙන ගත යුතු වෙනවා. (හේ)

:       0       0

උදාරත් Friday, 28 November 2014 10:44 AM

ගෙයක් හදන්න විදින වදයක්. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1288 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1233 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 448 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site