IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


හෙළුවැලි නැටුමට වහ වැටුණු කොන්දොස්තර මගීන්ට ගෝරනාඩු කරලා

(තලාතුඔය - ටී.එච්. සරත්)
බසය දෙල්තොට නගරයෙන් ගමන් ආරම්භ කරනවිට එහි අසුන් ගෙන සිටියේ ඉතා සුළු පිරිසකි. කිලෝමීටර දෙකක පමණ දුරක් බසය ධාවනය වුවද කොන්දොස්තරවරයාට  ප්‍රවේශපත් නිකුත් කිරීමේ වුවමනාවක් නොවීය. මගීන් මුදල් අතැතිව බලා සිටියත් ඔහුට ඒ පිළිබඳව කිසිදු තැකීමක් නොවීය. 


රියැදුරු අසුනට සමීපව රියැදුරු හා  කතාබස් කරමින් පැමිණි ඔහු වරෙක දුරකථනය ගෙන ඊළඟට පැමිණීමට නියමිත බසයේ රියැදුරුට උපදෙස් දෙයි. තවත් වරෙක ඉදිරියෙන් ධාවනය වන බස් රථ ගැන විමසනු ඇසේ.


මද වේලාවකින් ඔහු කඩිමුඩියේ ප්‍රවේශපත් නිකුත් කරන්නට විය. බසයේ සිටි මඟීන් සියල්ලන්ටම විනාඩි දහයක් යන්නට මත්තෙන් ප්‍රවේශපත් නිකුත් කළ ඔහු යළිත් රියැදුරු සමග මොනවාදෝ මිමුනුවේය. බසය ධාවනය කරමින්ම රියැදුරු අතින් සංඥාවක් කළේ රියැදුරු අසුන අසල ඇති පෙට්ටියක් පෙන්වමිනි. පෙට්ටිය තුළින් ඔහු එළියට ගත්තේ සී.ඩී. තැටියකි. එය වීඩියෝ යන්ත්‍රයට ඇතුල් කළ ඔහු  බසයේ වූ රූපවාහිනී යන්ත්‍රය මැනවින් පෙනෙන ස්ථානයක හරි බරි ගැසී වාඩි වූයේ බසයේ සිටි පිරිස සීමිත වූ බැවිනි.


රූපවාහිනි තිරයේ සංගීත සාජ්ජයකි. අඩ නිරුවත් ගැහැනු ගීතයට අනුරූපීව නැතත් ඉවක් බවක් නැතිව ඇඟ සොලවමින් නටති. කොන්දොස්තරවරයා  එක එල්ලේ එදෙස බලා ගෙන සිටී.
බසයට තැන තැන දී මගීහු ගොඩවූහ. බසයේ ආසන සියල්ල පිරී ගියේය. අවසානයේ කොන්දොස්තරවරයාට ආසනයෙන් නැඟිටින්නට සිදුවිය. දැන් බස් රථයේ හිටගෙන ගමන් කරන සංඛ්‍යාව හත් අට දෙනෙකි. මළ ගෙදරක් ආසන්නයේ බසය නැවතිණි. එතැනින් ද බසයට තවත් හත් අට දෙනෙක් නැගගත්හ.


මෙතෙක් නිසොල්මනේ පැමිණි කොන්දොස්තරවරයා හිටගෙන යන මගීන්ට අමුතු නීතියක් දැම්මේය. 


“ඔය හිටගෙන යන අය එක පැත්තකට වෙන්න.  දකුණු පැත්තට වෙලා සීට් එක අල්ලගන්න. දකුණු පැත්තට වෙලා අල්ලගන්න. තව ඉන්නවා බස් එකේ යන්න. දකුණට වෙලා සීට් අල්ලගන්න....”  මෙලෙස දිගින් දිගටම ඔහුගේ ගෝරනාඩුව ඇසෙන්නට වූයේ මගීන් ඔහුගේ ගෝරනාඩුව තඹයකට මායිම් නොකිරීම නිසාය.


බසයේ පසුපසට වන්නට අසුන් ගෙන සිටියේ විශ්‍රාමික ගුරුමහතෙකි. ඔහු සියල්ල බලා සිට එකවරම නැගීසිටියේය, කොන්දොස්තරවරයා දෙස බලා ”නවත්තගන්නවා තමුසෙගේ ගෝරනාඩුව. හෙලුවැලි නැටුම් බලන්න ඕන නම් ගෙදර ගිහින් බලනවා. බස් එක කියන්නේ පොදු දෙයක්. මිනිස්සුන්ට නීති දමන්න එපා”යි මහ හඬින් කීවේය.


  කොන්දොස්තරවරයාට නැටුම් බලන්නට උවමනා වූ හෙයින් මගීන්ට එක පැත්තකට වන්නැයි ගෝරනාඩු කර ඇති බව  මගීන් බොහෝ දෙනෙකුට වැටහුනේ  එවිටය. එතැන් සිට මහනුවර නගරයට ළඟාවනතුරු කොන්දොස්තරවරයා ගෝරනාඩු කළේ නැත.

 



අදහස් (4)

හෙළුවැලි නැටුමට වහ වැටුණු කොන්දොස්තර මගීන්ට ගෝරනාඩු කරලා

analyzer Saturday, 29 September 2018 12:59 PM

දැන් එතකොට ඔය හෙළු නැ‍ටුම කියන එක එච්චර වෙලා මගීන් බලාගෙන ඉඳලා. ඒත් ඒකට කවුරුවත් මොකුත් කියලා නෑ. බස් එක දුරක් යනකම් වීඩියෝ මොකුත් නෑ. ඒත් කොන්දොස්තර ටිකට් කඩලත් නෑ. ඒකට මොකුත් කියලත් නෑ. එතකොට මේ වාර්තාකරුටද කොන්දොස්තර එක්ක අවුලක් තියෙන්නේ?

:       159       98

kapSunday, 30 September 2018 06:32 AM

මිනිස්සු විඩියෝ බලන්නෙ නෑ..ඈත්තටම මේ වගේ විගඩම් ඇතිවෙලා තියෙන්නෙ. කවුරුත් කතා කරන්නෙ නෑ..හෑමදේම ඔලුව නවාගෙන බාර ගන්නවා. ඈත්තට්ම මේ ගුරුතුමා විශිෂ්ට වැඩක් කරලා තියෙන්නෙ. ඔයා නේද කොන්දොස්තර?

:       251       453

analyzerSunday, 30 September 2018 09:01 AM

එතකොට තමුන් කාටද කඩේ යන්නේ? කොන්දොස්තර ටීවී එක ඕෆ් කරලා කියලා නෑනේ. ඒක එහෙමම තිබිලා. අනික කොන්දොස්තරලා බස් එකේ ටීවී නැති වුනත් හිටගෙන යන මගීන්ට එක් පැත්තකට වෙන්න කියනවා. මොකද එහෙම නැති වුනොත් සෙනඟ පටවන්න අමාරු හින්දා.

:       241       150

tommy Sunday, 30 September 2018 12:16 PM

මෙහෙම අය තමයි පහු කාලෙක කඳු උඩට නැගලා පස්ස පෙන්නන්ට යන්නේ. මෙවැනි අශෝබන වීඩියෝ පෙන්වන බස් හිමියන්ට දඩ ගැසිය යුතුයි.

:       0       257

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 709 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 556 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 451 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site