(කෑගල්ල අධිකරණ චමින්ද වැවතැන්න)
ගමේ හොරුන් පිරිසක් බිහි වී ඇති බවත් වටිනා රන් භාණ්ඩ ඔවුන්ගෙන් බේරා ගැනීමට නම් රන් බඩුත් රැගෙන රාත්‍රියට තම නිවසට පැමිණ නිදා ගන්නා ලෙසත් පැවසූ කතක එලෙස පැමිණි කාන්තාවකගේ රන් භාණ්ඩ තොගයක් සොරකම් කළ අපූරු පුවතක් කෑගල්ල පොලිසියෙන් පෙරේදා (22) වාර්තා විය.

මෙලෙස කෑගල්ල මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයට පැමිණිල්ලක් කර ඇත්තේ කෑගල්ල ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි කාන්තාවකි.
කෑගල්ල පොලිසියට පැමිණිල්ලක් කර ඇති කාන්තාව තනිවම නිවසේ පදිංචිව සිටින අතර ඇය දහවල් කාලයට දේවාලේගම ප්‍රදේශයේ නිවසක බිලිඳු දරුවෙකු රැක බලා ගනිමින් මසකට සුළු මුදලක් උපයා ගනියි. මෙම කාන්තාවගේ නිවස ආසන්නයේ තවත් සම වයසේ යුවළක් පදිංචිව සිටිති. මෙම කාන්තාව එම යුවළ සමග කලක සිට ඉතාමත් සමීප ඇසුරක් පවත්වාගෙන යන අතර දෙපාර්ශවයේම එකිනෙකාගේ දුක සැප ද බෙදාහදාගෙන ජීවත් වෙති. උයන පිහන වෑංජන ද කාන්තාවන් දෙදෙනා නිතර නිතර හුවමාරු කරගෙන ඇත.
කාත් කවුරුවත් නැති කාන්තාව ළඟ රන් වළලු_ දෙකයි, රන් මාල දෙකයි, රන් මුදු දෙකකුයි ඇති බව අසල්වැසි කාන්තාව කලක සිටම හොඳටම දැනගෙන සිටි අතර අල්ලපු නිවසේ කාන්තාව ද ගමනක් බිමනක් යන අවස්ථාවේ දී රන්බඩු ඉල්ලාගෙන පළඳාගෙන ද ගියේය.
මෙලෙස සිටිය දී අල්ලපු නිවසේ කාන්තාව ඉකුත් 16 දා ගමේ සොරුන් කාණ්ඩායමක් බිහිවී ඇති බවත් රන් භාණ්ඩ ටික ඔවුන් සොරාගෙන යාමට හැකි බවත් නිවසේ රාත්‍රියට තනිවම රැය පහන් නොකරන ලෙසත් කාන්තාවට දැන්වූවාය. රන් භාණ්ඩ ටික රැගෙන රාත්‍රියට තම නිවසට පැමිණ නිදාගන්නා ලෙස ද මෙම කාන්තාව අනෙක් කාන්තාවට පැවසුවාය. තනිවම සිටින කාන්තාව බියට පත්වී එදින රාත්‍රි රන් මාල දෙකත් රන් වළලු_ දෙකත් රන් මුදු දෙකත් කොලයක ඔතාගෙන තවත් කුඩා බෑගයකට දමාගෙන අල්ලපු නිවසට නිදා ගැනීමට ගියාය.
පසුව මෙම කාන්තාව හිසේ තිබූ වේදනාවකට වේදනා නාශක පෙති දෙකකුත් නිවසේ හිමිකාරියගෙන් ඉල්ලා පානය කළාය. නිවසේ හිමිකාරිය එකම ළඟ පැදුරු දෙකක් එලා නිදා ගැනීමට අවස්ථාව සැලසූ අතර රන් භාණ්ඩ හිමිකාරිය රන් භාණ්ඩ බෑගය කොට්ටයේ කොනක තබා නිදා ගන්නට විය.
පසුදා උදේ නැගිටගත් අසල්වැසි කාන්තාව රන් බෑගය අමතක වී නිවසින් පිටත්ව ගියාය. මදදුරක් යන අවස්ථාවේ දී ඇයට සිහියට ආවේ රන් භාණ්ඩ බහා තිබූ බෑගය පිළිබඳවය. හනික ආපසු හැරුණු කාන්තාව වහාම පෙර දින රැය පහන් කළ නිවසට පැමිණ රන් භාණ්ඩ බහා තිබූ බෑගය පිළිබඳ විමසීමක් කළාය. තමන්ට එවැනි බෑගයක් හමු නොවූ බව ඇය දැන් වූවාය.
පසුව රන් භාණ්ඩ හිමි කාන්තාවගේ හදවත ගිනියම් විය. ඇයට පිහිටට මතක් වූයේ පොලිසියය. සිද්ධිය කෑගල්ල මූලස්ථාන පොලිසියට පැමිණිලි කළාය. ඒ වනවිට සිද්ධිය සම්බන්ධ කාන්තාව විත්තිකාරිය කඩවත පදිංචි දරුවෙකුගේ නිවසට ගොස් තිබුණි. පසුව පොලිසිය විත්තිකාර කාන්තාවට පෙරේදා (22) කෑගල්ල මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයට පැමිණෙන ලෙස දන්වා තිබුණි. එහෙත් ඇය පොලිසියට පැමිණ තිබුණේ නැත. පැමිණිලිකාරිය ද ආපසු නිවස බලා යන්නට පෙර පොලිසිය ඇයට ප්‍රකාශ කළේ සැකකාරිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බවය.
2025 දෙසැම්බර් මස 04
694
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
හොරුන්ගෙන් රන් බඩු පරිස්සම් කරගන්න ගිහින් තරු පෙනිලා
ශංඛ Tuesday, 24 September 2019 07:48 AM
දිවි ගෙවනමුත් පණට පණසේ නෑ විශ්වාසේ .....
ක්‍රිශ් Tuesday, 24 September 2019 12:53 PM
රත්තරන් බඩු ටික හොරකම් කරගෙන දරුවාගේ ගෙදරට යන්න ඇත්තේ. හොරා කාපුවා හංගලා තියන්න වෙන්න ඇති.හිතේ කහටක් නැත්නම් පොලිසියට ඇවිල්ලා කරුණු දක්වන්න තිබුණනේ. තමා හිසට තම අතමයි සෙවණැල්ල කියලා අපි නම් ඉගෙන ගත්තේ බාලාංශයේ ඉගෙනගද්දිමයි.