IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


හතරගාතෙන් එනවාට බිරිදගෙන් යස පාඩමක්

වයඹ පළාතේ ගමකින් මෙම සිදුවීම වාර්තා විය. 
කුලී වැඩ ජීවිකාව කරගත් 67 හැවිරිදි ඔහු කරන්නේ කරත්ත රස්සාවය. 
සිය කරත්තය රැගෙන දවසේ කුලියක් මලියක් කරගන්නා මොහු උදේම නිවසින් පිටත් වී හැන්දෑවට නිවසට එන්නේ හතර ගාතයනි. 
 උදේ සිට රෑ වනතුරු කාගේ හෝ වැඩ කර අඩියක් ගැසීම ඔහුගේ පුරුද්දකි.  වැඩ කරන තැනින් හෝ ලැබෙන කසිප්පු බීමත් මුදලට හෝ රැගෙන බීමත් ඔහුගෙ දින චර්යාවයි. ඉන් පසු පියවි සිහියක් නැති ඔහු ගෙදර ආවේ කෙසේදැයි නොදනී. 
වෙරි වැටෙන ඔහු ඔසවා කරත්තයට දාන්නේ ඔහු සමග වැඩ කරන අයකි. ඉන් පසුව කරත්තය බැඳි ගොනා ඔහු නිවසටම රැගෙන එයි. 
නිවැරදිව පාරේ වම් පසින් එන ගොනා හතර ගාතෙ දමා කරත්තෙ ගෙන එන ඔහු  ගෙදරට පැමිණ කරත්තය සිටවා බලා සිටී. බිරිය  පැමිණ කරත්තෙන් ඇද සැමියා ගෙට ගනී.  ඉන්පසු බිරිය  සැමියාගෙ කමීස සාක්කුවට අත දමා මුදල් ඇතිද බලා නැති බව දැක මේ මනුස්සයා නම් හැදෙන්නේ නෑ අදත් සල්ලි ටික බීල ඉවර කරලා කියමින් දෙස් දෙවොල් තබමින් සිටී. 


මෙසේ හතර ගාතෙන් එන සැමියාට දිනපතා දෙහි කැපීම බිරියගේ පුරුද්දකි.  
දිනක් සැමියාගේ බීමතින් එන පුරුද්ද නවතා දැමීමට බිරිය උපායක් කල්පනා කළාය. සැමියා ගෙදර ආවට පසු බිරිඳ කරත්තයෙන් ගොනා ලෙහා මඩුවේ ගැට ගසා කරත්තයේ ‘‘කඩ ඇණය”‍ ගලවා දැමුවාය. 
පසු දින කිසිවක් නොදත් ඔහු වැඩට යාමට ගොනා ගෙනැවිත් කරත්තයේ බැන්දේය. 
ඉන් පසු කරත්තයට නැගුණු ඔහු හා...... යමන් පුතා කියා ගොනාට තට්ටුවක් දමනවාත් එක්ක ගොනා ඉදිරියට ගියේය. දඩස් ගා කරත්ත රෝදය ගලවා ගෙන ඔහු බිමට පතිත විය. ඔහු මරළතෝනි දෙන්නට විය. 
ඔහුගේ උරපත්ත බිඳී මාස දෙකක් තෙල් බඳින්නට වූයේ බිරියටය.  
ඉන් පසු ඔහු හතර ගාතෙන් ගෙදර ආවේ නැතිලු‍.

 නැදලගමුව - ආර්.ඒ. ප්‍රියංකා රූපසිංහ



අදහස් (0)

හතරගාතෙන් එනවාට බිරිදගෙන් යස පාඩමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 716 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 559 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 452 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site