සාමාන්‍ය උසස් වීමක් ලබා වෙනත් ආයතනයක සේවයට වාර්තා කළ රජයේ සේවකයකු අදාළ තනතුරින් හිස උදුම්මාගෙන විධායක නිලධාරීන් හා සමව කටයුතු කරන්නට ගොස් එම ආයතනයේම පහළ සේවකයන්ගේ සමච්චලයට ලක් වූ බව කියැවෙන පුවතකි’
සිද්ධිය මෙසේය.
ඔහු රජයේ සාමාන්‍ය රැකියාවක නිරතව සිටින්නෙකි. පසුගිය දා ඔහුට රැකියාවේ යම් උසස් වීමක් ලැබිණි. ඔහුට පැවරී තිබුණේ තමාගේම ශ්‍රේණියේ කනිෂ්ඨ නිලධාරීන් පිළිබඳ සොයා බලා ඔවුන්ගේ පරිපාලන කටයුතු සම්බන්ධීකරණය කිරීමය.
උසස්වීමක් ලද පසු වත්මන් සේවා ස්ථානයෙන් වෙනත් සේවා ස්ථානයකට මාරුකර යැවීම රජයේ සාමාන්‍ය ක්‍රියා පටිපාටිය අනුව ඔහුට සේවය කළ ආයතනයෙන් බැහැර වෙනත් සේවා ස්ථානයක රැකියාවට වාර්තා කිරීමට සිදු විය.
ඔහුට පෙර එම තනතුර දැරූ නිලධාරියාගේ කාමරයම ඔහුගේ තනතුරට ගැළපෙන පරිදි සූදානම් කර තිබිණි. මේසයක් පුටුවක් ආදි අවම මූලික පහසුකම් ද ඔහුට ලැබිණි.
නව තනතුරින් ඒ වන විටත් හිස උදුම්මාගෙන සිටි ඔහුට සිය මේසය මත යම් කිසි අඩුවක් ඇතැයි හැඟුනි.
ආයතනයේ විධායක නිලධාරින්ගේ මේසය මත ඇති සේවකයන් කැඳවන සීනුවක් තම මේසය මත නැති බව ඔහුට පෙනුනි.
ඒ පිළිබඳ ඔහු කාර්යාල කාර්ය සහයකයකුගෙන් විමසීමේ දී ඔහු කියා සිටියේ ‘‘කලින් හිටිය මහත්තයා නම් එහෙම එකක් පාවිච්චි කළේ නැහැ’’ යනුවෙනි. නෑ නෑ එහෙම එකක් තිබෙන්න ඕනි’’ යැයි පැවසූ හෙතෙම පසුදා සේවයට පැමිණෙන විට ඔහුගේ මුදලින්ම සීනුවක් රැගෙන විත් මේසය මත තැබුවේ රාජකාරි කිරීමට නම් එය අත්‍යවශ්‍ය අංගයක් බව එහි සිටි කීපදෙනෙකුටම පවසමිනි.
දවස ඇරඹී හෝරාවක් දෙකක් ගත වෙද්දී විටින් විට ඔහු සීනුව නාද කරමින් පහළ සේවකයන් කැඳවන්නට වූවේ එය ආයතනයේ සෙසු නිලධාරීන්ට ද හිරිහැරයක් වන පරිද්දෙනි.
ඔහුගේ සීනු නාදයට මුලින් මුලින් සේවකයන් කීප දෙනකු ඔහුගේ කාමරය තුළට ගියද පසුව ඔවුන් එය අත්හැර දැම්මේ එය මහත් කරදරයක් බව පවසමිනි. දිනක් දෙකක් සීනු නාදය ඉවසූ එහි සිටි කටකාර සේවකයකු කියා සිටියේ ‘මහත්තයා, සීනුව ගහන්න අයිති ලොකු සර්ට විතරයි. ඔයා සීනුව ගහද්දී නම් අපි එන්නේ නෑ. ඔයාට ඕන නම් ඇවිල්ලා වැඩ කරගන්න. කලින් මහත්තයත් කළේ එහෙමයි’’ යනුවෙනි.
ඒ වන විටත් ඔහුගේ මෙම සීනු සෙල්ලම ආයතනයේ සෙසු සේවකයන්ගේ ද ඉහළ නිලධාරීන්ගේ ද කතා බහට ලක්වී ඇති බව ඔහුට ද කනින් කොනින් ආරංචි වී තිබිණි. හෙමින් සීරුවේ ඔහු සීනුව සිය ගමන් මල්ලේ ඔබාගෙන ඇත්තේ තව දුරටත් සීනුව නාද කළහොත් ආයතනය තුළ තමුන්ට අත්වන ඉරණම ගැන ඉවෙන් මෙන් අවබෝධ වූ හෙයිනි.
වියලුව වාර්තාකරු
වෙසක් දන්සල මුවාවෙන් සිය නිවසේ පොල් ප්‍රශ්නය මාසයක් දෙකක් ආවරණය කර ගැනීමට ගොස් කළ සොරකම නිරාවරණය වී අලි අමාරුවක වැටුණු දන්සල් සංවිධායකයකු පිළිබද කතා
අධික තෘෂ්ණාව නිසා නොමිලයේ දෙන සිල් රෙදි කට්ටලය අහිමි කරගත් කතාවක් ගාලු දිසාවේ ගමකින් අසන්නට ලැබේ.
වෙසක් උත්සවය නිමිත්තෙන් මරණයට කැපවූ ගවයකුට අභයදානය දීමට මුදල් ආධාර එකතු කිරීමට ගිය උපාසක මහතකු යාබද නිවසකට රිංගා කාන්තාවක සමග අනගරැඟුම් පාමින් සිටිය
වැඩිහිටි කතකට ‘ආච්චි‘ යැයි පැවසීම නිසා ත්‍රීරෝද රථයකින් ගෙන ගිය අපේක්ෂකයාගේ පක්ෂයට ඡන්දය නොදී වෙනත් පක්ෂයකට ඡන්දය දීම නිසා හොඳ පරිප්පුවක් කෑමේ පුවත
වටේ පිටේ අය තමන් ගොඩ එ්මට නොහැකි අයුරින් අන්දා ඇති බව දැනගත් මෙවර ප්‍රාදේශීය සභා මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයකුට යක්ෂාවේශ වී කළ අපූරු ක්‍රියාවක් පි
පළාත් පාලන ඡන්ද සමයේ මනාපය ඉල්ලා ගෙන් ගෙට ගිය අපේක්ෂිකාවක් තම පරණ පෙම්වතෙකුගේ නිවසට ගොස් සිදු වූ අකරතැබ්බයක් පිළිබඳව දකුණේ පිටිසරබද ගමකින් පසුගියදා
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
සීනු සෙල්ලමෙන් අලි අමාරුවක