(කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත)
කොරෝනා සහන මලු දෙකක් වංචාවෙන් ගැනීමට ගිය පුද්ගලයකුගේ පටි රෝල්වී ඔහුට පාරේ බැස යාමට නොහැකිව නිවෙසටම කොටුවූ අපූරු පුවතක් දකුණෙන් වාර්තාවේ.
කොරෝනාවෙන් පීඩාවට පත්ව තෝරාගත් පිරිසකට නගරයේ ආයතනයකින් බඩු මලු බෙදාදුන්නේය. ඔහුත් මේ සඳහා සුදුසුකම් ලබා ගත්තේය. එම බඩු මල්ල ගැනීමට ඔහු ගියේ සිය මුනුපුරකු සමගය. තමාට පෝලිමේ සිටීමට අසීරු යැයි කියමින් බඩු මලු ලබාගැනීමේ පෝලිමට ඔහු මුනුපුරා යොමු කළේය. ඒ තමාගේ නම කියූවිට බඩු මල්ල ලබාගැනීමට මුනුපුරාට උපදෙස් දෙමිනි.
ඒ අනුව වාරය පැමිණි මුනුපුරා සීයා වෙනුවෙන් සහනාධාර බඩු මල්ල ලබාගත්තේය. සීයා ඔහු සිය නිවෙසට පිටත් කර හැරියේ තමාට නගරයේ වැඩක් කරගැනීමට තිබෙනවා යැයි කියමිනි. මුනුපුරා සීයාගේ නිවසට ගියේය. පසුව සීයා බඩු මලු ලබාගැනීමේ පෝලිමට ගියේය.
ඔහුගේ වාරය පැමිණියේය. බඩු මල්ල ගෙන ගොස් ඇති බව සංවිධායකයෝ පැවසූහ. ඔහු හඬා වැළපුණේ එතන සිටි අයද අනුකම්පා කරවමිනි. සංවිධායකයන්ට ද කරකියා ගත හැකි දෙයක් නොවීය. ඒ එම ආයතනයෙන් වෙන් කර තිබුණේ බඩු මලු සීමිත බඩුමලු ගණනක් නිසාය. මේ කතාව බඩු මලු පෝලිමේ අය අතර පැතිර ගියේ විදුලි වේගයෙනි.
පෝලිමේ සිටි ඔහු තරමක් දන්නා අයකුටද මේ ආරංචිය ලැබුණේ ඔහුගේ කරුමයටය. ඔහු සිය මුනුපුරා සමග බඩු මලු ගැනීමට පැමිණි බවත් ඔහු වෙනුවට මුනුපුරා පෝලිමට යොමු කළ බවත් අර තැනැත්තා දුටුවේය. මේ වංචාව පිළිබඳව ඔහු සංවිධායකයන්ගේ කණේ තිබ්බේ එය අනුමත නොකළ බැවින් හා දුකේදී පිහිටවන අයට කරන මේ වංචාව නොඉවසූ බැවිනි.
සංවිධායකයන්ට කාරණය අවබෝධ විය. ඔවුන් ඒ සම්බන්ධයෙන් ඔහුගෙන් විමසූවිට අඬ අඬා සිටි ඔහු ලැජ්ජාවෙන් ඇඹරෙන්නට විය. ඔහු කළ වංචාව බඩු මලු පෝලිමේ සිටි අයගේ කණටද වැටිණි. ඔහු කිරීමට ගිය වංචාව පිළිබඳව සංවිධායකයන් හොඳටම දෙහි කැපුවේය. පෝලිමේ සිටි අයගේ හූ හඬ මධ්‍යයේ ඔහු එතැනින් ඉවත්වී ගියේය. ඔහු පදිංචි ගමේද මේ ගැන රාවය පැතිර ගියේ නිවසේ සිටි අයගේ දෙස් දෙවොල් ඔහු වෙත යොමුවෙමින් සිටියදීය. මේ නිසා ඔහු සිය නිවසේ රැඳී සිටිනුයේ ස්වයං නිරෝධායනයට යොමුවූ අයකු මෙනි.
2025 දෙසැම්බර් මස 04
709
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
556
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
451
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සහන මලු ගන්න ගිහින් ගමෙත් ඉන්න බැරිවෙලා