IMG-LOGO

2025 ඔක්තෝබර් මස 22 වන බදාදා


සේල් පොළෙන් සෙරෙප්පු කුට්ටමක් ඉස්සූ යුවළ මාට්ටු

තොග අවසන් කිරීමේ වසර අවසාන පාවහන් සේල් පොළකට පාවහන් නොපැළඳිව පැමිණි තරුණ යුවළක් එහි සේවකයන්ගේ ඇස් වසා අලූත් පාවහන් පයලාගෙන යද්දී කැමරාවකට හසුවී පැමිණි ලෙසම ආපසු යාමට සිදුවූ පුවතක් කොළඹට ආසන්න ප‍්‍රදේශයකින් අසන්නට ලැබුණි.

පාවහන් සේල් පොළේ වෙන තැන්වලට වඩා මිල අඩුවෙන් පාවහන් අලෙවි කරන බවට ලැබුණු ආරංචියට විශාල පිරිසක් එතනට එක්රොක් වෙමින් සිටියහ. ගැනුම්කරුවන් හැසිරවීමට සේවක සේවිකාවෝ ද තැන තැන සිටියහ.

පාවහන් මිලට ගැනීමට පැමිණි අය අතරේ සිටි තරුණ යුවළක් පැමිණ තිබුණේ පයට කිසිවක් නැතිවය. ඔවුන් තමන්ට ගැලපෙන පාවහන් තෝරාගෙන ඒවා කිසිවකුටත් නොපෙනෙන ලෙස පැළඳගෙන ඇත. කිසිදු කලබලයක් නොමැතිව එතනින් පිටව යන ඔවුන් දෙදෙනා දුටු සේවකයින් ඇයි හොඳ ඒවා නැද්ද යැයි විමසා ඇත. අපේ කකුල්වලට ගැළපෙන ඒවා කෝ මෙතන නෑනේ කියා පිටවීමට තිබුණ ගේට්ටුවක් ළඟට ගොස් ඇත. එවිට එහි කැමරාවක් නිරීක්ෂණය කරමින් සිටි සේවකයෙක් කඩිනමින් පැමිණ ඔය දෙන්නා නවත්තල පරික්ෂා කරන්න යැයි කියූ නිසා සේවකයෙක් ඔවුන්ගෙන් ඒ ගැන ප‍්‍රශ්න කිරීමට පටන්ගත් විට දැන්නම් වැඬේ වැරදුනා තමයි සිතූ ඔවුන් සොරකම් කළ පාවහන් ගලවා ලැජ්ජාවෙන් පිටවී ඇත්තේ ආපයින්ම මතක හිටින අවවාද ඇසීමෙන් පසුවලූ.



අදහස් (0)

සේල් පොළෙන් සෙරෙප්පු කුට්ටමක් ඉස්සූ යුවළ මාට්ටු

දිසානායක Tuesday, 24 December 2013 02:23 PM

මේ කැනඩාවේ නම් පොලිසියට අල්ලලා දෙනවා.(නදී)

:       0       0

අසෝකා Tuesday, 24 December 2013 04:07 PM

සෙරෙප්පු කුට්ටමක් මිලදී ගන්න වත් කමක් නැති අය කොච්චර ලංකාවේ ඉන්නවද? ඔය නත්තල් සමරන්න වියදම් කරන මුදල් වලින් එක රුපියල් 1000/ක් ඒ පවුල් වලට දෙන්න කීයෙන් කීදෙනෙක් හිතනවද?(නදී)

:       0       0

චන්දි අලුත්වල Wednesday, 25 December 2013 12:53 PM

බිදක් මට අවසර එසැනට එබී බලන්ට ඔබ සැමට ප්‍රීතිමත් නත්තලක් පතමි සාමය සතුට සම්පත උදාවේවා ලංකාවාසී සැමටත්,ලෝකවාසී සියලු දෙනාටත්,සුබම සුබ නත්තලක් වේවා! (නදී)

:       0       0

කුමාරි Tuesday, 24 December 2013 06:22 PM

හොරුන්ගෙත් හොරු කම්බා හොරු කිව්වලු.(නදී)

:       0       0

ෂපීක් Tuesday, 24 December 2013 06:55 PM

පව් ඔයතරම් දෙයක් කරන්න ඇත්තේ දුප්පත් කමට වෙන්න ඇති. (නදී)

:       0       0

සුමංගල -ඇල්පිටිය Thursday, 26 December 2013 12:18 PM

ඒ ගොල්ලෝ ඇඳුම් ගන්න යනකොට කොහොමද දන්නේ නෑ යන්නේ? (නදී)

:       0       0

‍සේනක Tuesday, 24 December 2013 07:49 PM

රටේ ඉහළ ඉදලා තියෙන දේ‍.(නදී)

:       0       0

සිරි අයියා Tuesday, 24 December 2013 09:17 PM

මේ ජෝඩුවට පිස්සු. සෙරෙප්පු ඕනෙ නම් යන්න තිබුනෙ ලොකු ප්‍රසිද්ධ පන්සලකටනෙ. (නදී)

:       0       0

ශ්‍යාමලී Tuesday, 24 December 2013 12:34 PM

වරදට දඩුවම් දෙන්න ඕනේ.(නදී)

:       0       0

කුමාරිහාමි Tuesday, 24 December 2013 02:07 PM

ගුටි නොකා ගිය එක ලොකු දෙයක්. හැබැයි මොනවා වුනත් නියමෙට ගැලපෙන ජෝඩුවක්. පොරොන්දම් 20ම ගැලපෙනවා ඇති. මව්පියන්ගේ දස්කම් ඇති දරුවෙක් ලැබේවා කියා පතමි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1222 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1200 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 439 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site